Skip to content

මරණයෙන් වෙන් වුණ අය යළි අප හා එක් වෙයිද?

මරණයෙන් වෙන් වුණ අය යළි අප හා එක් වෙයිද?

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • ඔව්

  • නැහැ

  • සමහරවිට

බයිබලයේ කියන්නේ මෙහෙමයි

මිය ගිය අය ‘නැවත නැඟිටිනවා.’—ක්‍රියා 24:15, නව ලොව පරිවර්තනය.

ඒක විශ්වාස කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන

සැනසිල්ලක් ලැබෙනවා.—2 කොරින්ති 1:3, 4.

මරණය ගැන ඕනෑවට වඩා භය වෙන්නේ නැහැ.—හෙබ්‍රෙව් 2:15.

මිය ගිය අය ඉදිරියේදී අපිත් එක්ක ජීවත් වෙනවා කියන බලාපොරොත්තුව ලැබෙනවා.—යොහන් 5:28, 29.

බයිබලයේ තියෙන දේ විශ්වාස කරන්න පුළුවන්ද?

ඔව්. හේතු තුනක් බලන්න.

  • ජීවිතය දුන්නේ දෙවියන්. බයිබලයේ යෙහෝවා දෙවියන්ව හඳුන්වලා තියෙන්නේ “ජීවිතයේ උල්පත” කියලයි. (ගීතාවලිය 36:9; ක්‍රියා 17:24, 25) හැම ජීවියෙකුටම පණ දුන්නේ දෙවියන්. එහෙමනම් මිය ගිය කෙනෙක්ට නැවත ජීවිතය දෙන එක දෙවියන්ට සුළු දෙයක්.

  • අතීතයේදීත් දෙවියන් මිය ගිය අයට නැවත ජීවිතය දීලා තියෙනවා. ඒ විදිහට නැවත මේ පොළොවේ ජීවත් වුණ අටදෙනෙක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඒ අය අතර විවිධ වයස්වල ස්ත්‍රීන් හා පුරුෂයන් හිටියා. ඔවුන් අතරින් සමහරුන්ට මිය ගිහින් ටික වෙලාවකිනුත් එක් කෙනෙක්ට දවස් හතරකට පස්සෙත් දෙවියන් නැවත ජීවිතය දීලා තියෙනවා.—යොහන් 11:39-44.

  • ඉදිරියේදීත් එහෙම කරන්න දෙවියන් ආශාවෙන් ඉන්නවා. මිනිසුන් මැරෙනවට යෙහෝවා දෙවියන් කොහෙත්ම කැමති නැහැ. ඔහු මරණය සලකන්නේ හතුරෙක් විදිහටයි. (1 කොරින්ති 15:26) ඒ හතුරාව පරාජය කරලා තමන්ගේ මතකයේ ඉන්න මිය ගිය අයට දෙවියන් ආයෙත් ජීවිතය දෙනවා. ඒක කරන්න ඔහු “මහත් ආශාවෙන්” බලාගෙන ඉන්නවා.—යෝබ් 14:14, 15.

මේ ගැන හිතන්න

අපි වයසට ගිහිල්ලා මැරෙන්නේ ඇයි?

ඒකට උත්තරේ බයිබලයේ උත්පත්ති 3:17-19 සහ රෝම 5:12 යන පදවල සඳහන් වෙනවා.