මුරටැඹ - පාඩම් කලාපය 2019 නොවැම්බර් 

2019 දෙසැම්බර් 30–2020 පෙබරවාරි 2 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

අවසානය එන්න කලින් මිතුදම් තව ශක්තිමත් කරගන්න

යෙරුසලමේ විනාශයට කලින් සිද්ධ වුණ අමාරු දේවලට හොඳින් මුහුණ දෙන්න යෙරෙමියාට එයාගේ යාළුවෝ උදව් වුණා. යෙරෙමියාගෙන් අපි හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්.

දෙවියන්ගේ බලය අපිට උදව් කරන්නේ කොහොමද?

ප්‍රශ්න දරාගන්න අපිට උදව් කරන්න දෙවියන්ගේ බලයට පුළුවන්. දෙවියන්ගේ බලය අපි තුළ උපරිමයෙන්ම ක්‍රියාත්මක වෙන්න නම් අපි කරන්න ඕනෙ දේවල් 4ක් තියෙනවා.

ඔයාගේ විශාල පලිහ හොඳ තත්වයේ තියෙනවාද?

අපේ විශ්වාසයත් හරියට පලිහක් වගේ අපිව ආරක්ෂා කරනවා. විශ්වාසය නමැති විශාල පලිහ දිගටම හොඳ තත්වයේ තියාගන්න අපිට කරන්න පුළුවන් මොනවාද?

ලෙවී කතාව පොතෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම්

ලෙවී කතාව පොතේ තියෙන්නේ යෙහෝවා දෙවියන් අතීතයේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීති. ක්‍රිස්තියානීන් වන අපි ඒ නීති පිළිපදින්න අවශ්‍ය නැතත් ඒ නීතිවලින් අදටත් ඉගෙනගන්න දේවල් තියෙනවා.

ආරම්භ කළ කාර්යය අවසන් කරන්න

අපි හොඳ තීරණ ගත්තත් ඒවාට එකඟව වැඩ කරන එක අභියෝගයක් වෙන්න පුළුවන්. ගත්ත තීරණයකට එකඟව වැඩ කරන්න උදව් වෙන දේවල් බලන්න.

ඔබ දැන සිටියාද?

අතීතයේදී නිවස භාර සේවකයාට තිබුණ වැඩ කොටස මොකක්ද?