Skip to content

පටුනට යන්න

දෙවිගේ ජනයා සිය දේශයට නැවත පැමිණෙති

දෙවිගේ ජනයා සිය දේශයට නැවත පැමිණෙති

දෙවිගේ ජනයා සිය දේශයට නැවත පැමිණෙති

වර්තමාන ඉරානයේ සානුව වටා කැපී පෙනෙන කඳු වැටි දෙකක් පිහිටා ඇත. ඒ (කැස්පියන් මුහුදට දකුණින් පිහිටි) එල්බර්ස් වැටිය හා (ගිනිකොන දෙසට වෙන්න පර්සියානු බොක්කට ආසන්නව පිහිටි) සාග්‍රොස් වැටියයි. එම වැටි අතර තුරුලතාදියෙන් ගහන සාරවත් මෙන්ම දිගු නිම්න පිහිටා ඇත. නිම්න අවට සෞම්‍ය දේශගුණයක් පැවතියද ඉහළ උන්නතාංශවල පිහිටි, ශුෂ්ක දේශගුණයක් සහිත, සුළං ප්‍රවාහවලට නිතරම නිරාවරණය වන තැනිතලාවල සිසිර කාලයේදී අධිශීත තත්වයක් පවතී. ඒ අසල සානුවේ ජනශූන්‍ය කාන්තාරයක්ද පිහිටා ඇත. මේද-පර්සියානු අධිරාජ්‍යය නැඟී ආවේ මෙසපොතේමියාවට නැඟෙනහිරින් පිහිටි මෙම ප්‍රදේශයෙනි.

මේදියවරුන් ප්‍රධාන වශයෙන් පදිංචි වූයේ සානුවේ උතුරු ප්‍රදේශයෙහිය. එහෙත් පසු කාලයේදී ඔවුහු ආර්මේනියාව හා සිලීසියාව දෙසට ව්‍යාප්ත වූවෝය. අනික් අතට, පර්සියානුවන් ප්‍රධාන වශයෙන් පදිංචි වූයේ සානුවේ නිරිතදිග ප්‍රදේශයෙහිය. එනම් ටයිග්‍රිස් නිම්නයට නැඟෙනහිරින්ය. ක්‍රිස්තු පූර්ව හයවන සියවස මැදදී සයිරස්ගේ (කෝරෙෂ්ගේ) පාලනය යටතේ මෙම රාජ්‍යයන් දෙක එක්සත් වීමේ ප්‍රතිඵලයක් ලෙස මේද-පර්සියානු ලෝක බලය බිහි විය.

සයිරස් බැබිලෝනිය අත් පත් කරගත්තේ ක්‍රි.පූ. 539දීය. ඔහුගේ අධිරාජ්‍යය ඉන්දියාව දක්වා නැඟෙනහිර දෙසට විහිදී ගියේය. බටහිරින් ඊජිප්තුවද, දැනට තුර්කිය ලෙස හඳුන්වන ප්‍රදේශයද ඊට ඇතුළත් විය. දානියෙල් උචිත ලෙස මේද-පර්සියානු අධිරාජ්‍යය විස්තර කළේ ‘බොහෝ මස් කන’ ගිජු “වලසෙකු” ලෙසිනි. (දානි 7:5) සයිරස් ස්ථාපිත කළ පාලන ක්‍රමය සානුකම්පිත මෙන්ම සාධාරණ එකක් විය. හෙතෙම තම අධිරාජ්‍යය පළාත් අනුව බෙදීය. ඒ සෑම පළාතකටම දිසාපතියෙකු සිටි අතර ඔහු සාමාන්‍යයෙන් පර්සියානු ජාතිකයෙක් විය. එනමුත්, ඔහු යටතේ ස්වදේශීය පාලකයෙක්ද යම් අධිකාරයක් හෙබවීය. අධිරාජ්‍යයට අයත්ව සිටි ජනතාවට සිය චාරිත්‍ර අනුව ජීවත් වීමට හා ආගම් ඇදහීමට සහයෝගය දෙන ලදි.

