බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
හැම දෙයක්ම නිර්මාණය කරපු විදිහ, යේසුස්ගේ උපත, දේවසේවය සහ දේවරාජ්‍යය පැමිණීම දක්වා කාලය අතරතුර සිදු වුණු සිද්ධීන් මේ පොතේ විස්තර කරනවා.
පාලක මණ්ඩලයෙන් ලියුමක්
මේ පොත පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?
1වෙනි පාඩම
දෙවි අහසත් පොළොවත් හැදුවා
බයිබලයේ කියනවා දෙවි අහසත් පොළොවත් හැදුවා කියලා. ඔයා දන්නවද අනිත් හැම දේම හදන්න කලින් දෙවි එක දේවදූතයෙක්ව හැදුවේ ඇයි කියලා?
2වෙනි පාඩම
දෙවි පළවෙනි මිනිසාවයි ගැහැනියවයි හැදුවා
දෙවි පළවෙනි මිනිසාවයි ගැහැනියවයි හදලා ඒදන් උයනේ පදිංචි කළා. දරුවන්ව හදලා මුළු පොළොවම පාරාදීසයක් කරන්න කියලා දෙවි එයාලට කිව්වා.
4වෙනි පාඩම
කේන්තිය හරිම භයානකයි
දෙවි ආබෙල්ගේ පූජාව පිළිගත්තත් කායින්ගේ පූජාව පිළිගත්තේ නැහැ. කායින්ට හුඟක් කේන්ති ගිය නිසා හුඟක් නරක දෙයක් කළා.
5වෙනි පාඩම
නෝවාගේ නැව
නරක දේවදූතයන් ගැහැනු අයව විවාහ කරගත්තාම ලැබුණු දරුවන් ලොකු වෙලා යෝධයන් වුණා. නරක දේවල් හැම තැනම පැතිරුණා. හැබැයි දෙවිට ආදරෙන් හිටිය නෝවා දිගටම දෙවිට කීකරු වුණා.
6වෙනි පාඩම
අලුත්ම පොළොවකට ආපු අටදෙනා
දවස් 40ක් දවල් රෑ එක දිගට වැස්ස නිසා ජලගැල්මක් ඇති වුණා. නෝවායි පවුලේ අයයි අවුරුද්දකට වැඩි කාලයක් නැවේ හිටියා. අන්තිමේදී එයාලට නැවෙන් එළියට එන්න පුළුවන් වුණා.
7වෙනි පාඩම
බාබෙල් කොත
ලොකු නගරයකුයි අහස උසට කොතකුයි හදන්න මිනිසුන්ට ඕන වුණා. ඒත් මිනිසුන් කතා කරපු භාෂාව දෙවි වෙනස් කළේ ඇයි?
8වෙනි පාඩම
ආබ්‍රහම් සහ සාරා දෙවිට කීකරු වුණා
ආබ්‍රහම්, සාරා එයාලා ජීවත් වුණු දේශය දාලා කානාන් දේශයේ තාවකාලික පදිංචිකරුවන් විදිහට ආවේ ඇයි?
9වෙනි පාඩම
පුතෙක් ලැබිලා!
ආබ්‍රහම්ට දීපු පොරොන්දුව දෙවි කොහොම ඉටු කරයිද? ඒක ඉටු වෙන්නේ ඊසාක්ගෙන්ද? ඉෂ්මායෙල්ගෙන්ද?
10වෙනි පාඩම
ලොත්ගේ බිරිඳගෙන් පාඩමක්
දෙවි සොදොම්, ගොමෝරා නගරවලට ගිනි සහ ගෙන්දගම් වහින්න සැලැස්සුවා. ඒ නගර විනාශ වුණේ ඇයි? අපි ලොත්ගේ බිරිඳට වුණු දේ මතක තියාගන්න ඕන ඇයි?
11වෙනි පාඩම
විශ්වාසය ඔප්පු කරලා පෙන්වයි
‘ඔයාගේ එකම පුතාව මොරියා කන්දට එක්කන් ගිහින් මට පූජා කරන්න’ කියලා දෙවි ආබ්‍රහම්ට කිව්වා. ආබ්‍රහම් එයාගේ විශ්වාසය ඔප්පු කරලා පෙන්වයිද?
