Skip to content

පටුනට යන්න

මුරටැඹ 2018 අංක 2 | අනාගතය ගැන දැනගන්න පුළුවන්ද?

අනාගතය ගැන දැනගන්න පුළුවන්ද?

ඔයාගෙත් ඔයාගේ පවුලේ අයගෙත් අනාගතය මොන වගේ එකක් වෙයිද කියලා ඔයා කල්පනා කරලා තියෙනවාද? බයිබලයේ මෙහෙම කියනවා.

“ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29.

යෙහෝවා දෙවියන් මිනිසුන් වෙනුවෙන් අනාගතයේදී කරන්න යන්නේ මොනවාද කියලත් ඒ දේවල් ලබාගන්න ඔයා කරන්න ඕනෙ මොනවාද කියලත් මේ ‘මුරටැඹ’ සඟරාවේ කතා කරනවා.

 

අනාගතය ගැන විමසුමක්

මිනිසුන් අනාගතය ගැන පළ කරන සමහර අනාවැකි හරි ගිහින් තිබුණත් තවත් ඒවා ඒ අහලකින්වත් ගිහිල්ලා නැහැ.

ජ්‍යෝතිශයෙන් සහ සාස්තර බැලීමෙන් අනාගතය ගැන දැනගන්න පුළුවන්ද?

අනාගතය ගැන දැනගන්න පාවිච්චි කරන මේ වගේ ක්‍රම විශ්වාස කරන්න පුළුවන්ද?

අකුරටම ඉටු වුණ අනාවැකි!

බයිබලයේ සඳහන් අනාවැකි අකුරක් නෑර ඒ විදිහටම ඉටු වෙලා තියෙනවා.

නිහඬ සාක්ෂියක්!

බයිබල් අනාවැකිවල නිවැරදිභාවය තහවුරු කරන ස්මාරකයක් රෝමයේ තියෙනවා.

ළඟදීම ඉටු වෙන පොරොන්දු!

බයිබලයේ සඳහන් ගොඩක් අනාවැකි දැනටමත් ඉටු වෙලා අවසන්. ඒ නිසා අනාගතය ගැන බයිබලයේ තියෙන පොරොන්දු ඒ විදිහටම ඉටු වෙනවා කියලා කිසිම සැකයක් නැහැ.

මේ පොළොවේ සදහටම ජීවත් වෙන්න ඔයාටත් පුළුවන්

දෙවියන් මේ පොළොවත් මිනිසුන්වත් නිර්මාණය කළේ ඇයි කියලා බයිබලයේ සඳහන් වෙනවා.

තීරණය ඔයාගේ අතේ!

සමහරු විශ්වාස කරන්නේ ජීවිතේ හැම දෙයක්ම වෙන්නේදෛවයට අනුව කියලා. ඒත් ඒක ඇත්තක්ද?

“නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය”

අසාධාරණකම්, දුෂ්ටකම් නැති කාලයක් ළඟදීම එනවා කියලා බයිබලයේ කියනවා.