ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න

මේ සඟරාව සකස් කරලා තියෙන්නේ ප්‍රසිද්ධියේ කරන කියවීමේ, දේශන ඉදිරිපත් කිරීමේ සහ ඉගැන්වීමේ හැකියාව තව දියුණු කරගන්න උදව් කරන්නයි.

පාලක මණ්ඩලයෙන් ලියුමක්

අපිට උගන්වන්න භාර දීලා තියෙන්නේ එතෙක් මෙතෙක් මිනිසුන්ට භාර දුන්න වැදගත්ම පණිවිඩය.

1වෙනි පාඩම

හිතට කාවදින හැඳින්වීමක්

හිතට කාවදින හැඳින්වීමකින් අරමුණු තුනක් ඉටු වෙනවා.

2වෙනි පාඩම

සාමාන්‍යයෙන් කතාබහ කරන ශෛලිය

සාමාන්‍යයෙන් කතාබහ කරන ශෛලියකින් කතා කරද්දී සවන් දෙන අයට පණිවිඩය පිළිගන්න ලේසියි.

3වෙනි පාඩම

ප්‍රශ්න පාවිච්චි කිරීම

උනන්දුවක් ඇති කිරීමට සහ ප්‍රධාන කරුණු කාවැද්දීමට ප්‍රශ්න පාවිච්චි කරන්න.

4වෙනි පාඩම

බයිබල් පද හොඳින් හඳුන්වා දීම

බයිබල් පදයක් කියවන්න කලින් ඒකට හොඳින් ඇහුම්කන් දීමට සවන් දෙන අයගේ මනස සූදානම් කරන්න පුළුවන් කොහොමද කියලා හිතන්න.

5වෙනි පාඩම

නිවැරදිව කියවීම

යෙහෝවා දෙවි ගැන අනිත් අයට කියලා දෙද්දී නිවැරදිව කියවීමට පුරුදු වන එක ගොඩක් වැදගත්.

6වෙනි පාඩම

බයිබල් පද අදාළ වන විදිහ පැහැදිලි කරන්න

ඔයා පෙන්වන කරුණට කියවපු බයිබල් පදය සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා සවන් දෙන අයට පැහැදිලි කරන්න.

7වෙනි පාඩම

නිවැරදි සහ විශ්වාසයක් ඇති කරවන තොරතුරු

නිවැරදි සහ විශ්වාසයක් ඇති කරවන තොරතුරු ඉදිරිපත් කරන එක සවන් දෙන අයට නිවැරදි නිගමනයට එන්න උදව්වක්.

8වෙනි පාඩම

උදාහරණ පාවිච්චි කරන්න

උගන්වද්දී සවන් දෙන අයගේ හිතට කාවදින, වැදගත් කරුණු කියලා දෙන සරල උදාහරණ පාවිච්චි කරන්න.

9වෙනි පාඩම

පින්තූර, වීඩියෝ පාවිච්චි කරන්න

උගන්වන දේ තවත් පැහැදිලි කිරීමට, මතක තියාගන්න උදව් කිරීමට පින්තූර සහ වීඩියෝ පාවිච්චි කරන්න.

10වෙනි පාඩම

හඬ පාලනය

කටහඬේ ශබ්දය, වේගය අඩු වැඩි කරලා සහ ස්වරය වෙනස් කරලා හිතට දැනෙන විදිහටත් ක්‍රියාවට පෙලඹෙන විදිහටත් කතා කරන්න.

11වෙනි පාඩම

උද්‍යෝගය

උද්‍යෝගයෙන් කතා කරද්දී ඔයා හදවතින්ම කතා කරනවා කියලා තේරෙනවා වගේම සවන් දෙන අයගේ අවධානය දිගටම තියාගන්න පුළුවන්.

12වෙනි පාඩම

ආදරය සහ සැලකිල්ල

අනිත් අයට කතා කරද්දී ආදරෙන් ඒක කරද්දී ඔයාගේ සැලකිල්ල එයාලට දැනෙයි.

13වෙනි පාඩම

තොරතුරු ප්‍රයෝජනවත් වන විදිහ පෙන්වලා දෙන්න

කතා කරන විෂය සවන් දෙන අයගේ ජීවිතවලට වැදගත් වන විදිහ තේරුම්ගන්න උදව් කරන්න. එයාලා ඉගෙනගන්න තොරතුරු අදාළ කරගන්නේ කොහොමද කියලා පෙන්වන්න.

14වෙනි පාඩම

ප්‍රධාන කරුණු ඉස්මතු කරන්න

දේශනය ගොඩනඟලා තියෙන විදිහ තේරුම්ගන්න උදව් වන විදිහට ඒක ඉදිරිපත් කරන්න. අරමුණට, තේමාවට එක් එක් ප්‍රධාන කරුණ සම්බන්ධ වන විදිහ පැහැදිලි කරන්න.

15වෙනි පාඩම

ස්ථිර විශ්වාසයකින් කතා කරන්න

ස්ථිර විශ්වාසයකින් කතා කරන්න. ඔයා කියන තොරතුරු වැදගත් කියලා ඔයාට විශ්වාසයි කියන දේ පෙන්වන්න.

16වෙනි පාඩම

ගොඩනංවන සහ හොඳ දේවලට අවධානය දෙන්න

ඉදිරිපත් කිරීමේ වැඩි හරියක් තියෙන්න ඕනෙ දිරිගැන්වෙන තොරතුරු. බයිබලයේ සඳහන් වටිනා සත්‍යයන්වලට වැඩි අවධානයක් දෙන්න.

17වෙනි පාඩම

තේරුම්ගන්න පුළුවන් විදිහට කතා කරන්න

පණිවිඩය තේරුම්ගන්න සවන් දෙන අයට උදව් කරන්න. ප්‍රධාන කරුණු පැහැදිලිව කියන්න.

18වෙනි පාඩම

සවන් දෙන අයව තේරුම් අරන් තොරතුරු ඉදිරිපත් කරන්න

සවන් දෙන අයට හිතන්න උදව් කරන්න. තමන් වටිනා දෙයක් ඉගෙනගත්තා කියන හැඟීම සවන් දෙන අයට ඇති වෙන්න ඕනේ.

19වෙනි පාඩම

හදවතට කතා කරන්න

සවන් දෙන අයට යෙහෝවා දෙවි ගැන, සත්‍ය ඉගැන්වීම් ගැන අගයක් සහ ආදරයක් ඇති කරගන්න උදව් කරන්න.

20වෙනි පාඩම

හොඳ අවසානයක්

ඉගෙනගත්ත දේවල් පිළිගන්න සහ ඒවා අදාළ කරගන්න හොඳ අවසානයක් උදව් වෙනවා.

ඔයාගේ දියුණුව සටහන් කරන්න

ඔයා කියවන සහ උගන්වන ආකාරය දියුණු කරගද්දී ඒක සටහන් කරගන්න.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

වීඩියෝ පෙළ

ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න - වීඩියෝ

කියවීමේ සහ ඉගැන්වීමේ හැකියාව තවත් දියුණු කරගන්න.