12වෙනි පාඩම
උරුමය ලැබුණේ යාකොබ්ට
ඊසාක්ටයි රෙබෙකාටයි නිවුන් පිරිමි ළමයි දෙන්නෙක් හිටියා. ඒසව් මුලින්ම ඉපදුණු නිසා උරුමය ලැබෙන්න තිබුණේ එයාට. එයා ඒක රතු ව්‍යංජනයකට වික්කේ ඇයි?
13වෙනි පාඩම
යාකොබ් සහ ඒසව් සමාදාන වෙලා
යාකොබ් දේවදූතයාගෙන් ආශීර්වාද ලබාගත්තේ කොහොමද? එයා ඒසව් එක්ක සමාදාන වුණේ කොහොමද?
15වෙනි පාඩම
යෙහෝවා දෙවි යෝසෙප්ව අමතක කළේ නැහැ
යෝසෙප් පවුලේ අයගෙන් හුඟක් ඈතක හිටියත් යෙහෝවා දෙවි එයා ළඟින්ම ඉන්නවා කියලා ඔප්පු කළා.
17වෙනි පාඩම
මෝසෙස් යෙහෝවා දෙවිට සේවය කරන්න තෝරගත්තා
මෝසෙස්ගේ අම්මා නුවණැතිව වැඩ කරපු නිසා පුංචි මෝසෙස් බේරුණා.
19වෙනි පාඩම
පළවෙනි පීඩා තුන
පාරාවෝ, දෙවිට කීකරු වෙන්නේ නැතුව උඩඟු වුණු නිසා එයාගේ සෙනඟට ගොඩක් කරදර විඳින්න වුණා.
23වෙනි පාඩම
යෙහෝවා දෙවිට වුණු පොරොන්දුව
ඊශ්‍රායෙල්වරු සීනයි කන්ද ළඟ රැස් වුණු වෙලේ දෙවිට පොරොන්දුවක් දුන්නා.
26වෙනි පාඩම
තොරතුරු හොයලා බලන්න යවපු 12දෙනා
කානාන් දේශයේ තොරතුරු හොයන්න ගිය යොෂුවා, කාලෙබ් කියපු තොරතුරු අනිත් දහදෙනා කියපු තොරතුරුවලට වඩා වෙනස්.
27වෙනි පාඩම
යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැහුවා
කෝරා, දාතාන්, අබිරාම් ඇතුළු 250දෙනෙක් යෙහෝවා දෙවි මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගත්තේ නැහැ
30වෙනි පාඩම
රාහබ් යෙහෝවා දෙවිව විශ්වාස කළා
යෙරිකෝවේ තාප්ප කඩන් වැටුණා. ඒත් ඒ තාප්පෙටම අල්ලලා හදලා තිබුණ රාහබ්ගේ ගෙදර කඩන් වැටුණේ නැහැ.
31වෙනි පාඩම
යොෂුවා සහ ගිබියොන්වරු
ඉර පායලා තියන්න කියලා යොෂුවා යාච්ඤා කළා. දෙවි ඒකට උත්තරයක් දුන්නද?
32වෙනි පාඩම
නිර්භීත කාන්තාවන් දෙන්නෙක්
යොෂුවා මැරුණාට පස්සේ ඊශ්‍රායෙල්වරු රූපවලට නමස්කාර කරන්න පටන්ගත්තා. ඊශ්‍රායෙල්වරු අමාරු තත්වයකට මුහුණ දුන්නත් බාරාක්ගෙන්, දෙබොරාගෙන් සහ යායෙල්ගෙන් උදව් ලැබුණා.
33වෙනි පාඩම
රූත් සහ නායොමි
ස්වාමිපුරුෂයන් මිය ගිහින් තිබුණු කාන්තාවන් දෙන්නෙක් ආයෙත් ඊශ්‍රායෙල් දේශයට ගියා. එක්කෙනෙක් වුණු රූත් කෙතක කරල් ඇහිඳින්න ගියාම එතනදී බෝවස් එයාව දැක්කා.
34වෙනි පාඩම
ගිඩියොන් මිදියන්වරුන්ව පරාජය කරයි
මිදියන්වරු ඊශ්‍රායෙල්වරුන්ට කරදර කරද්දී සෙනඟ යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලුවා. ගිඩියොන්ගේ පොඩි හමුදාවට මිදියන්වරු 1,35,000දෙනෙක්ව පරද්දන්න පුළුවන් වුණේ කොහොමද?
