Skip to content

පටුනට යන්න

ඊජිප්තුවේ සිට පොරොන්දු දේශය දක්වා වූ ගමන

ඊජිප්තුවේ සිට පොරොන්දු දේශය දක්වා වූ ගමන

ඊජිප්තුවේ සිට පොරොන්දු දේශය දක්වා වූ ගමන

ඊශ්‍රායෙලිතයන් ඊජිප්තුවෙන් නික්මගිය ආකාරය පිළිබඳ කතාව නොදන්නා කෙනෙකු නැති තරම්ය. එනමුත් මෝසෙස් සහ දෙවිගේ ජනයා රතු මුහුදෙන් එතෙර වූ විට ඔවුන්ට කවර දේවල්වලට මුහුණ දෙන්නට සිදු වීද? ඔවුන් ගියේ කොතැනකටද? එමෙන්ම පොරොන්දු දේශයට පිවිසීම සඳහා ඔවුන් යොර්දාන් ගඟ කරා ළඟා වූයේ කෙසේද?

ඔවුන්ගේ ගමනේ ඉලක්කය වූයේ කානාන් දේශයයි. එනමුත් මෝසෙස් කෙටිම මාර්ගය ඔස්සේ ගමන් කිරීමට තීරණය කළේ නැත. ඒ මාර්ගය වැලිවලින් ගහන වෙරළ තීරයක් දිගේ කිලෝමීටර් 400ක් පමණ දුරකට විහිදිණ. එම මාර්ගයේ ගියා නම් සතුරු ජාතියක් වූ පිලිස්තිවරුන්ගේ දේශය මැදින් යෑමට ඔවුන්ට සිදු වේ. ඔවුන් සීනයි අර්ධද්වීපය මැදින් ගියේද නැත. එම විශාල ප්‍රදේශයේ පැවති අධික උෂ්ණත්වය හේතුවෙන් බොරලු සහ හුණුගල්වලින් යුත් සානුව උදුනක් හා සමානව රත් වේ. මේ නිසා මෝසෙස් ජනතාව සමඟ ගියේ දකුණු දෙසටය. එය වැටී තිබුණේ පටු වෙරළබඩ මිටියාවතක් දිගේය. ඔවුන් මුලින්ම කූඩාරම් බැන්දේ මාරා යන ස්ථානයෙහිය. * යෙහෝවා තික්ත ජලය මිහිරි ජලය බවට පරිවර්තනය කළේ එහිදීය. ඒලිම් යන ස්ථානය හැර යෑමෙන් පසු ජනතාව ආහාර ගැන මැසිවිලි නඟන්නට පටන්ගත්තෝය. දෙවි වටුවන් සහ ඊළඟට මන්නාද සැපයීය. රෙඵිඩිම්වලදී නැවතත් ජලය ගැන ප්‍රශ්නයක් මතු විය. ඉන් අනතුරුව ප්‍රහාර එල්ල කළ අමලෙක්වරුන්ව පලවාහරින ලදි. තවද දක්ෂ පුරුෂයන්ගෙන් උපකාරය ලබාගන්නා ලෙස මෝසෙස්ගේ මාමණ්ඩි ඔහුගෙන් උදක්ම ඉල්ලා සිටියේය.—නික්, 15-18 දක්වා පරි.

මෝසෙස් ඊළඟට ඊශ්‍රායෙල් ජනතාව තවත් දකුණු දෙසට ගෙන යමින් ඔවුන්ව කඳුකර ප්‍රදේශයක් කරා ගෙන යන ලදි. එවිට ඔවුන් කූඩාරම් බැඳගත්තේ සීනයි කන්ද පාමුලය. දෙවිගේ ජනතාවට නීතිය ලැබුණෙත්, ඔවුන් මණ්ඩපය ඉදි කළෙත්, පූජා ඔප්පු කළෙත් එහිදීය. දෙවන වසරට පා තැබූ විට ඔවුහු ‘මහත් වූ භයංකර වූ කාන්තාරයක්’ මැදින් උතුරු දෙසට ගමන් කළෝය. කාදෙෂ් (කාදෙෂ්-බර්නේය) යන ප්‍රදේශය දක්වා ගිය මෙම ගමනට දින 11ක් පමණ ගත විය. (ද්වි 1:1, 2, 19; 8:15) ඔත්තුකාරයන් දසදෙනෙකුගෙන් ලැබුණු අශුභ වාර්තාවක් ඇසීමෙන් බියපත් වූ නිසා ජනතාවට පාළුකරයේ වසර 38ක් පුරා ගමන් කිරීමට සිදු විය. (ගණන් 13:1–14:34) ඔවුන්ගේ ගමනේදී නතර වූ ස්ථාන අතර අබ්රොනා සහ එශියොන්-ගෙබෙර් සඳහන් කළ හැකි අතර ඉන් අනතුරුව ඔවුහු නැවතත් ගමන් කළේ කාදෙෂ් බලාය.—ගණන් 33:33-36.

