Skip to content

පටුනට යන්න

ඊශ්‍රායෙලය සහ එහි වටපිටාව

ඊශ්‍රායෙලය සහ එහි වටපිටාව

ඊශ්‍රායෙලය සහ එහි වටපිටාව

යෙහෝවා ආබ්‍රහම්ට පැවසුවේ මෙයයි. ‘මෙසපොතේමියාවේ පිහිටි ඌර් දේශයෙන් පිටත්ව මා විසින් ඔබට පෙන්වන දේශයට යන්න.’ ඒ දේශයෙහි පදිංචි වී සිටියේ වෙනත් ජාතීන්ය. තවද එය වට වී තිබුණෙත් වෙනත් ජාතීන්ගෙනි.—උත් 12:1-3; 15:17-21.

දෙවිගේ ජනයා ඊජිප්තුවෙන් පිට වී යන විට “මෝවබ්හි බලවන්තයන්” වැනි සතුරන්ගේ විරුද්ධවාදීකම්වලට මුහුණ දෙන්නට ඔවුන්ට සිදු වන බව ඔවුහු දැන සිටියෝය. (නික් 15:14, 15) පොරොන්දු දේශය බලා ඊශ්‍රායෙල් ජනයා ගමන් ගත යුතු වූ මාර්ගයේ තැනින් තැන අමලෙක්වරු, මෝවබ්වරු, අම්මොන්වරු සහ අමෝරිවරු වාසය කරමින් සිටියහ. (ගණන් 21:11-13; ද්වි 2:17-33; 23:3, 4) ඇරත් ඊශ්‍රායෙලිතයන්ට දෙවි පොරොන්දු වූ දේශයෙහි විසූ වෙනත් සතුරු ජාතීන් හා ගැටීමටද ඔවුන්ට සිදු වනු ඇත.

ඊශ්‍රායෙල්වරුන් විසින් විනාශ කරනු ලැබීමට සුදුසුව සිටි ‘මහත් වූ ජාතීන්’ සතක් ‘පහ කර දැමිය යුතු’ බව දෙවි පැවසීය. ඒ ජාතීන් වූයේ හිත්තීවරුන්, ගිර්ගාෂිවරුන්, අමෝරිවරුන්, කානානිවරුන්, පෙරිස්සිවරුන්, හිවීවරුන්, සහ යෙබූසිවරුන්ය. එම ජාතීන් සිටියේ සදාචාරමය අතින් හා ආගමික අතින් පහත් වූ පිරිහුණු තත්වයකය. ඔවුන්ගේ දෙවිවරුන් අතර (පුරුෂ ලිංගේන්ද්‍රය සංකේත කළ ගල් කණු භාවිතය සම්බන්ධ) බාල්, (දරුවන්ව බිලි පූජා කෙරුණු) මොලෙක් සහ සශ්‍රීකත්වයේ දේවතාවිය වූ අෂ්ටාරොත් (අස්ටර්ටේ) යන දෙවිවරුද වූහ.—ද්වි 7:1-4; 12:31; නික් 23:23; ලෙවී 18:21-25; 20:2-5; විනි 2:11-14; ගීතා 106:37, 38.

සමහර අවස්ථාවලදී දෙවි ඊශ්‍රායෙල්ට දුන් මුළු ප්‍රදේශය හඳුන්වනු ලැබුවේ “කානාන්” ලෙසය. එය උතුරේ පිහිටි සීදොන් සිට ‘මිසර (ඊජිප්තු) ඔය’ දක්වා විහිදිණ. (ගණන් 13:2, 21; 34:2-12; උත් 10:19) තවත් අවස්ථාවන්හිදී එම දේශයෙහි විසූ නොයෙකුත් ජාතීන්ගේ, එහි පිහිටි පුරවර රාජ්‍යයන්ගේ හෝ ජන කොට්ඨාසවල නම් බයිබලයෙහි සඳහන්ව ඇත. වෙරළබඩ තීරයේ විසූ පිලිස්තිවරුන් හා යෙරුසලම අවට පිහිටි කඳුකරයේ විසූ යෙබූසිවරුන් වැනි ඇතැම් අය වාසය කළේ නිශ්චිත භූමි ප්‍රදේශවලය. (ගණන් 13:29; යෝෂු 13:3) තවත් අය කලින් කලට වාසය කළ ස්ථානය හෝ සිටියාවූ ප්‍රදේශය වෙනස් කළහ.—උත් 34:1, 2; 49:30; යෝෂු 1:4; 11:3; විනි 1:16, 23-26.

ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් නික්ම ගිය කාලයේදී එහි පදිංචිව සිටි ප්‍රධාන ගෝත්‍රය වූයේ අමෝරිවරුන් බව පෙනෙන්නට තිබේ. * (ද්වි 1:19-21; යෝෂු 24:15) අර්ණොන් ඔය දක්වා මෝවබ්වරුන්ට හිමි වී තිබූ ප්‍රදේශය ඔවුහු අත් පත් කරගත්තෝය. කෙසේවෙතත්, යෙරිකෝවේ සිට විහිදී ගිය එම ප්‍රදේශය දිගටම හඳුන්වන ලද්දේ “මෝවබ් සමභූමි” ලෙසය. බාෂාන් සහ ගිලියද් පාලනය කරනු ලැබුවේද අමෝරි රජවරුන් විසිනි.—ගණන් 21:21-23, 33-35; 22:1; 33:46-51.