35වෙනි පාඩම
හන්නා දෙවිගෙන් පුතෙක්ව ඉල්ලයි
එල්කානා, හන්නායි පෙනින්නායි දරුවනුයි එක්ක දෙවිට නමස්කාර කරන්න ෂීලෝවල තිබුණු ශුද්ධ කූඩාරමට ගියා. හන්නා, දෙවිගෙන් පුතෙක්ව ඉල්ලලා අවුරුද්දකට පස්සේ සාමුවෙල් ඉපදුණා.
36වෙනි පාඩම
යෙප්තා දීපු පොරොන්දුව
යෙප්තා වුණු පොරොන්දුව මොකක්ද? ඒ ඇයි? ඒ පොරොන්දුව ගැන දැනගත්තම යෙප්තාගේ දුව කිව්වේ මොනවද?
37වෙනි පාඩම
යෙහෝවා දෙවි සාමුවෙල්ට කතා කරයි
උත්තම පූජක ඒලීගේ පුත්තු දෙන්නා ශුද්ධ කූඩාරමේ පූජකයන් හැටියට සේවය කළත් දෙවිට කීකරු වුණේ නැහැ. සාමුවෙල් එයාලට වඩා වෙනස්. දවසක් යෙහෝවා දෙවි සාමුවෙල්ට කතා කළා.
38වෙනි පාඩම
යෙහෝවා දෙවි සැම්සන්ට ශක්තිය දුන්නා
පිලිස්තිවරු එක්ක සටන් කරන්න දෙවි, සැම්සන්ට ශක්තිය දුන්නා. ඒත් සැම්සන්ගේ වැරදි තීරණයක් නිසා පිලිස්තිවරු එයාව අල්ලගත්තා.
39වෙනි පාඩම
ඊශ්‍රායෙලයේ පළවෙනි රජ
දෙවි ඊශ්‍රායෙල්වරුන්ට විනිශ්චයකරුවන්ව දුන්නත් සෙනඟ රජෙක්ව ඉල්ලුවා. සාමුවෙල්, සාවුල්ව රජ විදිහට අභිෂේක කළත් පස්සේ යෙහෝවා දෙවි සාවුල්ව රජකමින් අයින් කළා. ඒ ඇයි?
40වෙනි පාඩම
දාවිත් සහ ගොලියත්
ඊශ්‍රායෙලයේ ඊළඟ රජු විදිහට යෙහෝවා දෙවි තෝරගත්තේ දාවිත්ව. ඒ තෝරගැනීම හරි කියලා දාවිත් ඔප්පු කළා.
49වෙනි පාඩම
නපුරු රැජිනකට ලැබුණු දඬුවම
නාබොත්ගේ මිදිවත්ත අයිති කරගන්න ඕනෙ නිසා යෙසබෙල් එයාව මැරුවා. එයාගේ දුෂ්ටකම යෙහෝවා දෙවි දැක්කා.
50වෙනි පාඩම
යෙහෝවා දෙවි යෙහෝෂපාට් රජුට උදව් කළා
සතුරන් යුද්ධ කරන්න එද්දී යෙහෝෂපාට් රජ යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලුවා.
51වෙනි පාඩම
හමුදාපතියෙක් සහ පුංචි දුවෙක්
යෙහෝවා දෙවිට තියෙන බලය ගැන ඊශ්‍රායෙල් දැරිය එයාගේ ස්වාමිදුවට කියපු නිසා පුදුම දෙයක් සිද්ධ වුණා.
52වෙනි පාඩම
යෙහෝවා දෙවිගේ හමුදාව
සතුරු හමුදාවට වඩා ‘වැඩිදෙනෙක් අපිත් එක්ක ඉන්නවා’ කියලා එලිෂා තේරුම්ගත්තේ කොහොමද?
54වෙනි පාඩම
යෙහෝවා දෙවි යෝනා ගැන ඉවසුවා
දෙවිගේ අනාගතවක්තෘවරයාව මාළුවෙක් ගිලින්න හේතු වුණේ මොකක්ද? එයා බේරුණේ කොහොමද? යෙහෝවා දෙවි එයාට උගන්වපු පාඩම මොකක්ද?