යෙරුසලමට ගොස් යළිත් සැබෑ නමස්කාරය පිහිටුවීමට හා යෙරුසලම යළිත් ගොඩනැඟීමට මෙම ප්‍රතිපත්තියට එකඟව යුදෙව්වන්ට සයිරස්ගෙන් අවසර ලැබිණ. මේ පිළිබඳ තොරතුරු එස්රා හා නෙහෙමියා විසින් සපයන ලද විස්තරවල දැක්වේ. මෙම විශාල පිරිස සිය ජන්ම භූමිය කරා ගමන්ගත්තේ යුප්‍රටීස් ගඟ දිගේ කර්කෙමිෂ් දක්වා වූ ආබ්‍රහම් ගමන් කර තිබූ මාර්ගයෙන්ද? එසේ නැතහොත් තද්මොර් සහ දමස්කය පසු කරගෙන යමින් වඩාත් කෙටි මාර්ගයකින්ද? ඔබ සිතන්නේ කුමක්ද? බයිබලය ඒ ගැන කිසිදු විස්තරයක් සපයන්නේ නැත. (6-7 දක්වා පිටු බලන්න.) කාලයාගේ ඇවෑමෙන් යුදෙව්වෝ එම අධිරාජ්‍යයේම විවිධ ප්‍රදේශවල පදිංචි වූහ. නිදසුනක් ලෙස, නයිල් ඩෙල්ටාව ආශ්‍රිත ප්‍රදේශය හා ඊට දකුණින් පිහිටි ප්‍රදේශ සඳහන් කරන්නට පුළුවන. තවද සෑහෙන යුදෙව් පිරිසක් දිගටම බැබිලෝනියෙහි වාසය කළෝය. ඇතැම්විට සියවස් ගණනාවකට පසුව ප්‍රේරිත පේතෘස් එහි යෑමට හේතුවද එය වන්නට ඇත. (1පේතෘ 5:13) ඉන්පසුව පැමිණි ග්‍රීසිය හා රෝම අධිරාජ්‍යයන්ගේ කාලය වන විට යුදෙව්වන් නොයෙකුත් ස්ථානවල පදිංචි වී සිටීමට හේතුවද මේද-පර්සියානු අධිරාජ්‍යයෙන් ඇති වූ බලපෑම බවට කිසිදු සැකයක් නොමැත.

බැබිලෝනිය යටත් කිරීමෙන් පසු මේද-පර්සියානුවෝ ඉතා කටුක ගිම්හානයක් අද්දකින එම නගරය පරිපාලන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කළෝය. කලකට ඒලාම්වරුන්ගේ අගනුවර ලෙස පැවති ෂූෂන් නුවර රාජකීය නගරවලින් එකක් විය. පසු කාලයේදී පර්සියානු රජ වූ අහෂ්වේරොෂ් (පෙනෙන විදිහට පළමුවන තක්ෂස්තා) එස්තර්ව ඔහුගේ බිසව ලෙස පත් කරගත්තෙත්, මුළු මහත් අධිරාජ්‍යය පුරා සිටි දෙවිගේ ජනයාව ඝාතනය කිරීමට වූ කුමන්ත්‍රණයක් බිඳ හෙළන ලද්දෙත් එතැනදීය. මේද-පර්සියානු අධිරාජ්‍යයේ තවත් අගනුවරවල් දෙකක් ලෙස (මීටර් 1,900ක උසකින් පිහිටි ඉතා සෞම්‍ය ගිම්හාන කාලයක් සහිත) එක්බටානා සහ (ගිනිකොන දෙසට වෙන්න කිලෝමීටර් 650ක පමණ උසකින් පිහිටි) පසාර්ගඩි සඳහන් කරන්නට පුළුවන.

මෙම ලෝක බලය පහව ගියේ කෙසේද? මේද-පර්සියාව ඔවුන්ගේ බලය ඉහළින්ම තහවුරු කරගත් සමයකදී තම අධිරාජ්‍යයේ වයඹ දිග සීමාවන්වල ඇති වූ කැරලිගැසීම්වලට එරෙහිව පියවර ගත්තේය. මේවාවලට උසිගන්වන ලද්දේ ග්‍රීක්වරුන් විසිනි. එවකට පුරවර ආශ්‍රිතව පිහිටා තිබුණු සටන්කාමී රාජ්‍යයන් කිහිපයකට ග්‍රීසිය බෙදී තිබිණ. එනමුත්, මැරතන් හා සලාමිස්හි කළ තීරණාත්මක යුද්ධවලින් පර්සියානු හමුදාවන් පරාජය කිරීමට මෙම රාජ්‍යයන් එක්සත් වී සහයෝගයෙන් වැඩ කළේය. මෙමගින් එක්සත් වූ ග්‍රීසියට මේද-පර්සියාව අබිබවමින් සිය බලය තහවුරු කරගන්නට වේදිකාව සැකසිණ.

