මුරටැඹ - පාඩම් කලාපය 2020 මාර්තු 

2020 මැයි 4-31 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

යෙහෝවා දෙවියන් ගැන තියෙන ආදරේ, අගය බව්තීස්ම වෙන්න ඔයාව පොලඹවයි

යෙහෝවා දෙවියන් ගැන තියෙන ආදරේ බව්තීස්ම වෙන්න ඔයාව පොලඹවයි. ඒත් ඒ තීරණය ගන්න කෙනෙක් අදිමදි කරන්න පුළුවන් ඇයි?

බව්තීස්ම වෙන්න ඔයා සූදානම්ද?

මේ ලිපියේ සඳහන් ප්‍රශ්නවලට ඔයා දෙන උත්තර තීරණයක් ගන්න ඔයාට උදව් වෙයි.

ජීවිත කතාව

“අපි යන්න කැමතියි. අපිව යවන්න!”

පූර්ණකාලීන සේවය පටන්ගන්නත් අලුත් පැවරුම් හම්බ වුණාම ඒවාට අනුව හැඩගැහෙන්නත් උදව් වුණේ මොනවාද කියලා ජැක් සහ මරිලින් විස්තර කරනවා.

කතා කරන්න සුදුසු අවස්ථාවන් මොනවාද?

කතා කරන්න ඕනෙ කොයි අවස්ථාවේදීද නිහඬව ඉන්න ඕනෙ කොයි අවස්ථාවේදීද කියලා තේරුම්ගන්න උදව් වෙන බයිබලේ සඳහන් උදාහරණ බලන්න.

සහෝදර සහෝදරියන්ට නොසැලෙන ආදරයක් පෙන්නන්න

සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනගන්න පුළුවන් වෙන්නේ එයාලා එකිනෙකාට පෙන්නන ආදරෙන් කියලා යේසුස් කිව්වා. සාමය ඇති කරගන්න, හැමෝටම එක විදිහට සලකන්න සහ ආගන්තුක සත්කාරය පෙන්නන්න අපේ සහෝදර සහෝදරියන් ගැන අපිට තියෙන ආදරේ අපිව පොලඹවන්නේ කොහොමද?

ඔබ දැන සිටියාද?

ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේ වහලුන් වෙලා හිටියා කියන්න බයිබලේ සඳහන් වාර්තාවලට අමතරව තියෙන වෙනත් සාක්ෂි මොනවාද?

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යුදෙව් දේවමාලිගාවේ හිටපු ආරක්ෂක භටයන්ගේ වගකීම් මොනවාද?