මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්

බයිබලයේ වාර්තා වී ඇති යේසුස්ගේ ජීවිතයට අදාළ හැම සිද්ධියක් ගැනම මේ පොතෙන් දැනගන්න.

හැඳින්වීම

මාර්ගය, සත්‍යය සහ ජීවනය

යේසුස්ගේ ඉගැන්වීම් සහ ඔහු කළ ක්‍රියා ගැන බයිබලයේ සඳහන් තොරතුරු අධ්‍යයනය කිරීමෙන් ඔබට ඔබේ ජීවිතය වෙනස් කරගත හැකියි.

1වෙනි පරිච්ඡේදය

දෙවිගෙන් ලැබුණු පණිවිඩ දෙකක්

ගාබ්‍රියෙල් දේවදූතයා විශ්වාස කරන්න අමාරු පණිවිඩ දෙකක් දැනුම් දුන්නා.

2වෙනි පරිච්ඡේදය

ඉපදෙන්නත් කලින් යේසුස්ට ගෞරවය ලැබෙයි

එලිසබෙත් සහ ඇගේ කුසේ සිටි දරුවා යේසුස්ට ගෞරව කළේ කොහොමද?

3වෙනි පරිච්ඡේදය

මාර්ගය සූදානම් කරන්නා ඉපදෙයි

සෙකරියාට ආපහු කතා කරන්න පුළුවන් වුණු ගමන්ම ඔහු වැදගත් අනාවැකියක් කිව්වා.

4වෙනි පරිච්ඡේදය

අවිවාහකව සිටිද්දී ගැබ්ගත් මරියා

මරියා ගැබ්ගත්තේ දෙවිගේ බලයෙන් මිසක් වෙන පුරුෂයෙක් එක්ක සම්බන්ධ වෙලා නෙවෙයි කියලා කිව්වාම යෝසෙප් ඒක විශ්වාස කළාද?

5වෙනි පරිච්ඡේදය

යේසුස් උපත ලබයි

යේසුස් ඉපදුණේ දෙසැම්බර් 25වෙනිදා නෙවෙයි කියලා අපි දන්නේ කොහොමද?

6වෙනි පරිච්ඡේදය

පොරොන්දු වුණු දරුවා

යෝසෙප් සහ මරියා පුංචි යේසුස්ව දේවමාලිගාවට ගෙනාවාම ඊශ්‍රායෙලයේ මහලු පුද්ගලයන් දෙන්නෙක් යේසුස් ගැන අනාවැකි කියයි.

7වෙනි පරිච්ඡේදය

ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් යේසුස්ව බලන්න පැමිණෙයි

ඔවුන් දැකපු තාරකාව යේසුස් හිටිය තැනට මුලින්ම මඟ පෙන්වන්නේ නැතුව හෙරොද් රජු ළඟට යන්න ඒ අයට මඟ පෙන්නුවේ ඇයි?

8වෙනි පරිච්ඡේදය

දුෂ්ට පාලකයෙක්ගෙන් ගැලවෙයි

යේසුස්ගේ ජීවිතයේ මුල් කාලයේදී බයිබල් අනාවැකි තුනක් ඉටු වෙයි.

9වෙනි පරිච්ඡේදය

යේසුස් නාසරෙත්වල හැදී වැඩෙයි

යේසුස්ට සහෝදර සහෝදරියන් කීදෙනෙක් ඉන්න ඇද්ද?

10වෙනි පරිච්ඡේදය

යේසුස්ගේ පවුලේ අය යෙරුසලමට යයි

යේසුස්ව හොයාගන්න බැරි වෙද්දී යෝසෙප් සහ මරියා හුඟක් බය වුණා. තමන් ඉන්න තැන දෙමාපියන් තේරුම්ගත්තේ නැති එක ගැන යේසුස් පුදුම වුණා.

11වෙනි පරිච්ඡේදය

යොහන් බව්තීස්ත මාර්ගය සූදානම් කරයි

පරිසිවරුන් සහ සද්දුසිවරුන් යොහන් ළඟට ආවාම ඔහු ඔවුන්ගේ වැරදි හෙළි කරනවා. ඒ ඇයි?

12වෙනි පරිච්ඡේදය

යේසුස් බව්තීස්ම වෙයි

යේසුස් කිසිම පාපයක් නොකළත් ඔහු බව්තීස්ම වුණේ ඇයි?

13වෙනි පරිච්ඡේදය

වරදට පොලඹවන්න හැදුවත් යේසුස් ස්ථිරව සිටියි

යේසුස්ට ගෙනාපු වැරදි පෙලඹවීම්වලින් යක්ෂයා ගැන වැදගත් කරුණු දෙකක් හෙළි වෙනවා.

14වෙනි පරිච්ඡේදය

යේසුස්ගේ මුල්ම ගෝලයන්

යේසුස් ඇත්තටම මෙසියස් කියලා පිළිගන්න යේසුස්ගේ මුල් ගෝලයන් හයදෙනාට උදව් වුණේ මොනවාද?

15වෙනි පරිච්ඡේදය

යේසුස් පළමු ආශ්චර්යය කරයි

තමන් දැන් වැඩ කරන්නේ ස්වර්ගයේ සිටින පියාණන්ගේ මඟ පෙන්වීමට අනුව මිසක් මව කැමති විදිහට නෙවෙයි කියලා යේසුස් මරියාට පැහැදිලි කළා.

16වෙනි පරිච්ඡේදය

සැබෑ නමස්කාරය සඳහා යේසුස්ට ඇති ළැදියාව

පූජා කරන්න යෙරුසලමෙන් සතුන්ව මිල දී ගන්න දෙවිගේ නීතියෙන් අවසර තිබුණා. ඒත් යේසුස්ට දේවමාලිගාවේ හිටිය වෙළෙන්දන් ගැන කෝපයක් ඇති වුණේ ඇයි?