[25වන පිටුවේ කොටුව]

සෙරුබාබෙල්ගේ නායකත්වය යටතේ ඊශ්‍රායෙල් පුරුෂයන් 50,000ක පිරිසක් යෙරුසලම බලා ගමන් කළෝය. ඒ සඳහා (භාවිත කළ ගමන් මාර්ගයට අනුව) කිලෝමීටර් 800ක සිට 1,600ක දුර ප්‍රමාණයක් ගෙවාගෙන යෑමට ඔවුන්ට සිදු විය. ආපසු පැමිණි විට ආර්ථික වශයෙන් සෑහෙන දුෂ්කරතාවන්ට මුහුණ දීමට ඔවුන්ට සිදු විණ. ඔවුන්ගේ දේශය දශක සතක් පුරා පාළුවට ගොස් තිබිණ. යළිත් පදිංචි වූ උදවිය සැබෑ නමස්කාරය නැවත පිහිටුවීම සඳහා පූජාසනය නැවත ගොඩනඟා යෙහෝවාට පූජා ඔප්පු කළෝය. ක්‍රිස්තු පූර්ව 537 සරත් සමයෙහි ඔවුහු කූඩාරම් මංගල්‍යයද පැවැත්වූහ. (යෙරෙ 25:11; 29:10) අනතුරුව, පදිංචිකරුවෝ යෙහෝවාගේ ගෘහයේ අත්තිවාරම දැමුවෝය.

[25වන පිටුවේ කොටුව]

මෙම කාල පරිච්ඡේදයේදී ලියවුණු බයිබල් පොත්:

දානියෙල්

හග්ගයි

සෙකරියා

එස්තර්

ගීතාවලිය (කොටසක්)

1 සහ 2 ලේකම්

එස්රා

නෙහෙමියා

මලාකී

[24වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

මේද-පර්සියානු අධිරාජ්‍යය

A2 මැසිඩෝනියාව

A2 ත්‍රේස්

A4 සිරේනිය

A4 ලිබියාව

B2 බයිසැන්තියම

B2 ලිඩියාව

B3 සර්දිස්

B4 මෙම්ෆිස් (නොප්)

B4 ඊජිප්තුව

B5 නෝ-ආමොන් (තීබ්ස්)

B5 සෙවේනේ

C3 සිලීසියාව

C3 ටාසස්

C3 ඉසස්

C3 කර්කෙමිෂ්

C3 තද්මොර්

C3 සිරියාව

C3 සීදොන්

C3 දමස්කය

C3 තීර්

C4 යෙරුසලම

D2 ෆේසිස්

D2 ආර්මේනියාව

D3 ඇසිරියාව

D3 නිනිවය

D4 බැබිලෝනිය

E3 මේදියාව

E3 එක්බටානා (අක්මෙතා)

E3 හර්කේනියාව

E4 ෂූෂන් (සූසා)

E4 ඒලාම්

E4 පසාර්ගඩි

E4 පර්සෙපොලිසය

E4 පර්සියාව

F3 පාර්තියා

F4 ඩ්‍රැන්ජියේනා

G2 මැරකන්ඩා (සැමර්කැන්ඩ්)

G3 සොග්ඩියානා

G3 බැක්ට්‍රියාව

G3 ඇරියා

G4 ඇරකෝසා

G4 ජඩ්‍රෝසා

H5 ඉන්දියාව

[වෙනත් ස්ථාන]

A2 ග්‍රීසිය

A3 මැරතන්

A3 ඇතන්ස්

A3 සලමිසය

C1 ස්කිතියා

C4 ඒලත් (ඒලොත්)

C4 තේමා

D4 අරාබිය

[කඳු]

E3 එල්බර්ස් කඳු

E4 සාග්‍රොස් කඳු

[මුහුදු]

B3 මධ්‍යධරණී මුහුද (මහ මුහු)

C2 කලු මුහුද

C5 රතු මුහු

E2 කැස්පියන් මුහුද

E4 පර්සියානු බොක්ක

[ගංගා]

B4 නයිල්

C3 යුප්‍රටීස්

D3 ටයිග්‍රිස්

H4 ඉන්දු

[24වන පිටුවේ පින්තූරය]

බැබිලෝනිය කරා ඒම සඳහා සයිරස්ගේ සේනාවන්ට සාග්‍රොස් කඳු හරහා ගමන් කිරීමට සිදු විය

[25වන පිටුවේ පින්තූරය]

ඉහළ: පර්සෙපොලිසයෙහි සියලු ජාතීන්ගේ දොරටුව

[25වන පිටුවේ පින්තූරය]

ඇතුල් රූපය: පසාර්ගඩිහි තිබෙන සයිරස්ගේ සොහොන