බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු

මේ පොත සකස් කරලා තියෙන්නේ ඇයි අපි දුක් විඳින්නේ, මිය ගිය අය කොහේද, ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරන්නේ කොහොමද වගේ විවිධ ප්‍රශ්න ඇතුළු තව විෂයන් බොහොමයකට බයිබලයේ දීලා තියෙන උත්තර ලබා දෙන්නයි.

ඇයි මේ දේවල් සිදු වන්නේ?

අද මේ තරම් ප්‍රශ්න තියෙන්න හේතුව දැනගත්තොත් ඔයා පුදුම වෙයි. අනාගතයේදී හොඳ කාලයක් එනවා කියලත් ඔයාටත් ඒ කාලයේ ජීවත් වෙන්න පුළුවන් කියලත් බයිබලයේ තියෙනවා. ඔයා ඒ ගැන දැනගන්න කැමතිද?

1වෙනි පරිච්ඡේදය

සැබෑ දෙවි මොන වගේ කෙනෙක්ද?

දෙවියන් ඔයා ගැන සැලකිලිමත් වෙනවා කියලා ඔයා හිතනවද? දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලත් ඔහුගේ මිතුරෙක් වෙන්න ඔයාට කරන්න පුළුවන් මොනවද කියලත් දැනගන්න.

2වෙනි පරිච්ඡේදය

බයිබලය දෙවිගෙන් ලැබුණු පොතක්

ඔයාගේ ප්‍රශ්නවලට බයිබලයෙන් මඟ පෙන්වීම් හොයාගන්න පුළුවන් කොහොමද? බයිබලයේ තියෙන අනාවැකි ඇත්තද?

3වෙනි පරිච්ඡේදය

මිනිස් වර්ගයා සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?

පොළොව සඳහා දෙවියන්ගේ අරමුණ කවදා හරි ඉටු වෙයිද? ඒ කවදාද?

4වෙනි පරිච්ඡේදය

යේසුස් ක්‍රිස්තුස් කවුද?

යේසුස් පොරොන්දු වුණ ගැලවුම්කරු වෙන්නේ කොහොමද කියලත් ඔහු ආවේ කොහේ ඉඳන්ද කියලත් යේසුස්ට යෙහෝවා දෙවිගේ එකම පුතා කියලා කියන්නේ ඇයි කියලත් දැනගන්න.

5වෙනි පරිච්ඡේදය

දෙවි මිනිසුන්ට දුන් වටිනාම තෑග්ග

යේසුස්ගේ ජීවිත පූජාවෙන් ඔයාට ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?

6වෙනි පරිච්ඡේදය

මිය ගිය අය කොහේද?

මිනිසුන් මැරෙන්නේ ඇයි කියලත් මැරුණට පස්සේ මොනවද වෙන්නේ කියලත් බයිබලයේ තියෙන දේ දැනගන්න.

7වෙනි පරිච්ඡේදය

මිය ගොස් සිටින අය ගැන අපට බලාපොරොත්තුවක්

ඔයාගේ පවුලේ කෙනෙක් මිය ගිහින් තියෙනවද? එයාව ආපහු දකින්න ලැබෙයිද? නැවත නැඟිටීම ගැන බයිබලයේ කියන්නේ මොනවද කියලා දැනගන්න.

8වෙනි පරිච්ඡේදය

දේවරාජ්‍යය යනු කුමක්ද?

හුඟක් අය ස්වාමීන්ගේ යාච්ඤාව දන්නවා. “ඔබගේ රාජ්‍යය පැමිණේවා” කියලා යාච්ඤා කරන එකෙන් අදහස් කරන්නේ මොකද්ද?

9වෙනි පරිච්ඡේදය

අප ජීවත් වන්නේ ‘අවසාන කාලයේද?’

අපි ජීවත් වෙන්නේ බයිබලයේ සඳහන් වෙන අවසාන කාලයේ කියලා ඔප්පු වෙන ලකුණු මොනවද කියලා දැනගන්න.

