Skip to content

පටුනට යන්න

දාවිත් හා සලමොන්ගේ සමයෙහි ඊශ්‍රායෙලය

දාවිත් හා සලමොන්ගේ සමයෙහි ඊශ්‍රායෙලය

දාවිත් හා සලමොන්ගේ සමයෙහි ඊශ්‍රායෙලය

ආබ්‍රම්ගේ වංශයට “ඊජිප්තුවේ ගංගාව පටන් යුප්‍රටීස් ගඟ” දක්වා වූ දේශය දීමට දෙවි පොරොන්දු විය. (උත් 15:18, NW; නික් 23:31; ද්වි 1:7, 8; 11:24) පොරොන්දු දේශය එම සීමාවන් කරා ව්‍යාප්ත කරනු ලැබුවේ යෝෂුවා කානාන් දේශයට පය තබා සියවස් සතරක් ගතවීමෙන් පසුවය.

උතුරු සිරියාවේ යුප්‍රටීස් ගඟ කරා ව්‍යාප්ත වූ ශොබා නමැති අරාමිය රාජධානිය දාවිත් රජු අතින් පරාජය විය. * දකුණු දෙස ගත් කල, පිලිස්තිවරුන්ට එරෙහිව ජය අත් කරගත් දාවිත් ඊජිප්තු දේශ සීමාව අබියසටම පැමිණියේය.—2සාමු 8:3; 1ලේක 18:1-3; 20:4-8; 2ලේක 9:26.

එසේනම්, “යුප්‍රටීස් ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ ඊජිප්තුවේ සීමාව දක්වා” පාලනය ව්‍යාප්ත වී තිබූ සලමොන්ගේ සමයෙන් පිළිබිඹු වූයේ මෙසියස්ගේ සාමදායී පාලනයයි. (1රාජා 4:21-25, NW; 8:65; 1ලේක 13:5; ගීතා 72:8; සෙක 9:10) කෙසේවෙතත්, ඊශ්‍රායෙල් ජාතිය පදිංචි වූ ප්‍රදේශය සාමාන්‍යයෙන් හඳුන්වන ලද්දේ “දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා” විහිදෙන ප්‍රදේශය ලෙසයි.—2සාමු 3:9; 2ලේක 30:5.

සලමොන් රජ දෙවිට අකීකරු වෙමින් අශ්වයන් සහ අශ්ව රථ වැඩි කරගත්තේය. (ද්වි 17:16; 2ලේක 9:25) තවද මාවත් හා මහාමාර්ග ජාලයක් ඔස්සේ එම රථ මෙහෙයවන්නට ඔහුට හැකි විය. (යෝෂු 2:22; 1රාජා 11:29; යෙසා 7:3; මතෙ 8:28) මෙම මහාමාර්ග අතුරින් ගමන් මාර්ගය පැහැදිලිව දක්වා ඇත්තේ ‘බෙතෙල් සිට ෂීකෙම්ට සහ ලෙබොනාට දකුණෙන්ද’ විහිදෙන මාවත වැනි මාවත් අතළොස්සක පමණි.—විනි 5:6; 21:19.

පුරාණ ඊශ්‍රායෙලයේ මාවත් සහ මහාමර්ග නමැති පොතෙහි (සිංහලෙන් නැත) මෙසේ සඳහන් වේ. “ඊශ්‍රායෙල් දේශයේ පිහිටි මහාමාර්ග සැලැස්ම ගැන තොරතුරු ලබාගැනීමේදී මුහුණ දීමට සිදු වන ප්‍රබලම දුෂ්කරතාව වන්නේ පරණ ගිවිසුමේ සඳහන් කාල පරිච්ඡේදයේ පැවති මාර්ගවල කිසිදු භෞතික අංග ලක්ෂණයක් සොයාගත නොහැකි වීමය. මීට හේතුව නම් [ඒ කාල පරිච්ඡේදයේදී] පාරවල් ගල් ආදිය දමා පිළියෙළ කර නොතිබීමය.” කෙසේවෙතත් භූ ලක්ෂණ හා කැණීම් ඇසුරෙන් ගොඩගෙන ඇති නුවරවල නටබුන්වලින් පාරවල් බොහොමයක පිහිටීම දැනගත හැකිය.

බොහෝදුරට හමුදා බළඇණි සිය මෙහෙයුම් ක්‍රියාත්මක කළේ පාරවල පිහිටීම අනුවය. (1සාමු 13:17, 18; 2රාජා 3:5-8) ඊශ්‍රායෙලිතයන්ට එරෙහිව ප්‍රහාරයක් දියත් කිරීම සඳහා පිලිස්තිවරු එක්‍රොන් සහ ගාත් සිට “සෝකෝටත් අසේකාටත් අතරේ” පිහිටි ප්‍රදේශයට ගමන් කළෝය. සාවුල්ගේ හමුදාව ඔවුන්ට විරුද්ධව සටන් කිරීමට ගියේ ‘ඒලා මිටියාවතටය.’ දාවිත් ගොලියත්ව ඝාතනය කළායින් පසුව පිලිස්තිවරුන් ගාත් සහ එක්‍රොන් වෙත පලා ගිය අතර දාවිත් යෙරුසලමට ගමන් කළේය.—1සාමු 17:1-54.