17වෙනි පරිච්ඡේදය

යේසුස් රාත්‍රියේදී නිකදේමස්ට උගන්වයි

“අලුත් උපතක්” ලැබීම කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

18වෙනි පරිච්ඡේදය

යොහන්ගේ ගණන අඩු වෙයි යේසුස්ගේ ගණන වැඩි වෙයි

යොහන්ට යේසුස් ගැන ඊර්ෂ්‍යාවක් දැනුණේ නැතත් ඔහුගේ ගෝලයන්ට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා.

19වෙනි පරිච්ඡේදය

සමරිතානු ස්ත්‍රියකට උගන්වයි

පෙනෙන විදිහට යේසුස් කාටවත් කියලා තිබුණේ නැති දෙයක් ගැන ඇයට පැවසුවා.

20වෙනි පරිච්ඡේදය

කානා නුවරේදී යේසුස් කරන දෙවෙනි ආශ්චර්යය

කිලෝමීටර් 26ක විතර දුරකින් හිටිය දරුවෙක්ව යේසුස් සුව කළා.

21වෙනි පරිච්ඡේදය

නාසරෙත්වල සිනගෝගයේදී

යේසුස් හැදී වැඩුණු ගමේ අය කේන්ති ගිහින් එයාව මරන්න හැදුවේ ඔහු කියපු මොන දේවල් නිසාද?

22වෙනි පරිච්ඡේදය

යේසුස් ගෝලයන් හතරදෙනෙක්ට ආරාධනා කරයි

ධීවර කර්මාන්තය අත්හැරලා දිගටම තමන් එක්ක සේවය කරන්න එන්න කියලා යේසුස් තම ගෝලයන්ට ආරාධනා කරයි.

23වෙනි පරිච්ඡේදය

යේසුස් කපර්ණවුමේදී බලවත් ක්‍රියා කරයි

යේසුස් භූතයන්ව දුරු කරද්දී තමන් දෙවිගේ පුත්‍රයා කියලා භූතයන් කිව්වාම ඔහු ඔවුන්ව නිහඬ කළා. ඒ ඇයි?

24වෙනි පරිච්ඡේදය

ශුභාරංචිය දේශනා කරන්න යේසුස් ගලීලයට යයි

මිනිසුන් අසනීප සුව කරගන්න යේසුස් ළඟට ආවත් තමන් පොළොවට ආපු අරමුණ ගැන යේසුස් පැහැදිලි කරනවා.

25වෙනි පරිච්ඡේදය

යේසුස් දයානුකම්පිතව ලාදුරු රෝගියෙක්ව සුව කරයි

යේසුස් අසනීප අය ගැන කොයි තරම් සැලකිලිමත්ද කියලා ඔහු ලාදුරු රෝගියාව සුව කරද්දී කියපු දෙයින් පැහැදිලි වෙනවා.

26වෙනි පරිච්ඡේදය

“ඔබේ පව්වලට සමාව ලැබී තිබෙනවා”

අසනීප සහ පාපය අතර ඇති සම්බන්ධය ගැන මේ සිද්ධියෙන් අපිට පැහැදිලි වෙන්නේ මොනවාද?

27වෙනි පරිච්ඡේදය

මතෙව්ට ආරාධනාවක් ලැබෙයි

පව්කාරයන් එක්ක ඉඳන් යේසුස් කෑම කන්නේ ඇයි?

28වෙනි පරිච්ඡේදය

යේසුස්ගේ ගෝලයන් නිරාහාරව නොසිටින්නේ ඇයි?

වයින් දාන සම් භාජන ගැන නිදර්ශනයකින් යේසුස් උත්තරේ පැහැදිලි කරනවා.

29වෙනි පරිච්ඡේදය

සබත් දවසේ යහපත් වැඩක් කරන්න පුළුවන්ද?

අවුරුදු 38ක් පුරා අසනීපයෙන් හිටපු කෙනෙකුව යේසුස් සුව කරපු නිසා යුදෙව්වන් ඔහුට පීඩා කරන්නේ ඇයි?

30වෙනි පරිච්ඡේදය

යේසුස්ට පියාණන් සමඟ තිබෙන බැඳීම

යේසුස් තමාව දෙවියන්ට සමාන කරනවා කියලා යුදෙව්වන් පැවසුවත් දෙවියන් තමන්ට වඩා උසස් කියා යේසුස් පැහැදිලිවම කියයි.

31වෙනි පරිච්ඡේදය

ගෝලයන් සබත් දවසේදී ධාන්‍ය කරල් කඩයි

සබත් දවස පවතින්නේ තමන්ගේ “බලය යටතේ” කියලා යේසුස් කිව්වේ ඇයි?

32වෙනි පරිච්ඡේදය

සබත් දවසේ කරන්න හොඳ මොන වගේ දේවල්ද?

පරිසිවරුන් සහ සද්දුසිවරුන් කියන ආගමික කණ්ඩායම් දෙක අතරේ කිසිම එකමුතුකමක් තිබුණේ නැති වුණත් එක කාරණයකදී විතරක් එකා මෙන් වැඩ කරනවා.

33වෙනි පරිච්ඡේදය

යෙසායාගේ අනාවැකිය ඉටු කරයි

තමන් කවුද කියාවත් තමන් කළේ මොනවාද කියාවත් අනිත් අයට කියන්න එපා කියලා සුවය ලබපු අයට යේසුස් අණ කළේ ඇයි?

34වෙනි පරිච්ඡේදය

යේසුස් නියෝජිතයන් දොළොස්දෙනෙක් තෝරාගනියි

නියෝජිතයෙක් සහ ගෝලයෙක් අතර ඇති වෙනස මොකක්ද?

35වෙනි පරිච්ඡේදය

සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනය

යේසුස් දීපු දේශනයේ මූලික කරුණු ගැන දැනගන්න.

36වෙනි පරිච්ඡේදය

හමුදා නිලධාරියාගේ විශ්වාසය

යේසුස් පුදුම වෙන්නේ හමුදා නිලධාරියා කියපු මොන දේ නිසාද?