ඊශ්‍රායෙලිතයන්ට දෙවිගේ අනුග්‍රහය තිබියදී පවා විනාශය සඳහා නියම වී තිබුණු ජාතීන් දේශයෙන් අතුගා දැමීමට ඔවුහු අපොහොසත් වූවෝය. කල් යෑමේදී ඊශ්‍රායෙල්වරු මෙම ජාතීන්ගේ දූෂිත බලපෑම්වලට නතු විය. (ගණන් 33:55; යෝෂු 23:13; විනි 2:3; 3:5, 6; 2රාජා 21:11) “අන් දෙවිවරුන් වන නුඹලා වට කර සිටින ජාතීන්ගේ දෙවිවරුන් අනුව නොයන්න” යන අනතුරු ඇඟවීම නොතැකූ ඊශ්‍රායෙලිතයෝ ඔවුන්ගේ උගුල්වලට හසු වූහ.—ද්වි 6:14; 13:7.

[පාදසටහන]

^ 6 ඡේ. “කානානිවරුන්” යන යෙදුම සම්බන්ධයෙන් සැබෑ වන්නාක් මෙන් “අමෝරිවරුන්” යන යෙදුම එම දේශයේ විසූ සියලුම ජනයා සඳහා හෝ අමෝරි ගෝත්‍රය සඳහා පමණක් හෝ භාවිත කෙරිණ.—උත් 15:16; 48:22.

[11වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

පොරොන්දු දේශයෙන් තුරන් කළ යුතු වූ ජාතීහු

පිලිස්තියාව (D8)

C8 අෂ්කෙලොන්

C9 ගාසාව

D8 අෂ්දොද්

D8 ගාත්

D9 ගෙරාර්

කානාන් (D8)

B10 අමෝරිවරු

C12 හශර්-අද්දාර් (අද්දාර්?)

C12 කාදෙෂ් (කාදෙෂ්-බර්නේය)

D8 ලාකීෂ්

D9 බෙයර්-ෂෙබා

D10 අමෝරිවරු

D11 නෙගෙබ්

E4 දෝර්

E5 මෙගිද්දෝ

E5 තයනාක්

E6 අපෙක්

E6 ගිර්ගාෂිවරු

E7 යෙබූසිවරු

E8 බෙයර්-ෂෙබා

E8 හෙබ්‍රොන් (කිරියත්-අර්බා)

E9 හිත්තීවරු

E9 දෙබීර්

E10 අරද් (කානානීය)

E10 කේනිවරු

E11 අක්‍රබ්බීම්

F4 ගිර්ගාෂිවරු

F6 ෂීකෙම්

F7 පෙරිස්සිවරු

F7 ගිල්ගාල්

F7 යෙරිකෝව

F8 යෙරුසලම

G2 හිවීවරු

G2 දාන් (ලායිෂ්)

G3 හාශොර්

ෆිනීෂියාව (F2)

E2 සීදොන්

F1 තීර්

ඒදොම් (F12)

F11 සේයිර්

G11 බොශ්රා

අමෝරිවරු (ඕග්) (G8)

G6 ගිලියද්

G7 ෂිට්ටීම්

G7 හෙෂ්බොන්

G9 අරෝයේර්

සිරියාව (H1)

G1 බාල්-ගාද්

G2 හිවීවරු

I1 දමස්කය

මෝවබ් (H10)

අමෝරිවරු (ඕග්) (I5)

G6 ගිලිය

H3 බාෂාන්

H4 අෂ්තාරොත්

H4 එද්රෙයි

අම්මොන් (I7)

H7 රබ්බා

[කාන්තාරය]

H12 අරාබි කාන්තාරය

[කඳු]

E4 කර්මෙල් කන්ද

E11 හෝර් කන්

G1 හෙර්මොන් කන්ද

G8 නෙබෝ කන්ද

[මුහුදු]

C6 මධ්‍යධරණී මුහුද (මහ මුහුද)

F9 ලුණු මුහු

G4 ගලීල මුහු

[ගංගා ඇළ දොළ]

B11 ඊජිප්තු ඔය

F6 යොර්දාන් ගඟ

G6 යබ්බොක් ඔය

G9 අර්ණොන් ඔය

G11 සෙරෙද් මිටියාවත

[10වන පිටුවේ පින්තූරය]

දකුණ: ගවයන් හා බැටළුවන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වූ බාෂාන් දේශය පාලනය කළේ ඕග් රජුය

පහළ: මෝවබ් දේශය. ඉන් ඔබ්බට ලුණු මුහුද සහ යුදයේ පාළුකරය දැකගත හැක

[11වන පිටුවේ පින්තූරය]

බාල්, මොලෙක්, සහ සශ්‍රීකත්වයේ දේවතාවිය වූ (පින්තූරයේ දැක්වෙන) අෂ්ටාරොත් වැනි බොරු දෙවිවරුන්ට නමස්කාර කළ ජාතීන් තුරන් කර දැමීමට යෙහෝවා ඊශ්‍රායෙල් ජනයාට නියෝග කළේය