යොවුන් සිතේ ගැටලු 10කට උත්තර

යෞවනයන්ට සාර්ථක ජීවිතයක් ගත කරන්න උදව් වෙන උපදෙස් සහ මඟ පෙන්වීම් ලබාගන්න.

1වෙනි ප්‍රශ්නය

මම මොන වගේ කෙනෙක්ද?

ඔයාගේ හැකියාවන්, දක්ෂතා, දුර්වලතා, ඉලක්ක සහ විශ්වාසයන් මොනාද කියලා හොඳින් තේරුම් අරන් ඉන්නවා නම් වැරදි දෙයක් කරන්න බලපෑමක් එද්දී හරි තීරණයක් ගන්න ඒක උදව් වෙනවා.

2වෙනි ප්‍රශ්නය

මටත් ලස්සන වෙන්න බැරිද?

කණ්ණාඩියෙන් පෙනෙන ඔයාගේ රූපේ ගැන ඔයා සතුටු නැද්ද? පෙනුම ගැන හිතද්දී වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනෙ මොනවා ගැනද?

3වෙනි ප්‍රශ්නය

අම්මාටයි තාත්තාටයි මගේ ප්‍රශ්න කියන්නේ කොහොමද?

මේ යෝජනා පිළිපැද්දොත් දෙමව්පියන් එක්ක ඕන දෙයක් ගැන කතා කරන්න ඔයාට ලේසි වෙයි.

4වෙනි ප්‍රශ්නය

මගේ අතින් වැරැද්දක් වුණොත් මොකද කරන්නේ?

අපි හැමෝගෙම අතින් වැරදි වෙනවා. ඒ වගේ වෙලාවක මොකක්ද කරන්න පුළුවන්?

5වෙනි ප්‍රශ්නය

ඉස්කෝලේ ළමයි මට කරදර කරනවා නම් මොකද කරන්නේ?

බය වෙන්න එපා. ගහගන්නේ නැතුව අරියාදු කරන කෙනෙක්ව මට්ටු කරන්න පුළුවන්.

6වෙනි ප්‍රශ්නය

යාළුවන්ගෙන් එන බලපෑම් මඟහරින්නේ කොහොමද?

වැරදි දෙයක් කරන්න කවුරු හරි ඔයාව පොලඹවද්දී හරි දේ කරන එක ලේසි නැහැ.

7වෙනි ප්‍රශ්නය

ලිංගික ඇසුරකට මාව පොලඹවාගන්න හැදුවොත්?

ඕනාවට වඩා කිට්ටු ඇසුර මඟපාදන්නේ අමිහිරි අද්දැකීම්වලටයි. ඒ ගැන දැනගන්න.

8වෙනි ප්‍රශ්නය

ලිංගික අතවර ගැන මම දැනගෙන ඉන්න ඕන මොනවාද?

අතවරවලට වැඩියෙන්ම ගොදුරු වෙන්නේ යෞවනයන්. ඔයා මේ වගේ දේකින් ආරක්ෂා වෙන්නේ කොහොමද?

9වෙනි පරිච්ඡේදය

පරිණාමය විශ්වාස කරන්න පුළුවන්ද?

වඩා තර්කානුකූල වෙන්නේ කොයි මතය පිළිගන්න එකද?

10වෙනි ප්‍රශ්නය

මගේ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවාද?

හුඟක් අය කියන්නේ බයිබලයේ තියෙන්නේ ගොතපු කතා කියලයි. ඒක පරණ පොතක් කියලත් තේරුම්ගන්න අමාරුයි කියලත් සමහරු කියනවා. ඒත් අපිට සත්‍යය කියලා දෙන්න පුළුවන් එකම පොත බයිබලයයි.