37වෙනි පරිච්ඡේදය

යේසුස් වැන්දඹුවකගේ පුත්‍රයාව නැවත නැඟිටුවයි

යේසුස් කරපු පුදුම ක්‍රියාව දකින අය දෙවිට ප්‍රශංසා කරයි

38වෙනි පරිච්ඡේදය

යොහන් යේසුස්ගෙන් ප්‍රශ්නයක් අසයි

යේසුස් මෙසියස්ද කියලා යොහන් බව්තීස්ත අහන්නේ ඇයි? ඔහුට සැකයක් ඇති වෙලාද?

39වෙනි පරිච්ඡේදය

සිත් දැඩි කරගත් පරම්පරාවක්

තමන් නතර වෙලා සේවය කරපු කපර්ණවුමට විනිශ්චය දවසේදී ලැබෙන දඬුවම සොදොම් නුවරේ වැසියන්ට ලැබුණු දඬුවමට වඩා දරුණු වෙනවා කියලා යේසුස් කියනවා.

40වෙනි පරිච්ඡේදය

සමාව දීම ගැන පාඩමක්

පව්කාර ජීවිතයක් ගත කරපු ස්ත්‍රියකට යේසුස් සමාව දුන්නේ දෙවිගේ නීති කඩ කරන එකේ වරදක් නැහැ කියලා අඟවන්නද?

41වෙනි පරිච්ඡේදය

ආශ්චර්යයන් කරන්නේ කාගේ බලයෙන්ද?

යේසුස්ගේ සිහිවිකල් වෙලා කියා ඔහුගේ සහෝදරයන් සිතනවා.

42වෙනි පරිච්ඡේදය

යේසුස් පරිසිවරුන්ට තදින් කතා කරයි

අනගතවක්තෘ“යෝනාගේ ලකුණ” මොකක්ද?

43වෙනි පරිච්ඡේදය

දෙවිගේ රාජ්‍යය ගැන උපමා

ස්වර්ග රාජ්‍යය සම්බන්ධ විවිධ කරුණු යේසුස් උපමා අටකින් පැහැදිලි කරයි.

44වෙනි පරිච්ඡේදය

යේසුස් බිහිසුණු කුණාටුවක් නිහඬ කරයි

යේසුස් කැලඹුණු සුළඟ සහ මුහුද නිහඬ කරපු එකෙන් අනාගතයේදී ඔහු පාලනය කරන කාලය මොන වගේ වෙයිද කියලා පැහැදිලි කළා.

45වෙනි පරිච්ඡේදය

භූතයන් බොහෝදෙනෙකුව දුරු කරයි

එක මිනිසෙකුට භූතයන් කිහිපදෙනෙක් ආවේශ වෙන්න පුළුවන්ද?

46වෙනි පරිච්ඡේදය

යේසුස්ගේ වස්ත්‍රය අල්ලා සුව වෙයි

යේසුස් දයානුකම්පිත, බලවත් කෙනෙක් කියලා අසනීපයෙන් සිටි ස්ත්‍රියක් සුව කළ සිද්ධියෙන් පැහැදිලි වෙයි.

47වෙනි පරිච්ඡේදය

මිය ගිය දැරියකට නැවත ජීවිතය ලැබෙයි

මිය ගිය දරුවා නිදාගෙන ඉන්නවා විතරයි කියලා යේසුස් කියද්දී මිනිසුන් හිනා වුණා. යේසුස් දැනගෙන හිටියේ ඔවුන් දන්නේ නැති මොන දේ ගැනද?

48වෙනි පරිච්ඡේදය

නාසරෙත් නුවරේදී පිළිගැනීමක් නොලැබෙයි

යේසුස්ගේ ඉගැන්වීම් අහපු, යේසුස් කළ ආශ්චර්යයන් දැකපු නාසරෙත්වල මිනිසුන් යේසුස්ව පිළි නොගන්න හේතුවක් තිබුණා.

49වෙනි පරිච්ඡේදය

ගලීලයේ දේශනා කරමින් නියෝජිතයන්ව පුහුණු කරයි

“ස්වර්ග රාජ්‍යය ළං වී ඇත” කියලා යේසුස් කියපු දෙයින් අදහස් වෙන්නේ මොකක්ද?

50වෙනි පරිච්ඡේදය

පීඩා මැද දේශනා කරන්න සූදානම් කරයි

මරණයට බය වෙන්න එපා කියලා කියපු යේසුස් පීඩා එද්දී වෙන ගමකට යන්න කියලා කිව්වේ ඇයි?

51වෙනි පරිච්ඡේදය

උපන් දින උත්සවයකදී මිනී මැරුමක්

සලෝමි ඉදිරිපත් කරපු නැටුම නිසා ලොකු වින්දනයක් ලැබුව හෙරොද් ඇය කැමති දෙයක් දෙන්න පොරොන්දු වෙනවා. ඇය ඉල්ලුවේ මොකක්ද?

52වෙනි පරිච්ඡේදය

කෑම ටිකකින් දහස් ගණනකට කන්න දෙයි

යේසුස් කරපු මේ ආශ්චර්යය ගැන සුවිශේෂ පොත් හතරේම සඳහන් වෙනවා.

53වෙනි පරිච්ඡේදය

ස්වාභාවික බලයන් පාලනය කළ හැකි කෙනෙක්

යේසුස් දිය මත ඇවිදපු එකෙනුත් කුණාටුව නතර කරපු එකෙනුත් නියෝජිතයන් ඉගෙනගත්තේ මොන වටිනා පාඩමද?

54වෙනි පරිච්ඡේදය

යේසුස් තමයි “ජීවනය ලබා දෙන ආහාරය”

මිනිසුන් ලොකු වෙහෙසක් දරලා යේසුස්ව හොයාගෙන ආවාම ඔහු ඔවුන්ට තදින් කතා කළේ ඇයි?

55වෙනි පරිච්ඡේදය

මිනිසුන් කම්පනයට පත් වෙයි

යේසුස් කියපු දේ අහලා කම්පනයට පත් වෙන හුඟක් ගෝලයන් ඔහුව අත්හැරලා යනවා.

56වෙනි පරිච්ඡේදය

මිනිසෙක් දූෂ්‍ය වෙන්නේ කොහොමද?