ලාකීෂ් (D10), අසේකා (D9) සහ බෙත්-ෂෙමෙෂ් (D9) යන නුවරවල් ෂෙෆීලා මැදින් යූදාහි කඳුකරය දක්වා විහිදී ගිය මාර්ග අසල පිහිටා තිබිණ. එමනිසා වියා මාරිස් දිගේ පැමිණි සතුරන්ට එරෙහිව නැඟී සිටීම සඳහා මෙම නුවරවල් අතිශයින් වැදගත් විය. එමගින් ඊශ්‍රායෙල් දේශයේ අභ්‍යන්තරයද ආරක්ෂා විය.—1සාමු 6:9, 12; 2රාජා 18:13-17.

[පාදසටහන]

^ 3 ඡේ. රූබෙන් ගෝත්‍රයේ බලප්‍රදේශයට සිරියානු කාන්තාරයේ කොටසක් ඇතුළත් වූ අතර එම කාන්තාරයේ නැඟෙනහිර සීමාව වූයේ යුප්‍රටීස් ගඟයි.—1ලේක 5:9, 10.

[16වන පිටුවේ කොටුව]

මෙම කාල පරිච්ඡේදයේදී ලියවුණු බයිබල් පොත්:

1සහ 2 සාමුවෙල්

ගීතාවලිය (කොටසක්)

හිතෝපදේශ (කොටසක්)

සලමොන්ගේ ගීතිකාව

දේශනාකාරයා

[17වන පිටුවේ සිතියම්]

(මුද්‍රිත පිටපත බලන්න)

එක්සත් රාජාණ්ඩුව පැවති කාලයේ තිබූ බලප්‍රදේශ හා මහාමාර්ග

දේශ සීමා (සලමොන්ගේ කාලය)

තිප්සා

හමාත්

තද්මොර්

බෙරොතායි (කූන්?)

සීදොන්

දමස්කය

තීර්

දාන්

යෙරුසලම

ගාසාව

අරෝයේර්

බෙයර්-ෂෙබා

තාමර්

එශියොන්-ගෙබෙර්

ඒලත් (ඒලොත්)

[ගංගා සහ ඔයවල්]

යුප්‍රටීස්

මිසර (ඊජිප්තු) ඔය

දාවිත් සහ සලමොන් (පාරවල්)

B10 ගාසාව

C8 යොප්පාව

C9 අෂ්දොද්

C10 අෂ්කෙලොන්

C11 ශික්ලග්

C12 පාරාන් පාළුකරය

D5 දෝර්

D6 හේපෙර්

D8 අපෙක්

D8 රාමා

D9 ෂාල්බීම්

D9 ගෙශෙර්

D9 මාකශ්

D9 එක්‍රොන්

D9 බෙත්-ෂෙමෙෂ්

D9 ගාත්

D9 අසේකා

D10 සෝකෝ

D10 අදුල්ලාම්

D10 කෙයිලා

D10 ලාකීෂ්

D11 යත්තීර්

D12 බෙයර්-ෂෙබා

E2 තීර්

E4 කාබුල්

E5 යොක්නෙයාම් (යොක්මෙයාම්?)

E5 මෙගිද්දෝ

E6 තයනාක්

E6 අරුබ්බොත්

E7 පිරාතෝනිය

E8 ලෙබොනා

E8 ශෙරේදා

E8 බෙතෙල්

E9 පහළ බෙත්-හෝරොන්

E9 ඉහළ බෙත්-හෝරොන්

E9 ගෙබා

E9 ගිබියොන්

E9 ගිබෙයා

E9 කිර්යත්-යෙයාරීම්

E9 නොබ්

E9 බාල්-පෙරාශීම්

E9 යෙරුසලම

E9 බෙත්ලෙහෙම

E10 තෙකෝවා

E10 හෙබ්‍රොන්

E11 ශිප්

E11 හෝරෙෂ්?

E11 කර්මෙල්

E11 මායොන්

E11 එෂ්තෙමෝවා

F5 ඒන්-දෝර්

F5 ෂුනෙම්

F5 යෙශ්‍රෙයෙල්

F6 බෙත්-ෂෙයාන්

F7 තිර්ශා

F7 ෂීකෙම්

F8 ශාරෙතාන්

F8 ෂීලෝ

F8 ඔප්‍රා?

F9 යෙරිකෝව

F11 ඒන්-ගෙදී

G2 ආබෙල්-බෙත්-මයකා

G2 දාන්

G3 ගෙශෙර්

G3 මයකා

G5 ලෝ-දෙබාර් (දෙබීර්)

G5 රොගේලීම්

G6 ආබෙල්-මෙහෝලා

G7 සුක්කොත්

G7 මහනායිම්

H1 සිරියාව

H4 ගෙෂූර්

H6 රාමොත්-ගිලියද්

H8 රබ්බා

H9 මෙදීබා

H11 අරෝයේර්

H12 මෝවබ්

I4 හේලාම්?

I9 අම්මොන්

[මහාමාර්ග]

C10 වියා මාරිස්

H6 රජ මාවත

[කඳු]

F5 ගිල්බෝවා කන්ද

[මුහුදු]

C8 මධ්‍යධරණී මුහු (මහ මුහු)

F10 ලුණු මුහු (මළ මුහු)

G4 ගලීල මුහුද

[උල්බත් හෝ ළිං]

E9 ඒන්-රොගෙල්

[16වන පිටුවේ පින්තූර]

දකුණ: ඒලා නිම්නය, යූදාහි කඳුකරය දක්වා නැඟෙනහිර දෙසින් බලන විට

පහළ: මහාමාර්ග ජාලයක් තිබුණු නිසා පොරොන්දු දේශය තුළ පහසුවෙන් ගමන් කළ හැකි විය