10වෙනි පරිච්ඡේදය

දේවදූතයන් හා භූතයන් ගැන ඔබ දැනගත යුතු දේ

දේවදූතයන් සහ භූතයන් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඇත්තටම එහෙම අය ඉන්නවද? අපේ ජීවිතවලට බලපෑම් කරන්න ඔවුන්ට පුළුවන්ද?

11වෙනි පරිච්ඡේදය

දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?

දුක් වේදනාවලට වග කියන්න ඕනෙ දෙවියන් කියලා හුඟක් අය හිතනවා. ඒත් ඔයා මොනවද හිතන්නේ? දුක් වේදනාවලට හේතුව ගැන දෙවියන් කියන දේ දැනගන්න කැමතිද?

12වෙනි පරිච්ඡේදය

දෙවිව සතුටු කරන අයුරින් ජීවත් වන්න

දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන එක කරන්න බැරි දෙයක් නෙවෙයි. එහෙම කළොත් දෙවියන්ගේ මිතුරෙක් වෙන්න පුළුවන්.

13වෙනි පරිච්ඡේදය

ජීවිතය අනර්ඝ දෙයක් ලෙස සලකන්න

ගබ්සාව, රුධිරය ශරීරගත කිරීම සහ සතුන්ගේ ජීවිත දෙවියන් සලකන්නේ කොහොමද?

14වෙනි පරිච්ඡේදය

ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරමු

යේසුස් පෙන්වපු ආදරය ස්වාමිපුරුෂයන්ට, භාර්යාවන්ට, දෙමව්පියන්ට සහ දරුවන්ට ආදර්ශයට ගන්න පුළුවන්. අපිට යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද?

15වෙනි පරිච්ඡේදය

දෙවි පිළිගන්නා නමස්කාරය

සැබෑ ආගම හඳුනගන්න උදව් වෙන ලක්ෂණ හයක් ගැන දැනගන්න.

16වෙනි පරිච්ඡේදය

සැබෑ දෙවිට ඔබ පක්ෂව සිටින බව පැහැදිලිව ඔප්පු කරන්න

ඔයාගේ විශ්වාසයන් ගැන අනිත් අයට කියද්දී ඔයාට මොන වගේ අභියෝගවලට මුහුණ දෙන්න වෙයිද? ඒ අයගේ හිත රිද්දන්නේ නැතුව ඒක කරන්න පුළුවන් කොහොමද?

17වෙනි පරිච්ඡේදය

යාච්ඤාවෙන් දෙවිට ළං වන්න

අපේ යාච්ඤාවලට දෙවියන් ඇහුම්කන් දෙනවද? ඒ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න නම් යාච්ඤාව ගැන බයිබලයේ කියන දේ ඔයා දැනගන්න ඕනේ.

18වෙනි පරිච්ඡේදය

බව්තීස්මය - ඔබ ගත යුතු අත්‍යවශ්‍ය පියවරක්

බව්තීස්ම වෙන්න අවශ්‍ය කරන සුදුසුකම් මොනවද? බව්තීස්මයෙන් සංකේතවත් කරන්නේ මොකක්ද කියලත් බව්තීස්ම කරන්නේ කොහොමද කියලත් දැනගන්න.

19වෙනි පරිච්ඡේදය

සැමදා දෙවිගේ ප්‍රේමය ලබාගන්න

දෙවියන් අපි වෙනුවෙන් කරලා තියෙන හැම දෙයක් වෙනුවෙන්ම අපේ අගය පෙන්වන්න පුළුවන් කොහොමද?

උපග්‍රන්ථය

දෙවිගේ නාමය

හුඟක් බයිබල් පරිවර්තනවලින් දෙවියන්ගේ නම අයින් කරලා තියෙනවා. ඒ ඇයි? දෙවියන්ගේ නම භාවිත කරන එක වැදගත්ද?

උපග්‍රන්ථය

ගැලවුම්කරු ගැන දානියෙල් පැවසූ දේ

පොරොන්දු වුණ ගැලවුම්කරු පැමිණෙන කාලය ගැන අවුරුදු 500කටත් කලින් දෙවියන් දැනුම් දීලා තිබුණා. ඉටු වුණ ඒ අනාවැකි ගැන සොයා බලන්න.