කෙනෙක් දූෂ්‍ය වෙන්නේ කටට ඇතුල් වෙන දෙයින්ද? කටින් පිට වෙන දෙයින්ද?

57වෙනි පරිච්ඡේදය

යේසුස් දැරියක්ව සහ ගොළු මිනිසෙක්ව සුව කරයි

තමන්ගේ ජාතියේ අයව යේසුස් බලු පැටවුන්ට සමාන කරපු එක ගැන ඒ ස්ත්‍රිය කේන්ති නොගත්තේ ඇයි?

58වෙනි පරිච්ඡේදය

යේසුස් මුහුන් ගැන අනතුරු අඟවයි

යේසුස් මුහුන් ගැන කියද්දී ඒකෙන් අදහස් කළේ මොකක්ද කියලා ගෝලයන් අන්තිමේදී තේරුම්ගත්තා.

59වෙනි පරිච්ඡේදය

මනුෂ්‍ය පුත්‍රයා කවුද?

ස්වර්ග රාජ්‍යයේ යතුරු මොනවාද? ඒවා පාවිච්චි කරන්නේ කවුද? පාවිච්චි කරන්නේ කොහොමද?

60වෙනි පරිච්ඡේදය

ක්‍රිස්තුස් තේජසට පත් වෙයි

යේසුස් තේජසට පත් වුණු එකෙන් අදහස් වෙන්නේ මොනවාද?

61වෙනි පරිච්ඡේදය

භූතයෙක් ආවේශ වුණු පිරිමි දරුවෙක්ව යේසුස් සුව කරයි

යේසුස් කිව්වේ භූතයාව දුරු කරන්න බැරි වුණේ විශ්වාසයේ අඩුවක් නිසා කියලයි. ඔහු එහෙම කිව්වේ දරුවා ගැනද, පියා ගැනද නැත්නම් ගෝලයන් ගැනද?

62වෙනි පරිච්ඡේදය

නිහතමානිකම ගැන කදිම පාඩමක්

කුඩා දරුවෙකුගෙන් වැඩිහිටි පුරුෂයන් වැදගත් පාඩමක් ඉගෙනගනියි.

63වෙනි පරිච්ඡේදය

යේසුස් තවත් දේවල් ගැන උපදෙස් දෙයි

සහෝදරයන් අතරේ ප්‍රශ්නයක් ඇති වුණාම ඒක විසඳගන්න උදව් වෙන පියවර තුනක් ගැන යේසුස් පැහැදිලි කරයි.

64වෙනි පරිච්ඡේදය

සමාව දීම කොයි තරම් වැදගත්ද?

අපි කැමැත්තෙන් සමාව දෙන එක දෙවියන් අපෙන් කොයි තරම් බලාපොරොත්තු වෙනවාද කියලා පෙන්වන්න යේසුස් අකාරුණික දාසයෙක් ගැන නිදර්ශනයක් කියයි.

65වෙනි පරිච්ඡේදය

යෙරුසලමට යන අතරතුරේදී උගන්වයි

කෙනෙක්ව යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන එකෙන් වළක්වන්න හේතු වෙන ආකල්ප ගැන යේසුස් සාකච්ඡා තුනකින් කාවද්දයි.

66වෙනි පරිච්ඡේදය

පැල් උත්සවය සමරන්න යේසුස් යෙරුසලමට ඇවිත්

යේසුස්ට භූතයෙක් වැහිලා කියලා සෙනඟ හිතුවේ ඇයි?

67වෙනි පරිච්ඡේදය

‘ඒ වගේ උගන්වන මිනිසෙකුව අපි කවදාවත් දැකලා නැහැ’

යුදෙව් මන්ත්‍රණ සභාවේ වැඩිදෙනෙක් යේසුස්ට විරුද්ධ වුණත් එක් කෙනෙක් ඔහු වෙනුවෙන් කතා කරයි.

68වෙනි පරිච්ඡේදය

දෙවිගේ පුත්‍රයා “ලෝකයේ ආලෝකයයි”

“ඔබට නිදහස ලබා දෙනවා” කියලා යේසුස් කිව්වා. නිදහස් වෙන්නේ මොකෙන්ද?

69වෙනි පරිච්ඡේදය

ඔවුන්ගේ පියා ආබ්‍රහම්ද නැත්නම් යක්ෂයාද?

ආබ්‍රහම්ගේ දරුවන්ව හඳුනාගන්න පුළුවන් කොහොමද කියලත් තමාගේ පියා කවුද කියලත් යේසුස් කියයි.

70වෙනි පරිච්ඡේදය

යේසුස් උපතින් අන්ධ වුණු මිනිසෙකුව සුව කරයි

මිනිසෙක් අන්ධ වෙලා ඉපදෙන්නේ ඔහුගේ වරදකින්ද නැත්නම් දෙමාපියන්ගේ වරදකින්ද කියලා ගෝලයන් අහනවා. යේසුස් ඒ මිනිසාව සුව කළාම මිනිසුන්ට ඒක අදහාගන්න බැරි වෙනවා.

71වෙනි පරිච්ඡේදය

පරිසිවරු අන්ධව සිටි මිනිසාගෙන් ප්‍රශ්න කරයි

අන්ධව සිටි මිනිසා ඉදිරිපත් කරපු තර්කය බිඳින්න බැරි වුණු නිසා පරිසිවරුන්ට හුඟක් කේන්ති යනවා. අන්තිමේදී ඔවුන් ඒ මිනිසාව සිනගෝගයෙන් නෙරපනවා.

72වෙනි පරිච්ඡේදය

යේසුස් ගෝලයන් 70දෙනෙකුව සේවයට පිටත් කරයි

යුදයේදී යේසුස් ගෝලයන් 70දෙනෙකුව දෙදෙනා බැගින් සේවයට පිටත් කරයි. ඔවුන් දේශනා කරන්නේ සිනගෝගවලද? ගෙවල්වලද?

