මුරටැඹ - පාඩම් කලාපය 2017 ඔක්තෝබර් 

2017 නොවැම්බර් 27–දෙසැම්බර් 24 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

ජීවිත කතාව

දෙවි අපෙන් ඉල්ලන දේ කරද්දී ආශීර්වාදවලින් අඩුවක් නෑ

1952දී ඔලිව් මැතිව්ස් සහ එයාගේ සැමියා දකුණු අයර්ලන්තයේ පුරෝගාමි සේවය කරන්න ඉදිරිපත් වුණා. යෙහෝවා දෙවි එයාලට ආශීර්වාද කළේ කොහොමද?

“ක්‍රියාවෙන් හා අවංකකමින් ප්‍රේමය පෙන්වමු”

අපි පෙන්නන්නේ කුහකකමක් ගෑවිලාවත් නැති අවංක ආදරයක් කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

“මා ආවේ කඩුවක් දීමට මිස සාමය දීමට නොවෙයි”

යේසුස් “කඩුවක්” දෙන්න ආවා කියද්දී අදහස් කළේ මොකක්ද? ඒක ඔයාට බලපාන්නේ කොහොමද?

අරිමාතිය නම් නුවරේ උපන් යෝසෙප්

කවුද මේ මිනිසා? එයාට යේසුස් එක්ක තිබුණේ මොන වගේ බැඳීමක්ද? එයා ගැන සඳහන් තොරතුරු ගැන අපි උනන්දු වෙන්න ඕනෙ ඇයි?

සෙකරියා දැකපු දර්ශන අපිට වැදගත් ඇයි?

සුළඟේ පාවෙන ලියවිල්ලක්, භාජනයක ඉන්න ස්ත්‍රියක්, පියාපත් තිබුණ ස්ත්‍රීන් දෙන්නෙක්. දෙවි සෙකරියාට ඒ දර්ශන දුන්නේ ඇයි?

අපිට රැකවරණය දෙන අශ්ව රථ සහ ඔටුන්න

තඹ කඳු, අශ්ව රථ, උත්තම පූජකයෙක්ව රජ විදිහට පත් කරයි. සෙකරියාගේ අවසන් දර්ශනය අද ඉන්න දෙවිගේ සෙනඟට ශක්තියක් වෙන්නේ කොහොමද?

කරුණාවන්ත ක්‍රියාවක් ගිය දුරක්

එක කරුණාවන්ත ක්‍රියාවක් නිසා සත්‍යයට විරුද්ධ වුණ කෙනෙක් බයිබලේ තියෙන දේවල් ගැන හොයන්න පෙලඹුණේ කොහොමද?

ඔබ දැන සිටියාද?

දිවුරුම් දෙන එක යේසුස් හෙළාදැක්කේ යුදෙව්වන් මොකක් කරන්න පුරුදු වෙලා හිටිපු නිසාද?