උපග්‍රන්ථය

පොරොන්දු වූ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්

පොරොන්දු වුණ ගැලවුම්කරු ගැන සඳහන් හැම අනාවැකියක්ම යේසුස් තුළින් ඉටු වුණා. ඒ කොහොමද කියලා ඔයාගේ බයිබලයෙන්ම දැනගන්න.

උපග්‍රන්ථය

පියා, පුත්‍රයා හා ශුද්ධාත්මය පිළිබඳ සත්‍යය

ත්‍රිත්වය කියන ඉගැන්වීම බයිබලයට එකඟයි කියලා හුඟක් අය හිතනවා. ඒත් දෙවියන් ත්‍රිත්වයක් කියලා බයිබලයේ උගන්වනවද?

උපග්‍රන්ථය

සැබෑ ක්‍රිස්තියානීන් නමස්කාරයේදී කුරුසය භාවිත නොකරන්නේ ඇයි?

යේසුස් මිය ගියේ කුරුසයකද? ඒ ප්‍රශ්නයට පිළිතුර බයිබලයෙන්ම දැනගන්න.

උපග්‍රන්ථය

දෙවිව ගෞරවයට පත් කරන සැමරීමක් - ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය

යේසුස්ගේ මරණය සිහි කරන්න කියලා ක්‍රිස්තියානීන්ට ආඥාවක් දීලා තියෙනවා. ඒක කරන්න ඕනෙ කොහොමද? කවදද?

උපග්‍රන්ථය

මිනිසුන් තුළ ආත්මයක් තිබේද?

මරණයේදී ආත්මයක් ශරීරයෙන් පිට වෙනවා කියලත් ඒක අමරණීය දෙයක් කියලත් හුඟක් අය විශ්වාස කරනවා. ඒත් බයිබලයේ ඒ ගැන කියන්නේ මොකද්ද?

උපග්‍රන්ථය

ෂෙයෝලය හා හේදීසය

සමහර බයිබල් පරිවර්තනවල ෂෙයෝලය සහ හේදීසය කියන වචන වෙනුවට “පාතාලය” සහ “පාතාල ලෝකය” කියන වචන පාවිච්චි කරලා තිබෙනවා. ඒත් ෂෙයෝලය හා හේදීසය යන වචනවලින් ඇත්තටම අදහස් කරන්නේ මොකද්ද?

උපග්‍රන්ථය

විනිශ්චය දවස යනු කුමක්ද?

දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අයට විනිශ්චය දවස තුළ ලැබෙන ආශීර්වාද ගැන දැනගන්න.

උපග්‍රන්ථය

සුවිශේෂී වසරක් වන 1914

1914 සුවිශේෂී වසරක් වෙනවා කියලා කියන්න බයිබලයේ තිබුණ සාක්ෂි මොනවද?

උපග්‍රන්ථය

මිකායෙල් යනු කවුද?

මේ බලවත් දේවදූතයා ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඔහු ගැනත් ඔහු දැන් කරමින් ඉන්නේ මොනවද කියලත් දැනගන්න.

උපග්‍රන්ථය

“මහ බැබිලෝනිය,” එය කුමක්ද?

“මහ බැබිලෝනිය” කියලා හඳුන්වන ස්ත්‍රියක් ගැන බයිබලයේ එළිදරව් පොතේ සඳහන් වෙනවා. ඒ ස්ත්‍රිය කවුද? ඇය ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවද?

උපග්‍රන්ථය

යේසුස් ඉපදුණේ දෙසැම්බර් මාසයේද?

යේසුස් ඉපදුණ කාලයේ තිබුණ දේශගුණය ගැන කල්පනා කරලා බලන්න. ඒකෙන් අපිට දැනගන්න පුළුවන් මොකද්ද?

උපග්‍රන්ථය

අප ආගමික උත්සව හා විශේෂ දිනයන් සැමරිය යුතුද?

ඔබ ජීවත් වෙන ප්‍රදේශයේ සමරන ජනප්‍රිය උත්සවවල ආරම්භය ගැන ඔබ දන්නවද? ඒ ගැන දැනගැනීමෙන් ඔබ පුදුම වෙයි.