73වෙනි පරිච්ඡේදය

සැබෑ අසල්වැසියෙක් වූ සමරිතානුවරයෙක්

යේසුස් යහපත් සමරිතානුවරයා ගැන කියපු කතාවෙන් වටිනා පාඩමක් උගන්වයි.

74වෙනි පරිච්ඡේදය

ආගන්තුක සත්කාරය සහ යාච්ඤාව ගැන උගන්වයි

මාර්තා සහ මරියාගේ නිවසට යන යේසුස් ආගන්තුක සත්කාරය ගැන උගන්වනවා. යාච්ඤා කරන්න ඕන විදිහ ගැනත් ඔහු උගන්වනවා.

75වෙනි පරිච්ඡේදය

යේසුස් සැබෑ සන්තෝෂය ලැබෙන විදිහ ගැන කියයි

යේසුස්ට සතුරුකම් කරන අයට දෙවිගේ රාජ්‍යය ලැබෙන්නේ නැහැ කියලා යේසුස් කියනවා. සැබෑ සන්තෝෂය ලැබෙන විදිහ ගැනත් යේසුස් කියනවා.

76වෙනි පරිච්ඡේදය

යේසුස්ට පරිසිවරයෙක් කෑමකට ආරාධනා කරයි

යේසුස් පරිසිවරුන්ගේ සහ නීතිය පිටපත් කරන්නන්ගේ කුහකකම හෙළි කරයි. ඔවුන් මිනිසුන් පිට බර පටවනවා කියලා යේසුස් කිව්වේ ඇයි?

77වෙනි පරිච්ඡේදය

යේසුස් ධන සම්පත් ගැන අනතුරු අඟවයි

විශාල ගබඩාවක් හදන්න හිතන ධනවතෙක් ගැන යේසුස් උපමාවක් කියනවා. ධන සම්පත්වලට වැඩි අවධානයක් දෙන එක ගැන ඔහු ආයෙත් වතාවක් දුන්නේ මොන උපදෙසද?

78වෙනි පරිච්ඡේදය

සූදානමින් සිටිය යුතු විශ්වාසවන්ත සේවකයා

ගෝලයන්ට දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරන්න යේසුස්ට ලොකු උවමනාවක් තිබුණා. ඒ අයගේ විශ්වාසය ශක්තිමත් කරන්න දාසයා කරන්නේ මොන වගේ වැඩ කොටසක්ද? සූදානමින් ඉන්න දීපු උපදෙස වැදගත් වෙන්නේ ඇයි?

79වෙනි පරිච්ඡේදය

යේසුස් විනාශයක් ගැන අනතුරු අඟවයි

තමන්ට ඇහුම්කන් දෙන අය පසුතැවුණේ නැත්නම් ඔවුන් විනාශ වෙනවා කියලා යේසුස් කියනවා. දෙවියන් එක්ක තියෙන බැඳීම ගැන යේසුස් උගන්වන වටිනා පාඩම ඔවුන් තේරුම්ගනියිද?

80වෙනි පරිච්ඡේදය

යහපත් එඬේරා සහ බැටළු ගාල්

එඬේරෙක්ට තම බැටළුවන් එක්ක තියෙන බැඳීමෙන් යේසුස් සහ ගෝලයන් අතර තියෙන බැඳීම තේරුම්ගන්න පුළුවන්. ගෝලයන් යේසුස් උගන්වන දේවල් තේරුම් අරන් ඔහුව අනුගමනය කරයිද?

81වෙනි පරිච්ඡේදය

පූර්ණ එකඟතාවකින් සිටින දෙදෙනෙක්

යේසුස්ව ප්‍රතික්ෂේප කරන යුදෙව්වන් ඔහු දෙවි කෙනෙක් වෙන්න හදනවා කියලා චෝදනා කරනවා. ඒ චෝදනාව බොරු කියලා යේසුස් ඔප්පු කරනවා.

82වෙනි පරිච්ඡේදය

යේසුස් පෙරයාවේ සේවය කරයි

ගැලවීම ලබාගන්න නම් කරන්න ඕන දේ ගැන යේසුස් පැහැදිලි කළා. ඔහු දීපු උපදෙස එදාට වගේම අදටත් අදාළද?

83වෙනි පරිච්ඡේදය

භෝජන සංග්‍රහයකට දෙවිගෙන් ආරාධනා ලැබෙයි

පරිසිවරයාගේ නිවසේ ඉද්දී යේසුස් භෝජන සංග්‍රහයක් ගැන නිදර්ශනයක් කියනවා. ඔහු ඒකෙන් දෙවිගේ සේවකයන් හැමෝටම වටිනා පාඩමක් උගන්වනවා. ඒ මොකක්ද?

84වෙනි පරිච්ඡේදය

ගෝලයෙක් සතු වගකීම කොයි තරම් බැරෑරුම්ද?

ක්‍රිස්තුස්ගේ ගෝලයෙක් වෙන එක බැරෑරුම් වගකීමක්. ඒ ගැන යේසුස් හැම තොරතුරක්ම කියනවා. ඔහුගේ අනුගාමිකයන් වෙන්න ආසාවෙන් ඉන්න සමහර අයට ඒක අදහාගන්නත් බැහැ.

85වෙනි පරිච්ඡේදය

පසුතැවිලි වෙන පව්කාරයෙක් ගැන දැනෙන සතුට

යේසුස් සාමාන්‍ය මිනිසුන්ව ඇසුරු කරන නිසා පරිසිවරුන් සහ නීතිය පිටපත් කරන්නන් චෝදනා කරනවා. පව්කාරයන් ගැන දෙවිට හැඟෙන විදිහ පහදන්න යේසුස් නිදර්ශන කියනවා.

86වෙනි පරිච්ඡේදය

නැති වුණු පුතා නැවත එයි

නැති වුණු පුතා ගැන යේසුස් කියපු නිදර්ශනයෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද?

87වෙනි පරිච්ඡේදය

තැනට සුදුසු නුවණ පාවිච්චි කළ සේවකයෙක්

දේපොළ නැති නාස්ති කරපු සේවකයෙක් ගැන නිදර්ශනයකින් යේසුස් වැදගත් කාරණයක් උගන්වයි.