55වෙනි පාඩම
යෙහෝවා දෙවිගේ දූතයා හෙසකියාව ආරක්ෂා කළා
යුදෙව්වන්ගේ සතුරන් කිව්වේ යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟව ආරක්ෂා කරන්නේ නෑ කියලයි. ඒත් එයාලා කිව්වේ ඇත්තක් නෙවෙයි.
56වෙනි පාඩම
යොෂියා යෙහෝවා දෙවිගේ නීතිය පිළිපැද්දා
යොෂියා අවුරුදු අටේදී රජ වුණා. යෙහෝවා දෙවිට නමස්කාර කරන්න එයා සෙනඟට උදව් කළා.
57වෙනි පාඩම
යෙරෙමියා දිගටම දේශනා කළා
යූදා දේශයේ වැඩිමහල්ලන්ට කේන්ති ගියේ මේ අනාගතවක්තෘවරයා කියපු මොන දේ නිසාද.
58වෙනි පාඩම
යෙරුසලම විනාශ වෙයි
යූදා සෙනඟ දිගටම බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු නිසා දෙවි එයාලව සතුරන්ගේ අතට පත් වෙන්න ඉඩහැරියා.
59වෙනි පාඩම
යෙහෝවා දෙවිට කීකරු වුණු යෞවනයන් හතරදෙනෙක්
යෞවන යුදෙව්වන් හතරදෙනා බැබිලෝනියේ රජමාලිගාවේ හිටියත් යෙහෝවා දෙවිට ළැඳිව ඉන්න අදිටන් කරගෙන හිටියා.
63වෙනි පාඩම
බිත්තියේ ලියැවුණු අකුරු
අතක් මතු වෙලා බිත්තියේ අකුරු ලිව්වේ මොන වෙලාවෙද? ඒ වචනවලින් අදහස් වුණේ මොකක්ද?
66වෙනි පාඩම
එස්රා දෙවිගේ නීතිය ඉගැන්නුවා
එස්රා කියපු දේ ඇහුවට පස්සේ ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවිට විශේෂ පොරොන්දුවක් වුණා.
67වෙනි පාඩම
යෙරුසලමේ තාප්ප
සතුරන් පහර දෙන්න සූදානම් වෙනවා කියලා නෙහෙමියා දැනගත්තා. එයා බය වුණේ නැත්තේ ඇයි?
68වෙනි පාඩම
එලිසබෙත්ට දරුවෙක් ලැබෙයි
දරුවා ඉපදෙන කල් සෙකරියාට කතා කරන්න බැරි වෙයි කියලා දේවදූතයා කිව්වේ ඇයි?
69වෙනි පාඩම
ගාබ්‍රියෙල් මරියාව හම්බ වෙන්න එයි
දේවදූතයා මරියාට කිව්වේ එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන පණිවිඩයක්.
70වෙනි පාඩම
දේවදූතයෝ යේසුස්ගේ උපත දැනුම් දෙයි
පණිවිඩය දැනගත්තම එඬේරුන් ඉක්මනටම යේසුස් හිටිය තැනට ගියා
73වෙනි පාඩම
යොහන් මාර්ගය සූදානම් කළා
යොහන් අනාගතවක්තෘවරයෙක් වුණා. ගැලවුම්කරුගේ පැමිණීම ගැන එයා මිනිසුන්ට ඉගැන්නුවා. මිනිස්සු මොකද කළේ?
74වෙනි පාඩම
යේසුස් ගැලවුම්කරු වෙයි
යේසුස් දෙවිගේ බැටළු පැටවා කියලා යොහන් කියපු දෙයින් අදහස් කළේ මොකක්ද?
75වෙනි පාඩම
යක්ෂයා යේසුස්ව වරදට පොලඹවන්න හැදුවා
තුන්පාරක්ම යක්ෂයා යේසුස්ව වරදට පොලඹවන්න හැදුවා. සාතන් යේසුස්ව වරදට පොලඹවන්න උත්සාහ කළේ මොන ක්‍රම තුන පාවිච්චි කරලද? යේසුස් කළේ මොනවද?
76වෙනි පාඩම
යේසුස් දේවමාලිගාව පවිත්‍ර කළා
යේසුස් සත්තුන්ව දේවමාලිගාවෙන් එළෙව්වෙත් මුදල් මාරු කරන අයගේ මේස පෙරළලා දැම්මෙත් ඇයි?