අවසානයේදී පොරොන්දු දේශය වෙත යන්නට කාලය පැමිණි විට ඊශ්‍රායෙලිතයෝ උතුරු දෙසට ගමන් කළෝය. ඔවුහු ඒදොම් දේශයේ අභ්‍යන්තරය වටාද ඉන්පසුව “රජ මාවත” කියා හැඳින්වූ රජුගේ මහාමාර්ගය ඔස්සේද ගමන් කළෝය. (ගණන් 21:22; ද්වි 2:1-8) මෙම ගමන් මාර්ගය දිගේ ළමුන්, සතුන් සහ කූඩාරම්ද සමඟින් මුළු ජාතියකටම ගමන් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවීය. සෙරෙද් සහ අර්ණොන් නමැති දැවැන්ත ගිරිදුර්ග දිගේ පහළටද, නැවතත් ඒවායින් ඉහළටද ඒමට ඔවුන්ට සිදු විය (මෙම ප්‍රපාත මීටර් 520කට ආසන්න ගැඹුරක පිහිටා තිබිණ).—ද්වි 2:13, 14, 24.

ඊශ්‍රායෙලිතයෝ අන්තිමේදී නෙබෝ කන්ද වෙත ළඟා වූහ. මිරියාම් කාදෙෂ්හිද, ආරොන් හෝර් කන්ද අසලදීද මිය ගියෝය. ඉන් අනතුරුව මෝසෙස්ද ඔහු ඇතුල් වීමට මහත් ආශාවක් දැක්වූ ඒ දේශය අබියස සිටිද්දී මිය ගියේය. (ද්වි 32:48-52; 34:1-5) ඉන්පසුව එම දේශයට යෑමට ඊශ්‍රායෙල් ජාතියට මඟ පෙන්වන්නට පත් කළේ යෝෂුවාවයි. මෙසේ වසර 40ක පමණ කාලයක් ගිය ගමනක් නිමාවට පත් විය.—යෝෂු 1:1-4.

[පාදසටහන]

^ 3 ඡේ. කූඩාරම් බැන්ද ස්ථාන බොහොමයකම පිහිටීම නිශ්චිතවම දැක්විය නොහැක.

[8වන පිටුවේ කොටුව]

මෙම කාල පරිච්ඡේදයේදී ලියවුණු බයිබල් පොත්:

උත්පත්ති

නික්මයාම

ලෙවී කථාව

ගණන් කථාව

ද්විතීය කථාව

යෝබ්

ගීතාවලිය (කොටසක්)

[9වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

නික්මයාම මාර්ග

ඊශ්‍රායෙල්වරු ගමන් ගත් මාර්ගය

A7 ඊජිප්තුව

A5 රමෙසෙස්?

B5 සුක්කොත්?

C5 ඒතාම්?

C5 පී-හහීරොත්

D6 මාරා

D6 ඒලිම්

E6 සීන් පාළුකරය

E7 දොප්කා

F8 රෙඵිඩිම්

F8 සීනයි කන්ද (හොරේබ්)

F8 සීනයි පාළුකරය

F7 කිබ්‍රොත්-හත්තාවා

G7 හශේරොත්

G6 රිම්මොන්-පෙරෙශ්

G5 රිස්සා

G3 කාදෙෂ්

G3 බෙනෙ-යාකාන්

G5 හෝර්-හග්ගිද්ගාද්

H5 යොට්බාතා

H5 අබ්රොනා

H6 එශියොන්-ගෙබෙර්

G3 කාදෙෂ්

G3 සීනයි පාළුකරය

H3 හෝර් කන්

H3 සල්මොනා

I3 පූනොන්

I3 ඉයේ-අබාරීම්

I2 මෝවබ්

I1 දීබොන්

I1 අල්මොන්-දිබ්ලාතයිම්

H1 යෙරිකෝව

[වෙනත් ස්ථාන]

A3 ගෝෂෙන්

A4 ඕන්

A5 මෙම්ෆිස් (නොප්)

B3 ශොවන්

B3 තාපන්හේස්

C5 මිග්දෝල්

D3 ෂූර්

D5 ඒතාම් පාළුකරය

F5 පාරාන් පාළුකරය

G1 පිලිස්තියාව

G1 අෂ්දොද්

G2 ගාසාව

G2 බෙයර්-ෂෙබා

G3 අශ්මොන්

G3 නෙගෙබ්

H1 යෙරුසලම

H1 හෙබ්‍රොන් (කිරියත්-අර්බා)

H2 අරද් (කානානීය)

H4 සේයිර්

H4 ඒදොම්

I7 මිදියන්

මහාමාර්ග

පිලිස්තිවරුන්ගේ දේශයට යන මාර්ගය

ෂූර් වෙතට යන මාර්ගය

I4 රජ මාවත

තවලම් මාර්ග

එල් හජ් මාර්ගය

[කඳු]

F8 සීනයි කන්ද (හොරේබ්)

H3 හෝර් කන්

I1 නෙබෝ කන්ද

[මුහුදු]

E2 මධ්‍යධරණී මුහුද (මහ මුහු)

D7/G7 රතු මුහුද

I1 ලුණු මුහු

[ගංගා ඇළ දොළ]

A6 නයිල් ගඟ

F3 ඊජිප්තු ඔය

I2 අර්ණොන්

I3 සෙරෙද්

[8වන පිටුවේ පින්තූරය]

තවලම් සීනයි අර්ධද්වීපය හරහා ගියෝය

[8වන පිටුවේ පින්තූරය]

ඊශ්‍රායෙල් ජාතිය සීනයි කන්ද පාමුල කූඩාරම් බැඳගත්තෝය

[9වන පිටුවේ පින්තූරය]

කාදෙෂ්හි හෝ ඒ ආසන්නව පිහිටි උල්පත්වලින් ජලය ලබාගත හැකි විය

[9වන පිටුවේ පින්තූරය]

අර්ණොන් මිටියාවත හරහා ගමන් කිරීමට මුළු ඊශ්‍රායෙල් ජාතියටම සිදු විය