88වෙනි පරිච්ඡේදය

ධනවතා සහ ලාසරුස් අද්දැක්ක වෙනස

උපමාවේ ඉන්න දෙන්නාගෙන් නියෝජනය වෙන්නේ කාවද කියලා තේරුම්ගැනීමෙන් උපමාවේ අර්ථය අවබෝධ කරගන්න පුළුවන්.

89වෙනි පරිච්ඡේදය

පෙරයාවේ සිට යුදය බලා පිටත් වෙයි

අපිට විරුද්ධව දිගින් දිගටම වැරදි කරන අයට වුණත් සමාව දෙන්න උදව් වෙන ගුණාංගයක් ගැන යේසුස් උගන්වයි.

90වෙනි පරිච්ඡේදය

“නැවත නැඟිටීමත් ජීවනයත් ලැබීමට මඟ”

“මා කෙරෙහි විශ්වාසය තැබුවොත් ඔහු කිසි කලක මිය යන්නේ නැහැ” කියලා යේසුස් කියපු දෙයින් ඔහු අදහස් කළේ මොකක්ද?

91වෙනි පරිච්ඡේදය

ලාසරුස්ව නැවත නැඟිටුවයි

කාරණා දෙකක් නිසා යේසුස්ට විරුද්ධව ඉන්න අයටවත් ලාසරුස්ව නැවත නැඟිටුවීම ප්‍රතික්ෂේප කරන්න බැහැ.

92වෙනි පරිච්ඡේදය

දහදෙනෙකුව සුව කළත් ස්තුති කළේ එක් කෙනයි

සුව වුණු මිනිසා යේසුස්ට විතරක් නෙවෙයි තවත් කෙනෙකුටත් ස්තුති කරනවා.

93වෙනි පරිච්ඡේදය

මනුෂ්‍ය පුත්‍රයා එළිදරව් වීමට නියමිතයි

ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය විදුලි සැරයකට සමාන වෙන්නේ කොහොමද?

94වෙනි පරිච්ඡේදය

යාච්ඤාව සහ නිහතමානිකම ගැන උගන්වයි

අධර්මිෂ්ඨ විනිශ්චයකරු සහ වැන්දඹුව ගැන කියපු නිදර්ශනයෙන් යේසුස් වැදගත් කාරණයක් ගැන උගන්වයි.

95වෙනි පරිච්ඡේදය

දික්කසාදය සහ දරුවන්ට ආදරය කිරීම ගැන උගන්වයි

ගෝලයන්ට දරුවන් ගැන හැඟෙන විදිහට වඩා යේසුස්ට දරුවන් ගැන හැඟෙන විදිහ වෙනස් වෙන්නේ ඇයි?

96වෙනි පරිච්ඡේදය

යේසුස් ධනවත් පාලකයෙක්ට පිළිතුරු දෙයි

ධනවතෙකුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙනවාට වඩා ඔටුවෙකුට ඉඳිකටුවක සිදුරෙන් ඇතුල් වීම පහසුයි කියලා යේසුස් කිව්වේ ඇයි?

97වෙනි පරිච්ඡේදය

මිදිවත්තක සේවකයන් ගැන නිදර්ශනය

ප්‍රථමයන් අන්තිමයන් වෙන්නෙත් අන්තිමයන් ප්‍රථමයන් වෙන්නෙත් කොහොමද?

98වෙනි පරිච්ඡේදය

නියෝජිතයන් උසස් තනතුරු ඉල්ලයි

යාකොබ් සහ යොහන් ස්වර්ග රාජ්‍යයේ උසස් තනතුරු ඉල්ලයි. හැබැයි තනතුරුවලට කැමති ඔවුන් විතරක් නෙවෙයි.

99වෙනි පරිච්ඡේදය

යේසුස් අන්ධ මිනිසුන්ටත් සකෙවුස්ටත් දයාව පෙන්වයි

යේසුස් අන්ධ මිනිසාව සුව කරපු සිද්ධිය සුවිශේෂ පොත්වල එකම විදිහට වාර්තා වෙලා නොතිබුණත් අපි ඒ සිද්ධිය තේරුම්ගන්න ඕනෙ කොහොමද?

100වෙනි පරිච්ඡේදය

මීනා දහය ගැන නිදර්ශනය

“යමෙකුට ඇත්නම් ඔහුට තවත් වැඩියෙන් දෙනු ලබයි. නමුත් යමෙකුට කිසිවක් නැත්නම් ඔහුට තිබෙන දේ පවා ඔහුගෙන් ගනු ලබයි” කියලා කියපු දෙයින් යේසුස් අදහස් කළේ මොනවාද?

101වෙනි පරිච්ඡේදය

සීමොන්ගේ නිවසේ කෑම වේලක්

ලාසරුස්ගේ සහෝදරිය වන මරියා කරන දෙයක් නිසා හැමෝටම කේන්ති යනවා. ඒත් යේසුස් ඇය වෙනුවෙන් කතා කරනවා.

102වෙනි පරිච්ඡේදය

රජ බූරු නාම්බෙකු පිට යෙරුසලමට එයි

අවුරුදු පන්සියයකට කලින් පැවසූ අනාවැකියක් යේසුස් ඉටු කරයි.

103වෙනි පරිච්ඡේදය

දේවමාලිගාව නැවතත් පවිත්‍ර කරයි

යෙරුසලමේ වෙළෙන්දන් කරපු වෙළඳ කටයුතුවල වරදක් නැහැ වගේ පේන්න තිබුණත් යේසුස් ඔවුන්ව කොල්ලකරුවන් විදිහට හඳුන්වන්නේ ඇයි?

104වෙනි පරිච්ඡේදය

යුදෙව්වන්ට දෙවිගේ හඬ අසන්න ලැබෙයි

යේසුස් කෙරෙහි විශ්වාසය තියන එකත් ඒ විශ්වාසය ක්‍රියාවෙන් පෙන්වන එකත් අතර වෙනසක් තියෙනවාද?