77වෙනි පාඩම
ළිඳ ළඟට ආපු ස්ත්‍රිය
යාකොබ්ගේ ළිඳ ළඟදී යේසුස් තමන්ට කතා කරපු එක ගැන සමරිතානු ස්ත්‍රියක් පුදුම වුණා. ඒ ඇයි? යේසුස් වෙන කාටවත් කියපු නැති දෙයක් සමරිතානු ස්ත්‍රියට කිව්වා. ඒ මොකක්ද?
78වෙනි පාඩම
යේසුස් දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කරයි
යේසුස් ගෝලයන් සමහරදෙනෙකුට ‘මිනිසුන් අල්ලන්නන්’ වෙන්න කියලා ආරාධනා කළා. පස්සේ ඔහු ශුභාරංචිය දේශනා කරන්න ගෝලයන් 70දෙනෙකුව පුහුණු කළා.
79වෙනි පාඩම
යේසුස් බලවත් දේවල් කරයි
යේසුස් ගිය හැම තැනකටම අසනීපෙන් හිටිය අය සුවය ලබාගන්න ආවා. යේසුස් ඒ හැමෝවම සුව කළා. ඔහු මිය ගිය පුංචි දුවෙකුට ආයෙත් ජීවිතය දුන්නා.
82වෙනි පාඩම
යාච්ඤා කරන්න ඕන විදිහ යේසුස් ඉගැන්නුවා
යේසුස් ඔහුගේ ගෝලයන්ට ‘නොකඩවාම ඉල්ලන්න’ කියලා කිව්වේ මොන වගේ දේවල්ද?
83වෙනි පාඩම
යේසුස් දහස් ගණනකට කන්න දුන්නා
යේසුස් කරපු මේ පුදුම දෙයින් යෙහෝවා දෙවි සහ යේසුස් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවද?
86වෙනි පාඩම
යේසුස් ලාසරුස්ව නැවත නැඟිටුවයි
මරියා අඬනවා දැක්කම යේසුස්ටත් ඇඬුණා. හැබැයි ටික වෙලාවකින් එයාලා හුඟක් සතුටු වුණා.
87වෙනි පාඩම
යේසුස් නියෝජිතයන් එක්ක හිටපු අන්තිම රාත්‍රිය
යේසුස් නියෝජිතයන් එක්ක හිටපු අන්තිම රාත්රියේදී එයාලට වැදගත් මඟ පෙන්වීම් දුන්නා.
88වෙනි පාඩම
යේසුස්ව අත්අඩංගුවට ගනියි
යූදස් ඉස්කාරියොත් කඩු අරන් ඉන්න පිරිසක් එක්ක යේසුස්ව අල්ලගන්න ඇවිත්
89වෙනි පාඩම
පේතෘස් යේසුස්ව අඳුනන්නේ නැහැ කියයි
කායෆස්ගේ ගෙදර ඇතුල් මළුවේදී වුණේ මොනවද? ගෙදර ඇතුළේදී යේසුස්ට වුණේ මොනවද?
95වෙනි පාඩම
එයාලව නතර කරන්න කිසි දේකට බැරි වුණා
යේසුස්ව මරලා දාපු ආගමික නායකයන් දැන් උත්සාහ කරන්නේ ගෝලයන්වත් නිහඬ කරන්නයි. ඒත් ඒක කරන්න එයාලට බැහැ.
96වෙනි පාඩම
යේසුස් සාවුල්ව තෝරගනියි
සාවුල් ක්රිස්තියානීන්නට හුඟක් පීඩා කරන කෙනෙක්. ඒත් එයා වෙනස් වෙනවා.
97වෙනි පාඩම
කොර්නේලියස්ට දෙවිගේ බලය ලැබෙයි
යුදෙව්වෙක් නොවුණු මේ මිනිසාගේ ගෙදරට දෙවි පේතෘස්ව යැව්වේ ඇයි?
99වෙනි පාඩම
සිරගෙයි භාරකරු ශුභාරංචිය පිළිගනියි
භූතයෙක්, භූමිකම්පාවක්, කඩුවක් මේ කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?
103වෙනි පාඩම
“ඔබගේ රාජ්‍යය පැමිණේවා!”
දෙවිගේ රාජ්‍යයෙන් පොළොවේ කරන වෙනස්කම් ගැන යොහන්ට දුන්න දර්ශනවලින් එළිදරව් වුණා.