Skip to content

පටුනට යන්න

හරිම ළඟයි

හරිම ළඟයි
  1. 1. කුරුලු නද ඇසේවි

    අහසේ දකී වලා

    රස විඳිමින් පියනඟද්දී

    බැබළේ පැහැබර අහසේ හිරු

    පිළිගනියි හිතවතුන්

    අදහාගනු බැරි

    ඔව් පාරාදීසය

    දැන් නම් හරිම ළඟයි

  2. 2. නිවසක් ඇත තැනිතලාවේ

    තවෙකක් වේ කඳු මුදුනේ

    ගලනා ජල දහරා

    සොඳුරුයි හරිම ලස්සනයි

    ගොයම් පැසීලා කුඹුරේ

    සාරයි අස්වැන්න නම්

    එය වේ අපේ ලෝකේ

    දැන් නම් හරිම ළඟයි

    (අතුරුපදය)

    කියමු අපි මිතුරන්ට

    බලන් සිටිනා ඒ කාලේ

    කඳුළු නෑ වේදනා නෑ

    නව ලොවක් ජීවිත අලුත්

  3. 3. නඟයි ප්‍රීතිමත් ඝෝෂා

    සුවඳයි සැම තැන

    මිතුදම් බොහෝ සේ වේවි

    දවසක් අලුතින් උදා වේ

    ස්තුතියි දෙවි යෙහෝවා

    හරි ආදරෙයි ඔහු

    ඔව් ආශීර්වාද ඒ

    දැන් නම් හරිම ළඟයි

    (අතුරුපදය)

    කියමු හිතමිතුරන්ට

    ආසයි ඔබ දකින්ට

    වැලඳගන් මුළු හදින්

    මගේ සතුට වේ එය

  4. 4. දකිමු ළඟදී

    ආශා වූ ඒ නව ලොව

    පොරොන්දු යෙහෝවාගේ

    විශ්වාසයි ඒ දේ සහතිකයි

    ඉටු වන විට සිතූ දේ

    හිතාගන්නවත් බෑ

    පැතූ ඒ උතුම් දිනේ

    දැන් නම් හරිම ළඟයි