105වෙනි පරිච්ඡේදය

අත්තික්කා ගස යොදාගෙන විශ්වාසය ගැන උගන්වයි

දෙවියන් ගැන විශ්වාසය මොන තරම් ප්‍රබලද කියලත් දෙවියන් ඊශ්‍රායෙල් ජාතියව ප්‍රතික්ෂේප කරන්නේ ඇයි කියලත් යේසුස් පැහැදිලි කළේ කොහොමද?

106වෙනි පරිච්ඡේදය

මිදිවතු ගැන නිදර්ශන දෙකක්

තම පුතුන්ට මිදිවත්තේ වැඩට යන්න කියා පැවසූ මිනිසා ගැන උපමාවේ සහ තම මිදිවත්ත දුෂ්ට වැවිලිකරුවන්ට භාර දුන් මිනිසා ගැන උපමාවේ අර්ථය දැනගන්න.

107වෙනි පරිච්ඡේදය

විවාහ උත්සවයට ආරාධනා ලැබූ අයව රජ කැඳවයි

යේසුස් කියපු නිදර්ශනය අනාවැකියක්.

108වෙනි පරිච්ඡේදය

යේසුස් ආගමික නායකයන්ට හසු නොවෙයි

යේසුස් මුලින්ම පරිසිවරුන්වත් ඊළඟට සද්දුසිවරුන්වත් අන්තිමට ඒ දෙගොල්ලන්ම එකතු වෙලා කණ්ඩායමක් වෙලා ආවාමත් ඔවුන්ව නිහඬ කළා.

109වෙනි පරිච්ඡේදය

ආගමික නායකයන්ව හෙළාදකියි

ආගමික නායකයන් මිනිසුන්ව පහත් කරලා සලකන එක යේසුස් හෙළාදැක්කේ ඇයි?

110වෙනි පරිච්ඡේදය

යේසුස් දේවමාලිගාවේ ගෙවන අවසන් දවස

දිලිඳු වැන්දඹුවකගෙන් යේසුස් වටිනා පාඩමක් උගන්වයි.

111වෙනි පරිච්ඡේදය

නියෝජිතයන් ලකුණක් ඉල්ලයි

ඔහු කියපු අනාවැකිය යම් තරමකට මුල් සියවසේ ඉටු වුණා. ඊටත් වඩා ලොකු ඉටු වීමක් ඒ අනාවැකියට තියෙනවාද?

112වෙනි පරිච්ඡේදය

සෝදිසියෙන් සිටීම ගැන පාඩමක්

ගෝලයන් අතරින් පිරිසක් නුවණ ඇතුවත් තවත් පිරිසක් අනුවණ විදිහටත් කටයුතු කරනවා කියලා යේසුස් කිව්වාද?

113වෙනි පරිච්ඡේදය

පැවරුම කඩිසරව ඉටු කිරීම ගැන පාඩමක්

“යමක් ඇති සෑම කෙනෙකුටම තවත් දෙනු ලබනවා” කියලා යේසුස් කියපු දෙයින් අදහස් වෙන දේ නිදර්ශනයෙන් දැනගන්න.

114වෙනි පරිච්ඡේදය

ක්‍රිස්තුස් බැටළුවන්ව සහ එළුවන්ව විනිශ්චය කරයි

යේසුස් සදහටම බලපාන විනිශ්චයක් ගැන නිදර්ශනයක් මාර්ගයෙන් පැහැදිලි කරයි.

115වෙනි පරිච්ඡේදය

යේසුස් අන්තිම පාස්කුවට සූදානම් වෙයි

යේසුස්ව පාවා දීම වෙනුවෙන් යූදස්ට රිදී කාසි 30ක් දෙන්න ආගමික නායකයන් එකඟ වෙන එකෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද?

116වෙනි පරිච්ඡේදය

පාස්කුව සමරන අතරතුරේදී නිහතමානිකම ගැන පාඩමක්

දාසයෙක් කරන්න ඕන දේ යේසුස් කරද්දී නියෝජිතයන් ඒ ගැන පුදුම වෙනවා.

117වෙනි පරිච්ඡේදය

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය

හැම අවුරුද්දකම නීසාන් 14වෙනිදා අනුගාමිකයන් සැමරිය යුතු ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය යේසුස් හඳුන්වලා දෙනවා.

118වෙනි පරිච්ඡේදය

උතුම්ම කෙනා කවුද කියා විවාදයක් ඇති වෙයි

ටිකකට කලින් යේසුස් උගන්වපු පාඩම නියෝජිතයන්ට අමතක වෙලා.

119වෙනි පරිච්ඡේදය

මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්

පියාණන් ළඟට යන්න නම් කරන්න ඕන දේ යේසුස් උගන්වනවා.

120වෙනි පරිච්ඡේදය

පල දරන අතු සහ යේසුස්ගේ මිතුරන් වීම

යේසුස්ගේ ගෝලයන් ‘පල දරන්නේ’ කොහොමද?

121වෙනි පරිච්ඡේදය

‘අධෛර්යය වෙන්න එපා, මම ලෝකයෙන් ජය ගත්තා’

මිනිසුන් යේසුස්ව මරා දානවා නම් තමන් ලෝකයෙන් ජය ගත්තා කියලා යේසුස් කිව්වේ ඇයි?

122වෙනි පරිච්ඡේදය

උඩුමහල් කාමරයේදී යේසුස් කරන අවසන් යාච්ඤාව

මිනිසුන්ට ගැලවීම ලබා දෙනවාට වඩා වැදගත් දෙයක් තමා කළ බව යේසුස් පැහැදිලි කරනවා.

123වෙනි පරිච්ඡේදය

මහත් ශෝකයෙන් සිටි මොහොතක යාච්ඤා කරයි

‘මේ කුසලානය මගෙන් ඉවත් කරන්න’ කියලා යේසුස් යාච්ඤා කරන්නේ ඇයි? ජීවිතය පූජා කරන්න ඔහු අදිමදි කරනවාද?

124වෙනි පරිච්ඡේදය

ක්‍රිස්තුස්ව පාවා දීම සහ අත්අඩංගුවට ගැනීම

මධ්‍යම රාත්‍රියේදී වුණත් යූදස් යේසුස්ව හඳුනාගනියි.

125වෙනි පරිච්ඡේදය

යේසුස්ව අන්නස් වෙතටත් පසුව කායෆස් වෙතටත් ගෙන යයි

යේසුස්ගේ නඩු විභාගය සාධාරණ එකක් වෙයි කියලා හිතන්න බැහැ.

126වෙනි පරිච්ඡේදය

යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පේතෘස් පවසයි

දෙවියන් ගැන විශ්වාසයක් භක්තියක් තිබුණු පේතෘස් යේසුස්ට පිටුපෑවේ ඇයි?

127වෙනි පරිච්ඡේදය

මන්ත්‍රණ සභාවෙන් පසුව පිලාත් ළඟට ගෙන යයි

යුදෙව් ආගමික නායකයන්ගේ හිතේ තියෙන දේ හෙළි වෙයි.

128වෙනි පරිච්ඡේදය

පිලාත් සහ හෙරොද් යේසුස් නිර්දෝෂ බව පිළිගනියි

පිලාත් යේසුස්ව හෙරොද් ළඟට යවන්නේ ඇයි? යේසුස්ට තීන්දුවක් දෙන්න පිලාත්ට අයිතියක් නැද්ද?

129වෙනි පරිච්ඡේදය

“බලන්න! මේ තමයි ඒ මිනිසා”

යේසුස් හොඳ ගතිගුණ තියෙන කෙනෙක් කියලා පිලාත් තේරුම්ගත්තා.

130වෙනි පරිච්ඡේදය

යේසුස්ව මරා දමන්න ගෙන යයි

තමන් ගැන හඬා වැලපෙන ස්ත්‍රීන්ට ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් හඬා වැලපෙන්න කියා යේසුස් කියන්නේ ඇයි?

131වෙනි පරිච්ඡේදය

නිර්දෝෂ රජෙක් වධකණුවේ වේදනා විඳියි

තමන් ළඟ ඉන්න අපරාධකරුවෙක්ට යේසුස් පුදුම දනවන පොරොන්දුවක් දෙයි.

132වෙනි පරිච්ඡේදය

“ඇත්තෙන්ම මේ දෙවිගේ පුත්‍රයා”

දවාලේ ඇති වුණු අන්ධකාරයෙන්, මහත් භූමිකම්පාවෙන් සහ දේවමාලිගාවේ තිරය ඉරුණු එකෙන් එක දෙයක් හොඳින්ම පැහැදිලි වෙනවා.

133වෙනි පරිච්ඡේදය

යේසුස්ගේ දේහය තැන්පත් කරයි

හිරු බැස යන්න කලින් යේසුස්ව තැන්පත් කළේ ඇයි?

134වෙනි පරිච්ඡේදය

සොහොන් ගෙය හිස් වෙලා

නැවත නැඟිටුණු යේසුස් මුලින්ම මුණගැහුණේ ස්ත්‍රීන්වයි, නියෝජිතයන්ව නෙවෙයි.

135වෙනි පරිච්ඡේදය

බොහෝදෙනෙක් නැවත නැඟිටුණු යේසුස්ව දකියි

තමන් ඇත්තටම නැවත නැඟිටලා කියලා යේසුස් ගෝලයන්ට තහවුරු කළේ කොහොමද?

136වෙනි පරිච්ඡේදය

ගලීල මුහුදු වෙරළේ

යේසුස්ට ඇත්තටම ප්‍රේම කරන බව පෙන්වන්න පුළුවන් විදිහ ගැන පේතෘස්ට තුන් වතාවක්ම මතක් කරයි.

137වෙනි පරිච්ඡේදය

පෙන්තකොස්ත දවසට කලින් හුඟදෙනෙක් යේසුස්ව දකියි

නැවත නැඟිටුණු යේසුස් ස්වර්ගයට යන්න කලින් ගෝලයන්ට ලැබෙන්න යන දේ ගැනත් ඒක පාවිච්චි කරන්න ඕන විදිහ ගැනත් කිහිප වතාවක්ම කියනවා.

138වෙනි පරිච්ඡේදය

ක්‍රිස්තුස් දෙවිගේ දකුණු පැත්තේ

සතුරන්ව විනාශ කරන්න නියමිත කාලය එන කල් යේසුස් කරන්නේ මොනවාද?

139වෙනි පරිච්ඡේදය

යේසුස් පොළොව පාරාදීසයක් කර තම පැවරුම සම්පූර්ණ කරයි

තම රාජ්‍යය භාර දෙන්න කලින් යේසුස්ට කරන්න ලොකු වැඩ කොටසක් තියෙනවා.

යේසුස්ව ආදර්ශයට ගන්න නම් . . .

යේසුස්ගේ ජීවිතයේ දකින්න පුළුවන් දෙවි ප්‍රිය කරන ගතිලක්ෂණ අටක් ගැන දැනගන්න.

බයිබල් පද සූචිය

සුවිශේෂ පොත්වල ඇති බයිබල් පද විස්තර කර තිබෙන්නේ මේ පොතේ කුමන පරිච්ඡේදවලද කියා දැනගන්න මේ සූචිය යොදාගන්න.

නිදර්ශනවල (උපමාවල) සූචිය

යේසුස් පැවසූ නිදර්ශන විස්තර කර තිබෙන්නේ මේ පොතේ කුමන පරිච්ඡේදවලද කියා දැනගන්න.

ගැලවුම්කරු ගැන අනාවැකි කිහිපයක්

යේසුස් පොරොන්දු කරන ලද ගැලවුම්කරු බව සනාථ කරන අනාවැකි සහ ඒ අනාවැකි ඉටු වුණු විදිහ විස්තර කරන මේ පොතේ පරිච්ඡේද සලකා බලන්න.

යේසුස් ජීවත් වුණු සහ ඔහු උගන්වපු ප්‍රදේශ

මෙම සිතියමෙන් යේසුස් සේවය කළ ප්‍රදේශ දැක්වෙයි.