Skip to content

පටුනට යන්න

‘යුදෙව්වරුන්ගේ පළාතට’ පය තැබූ යේසුස්

‘යුදෙව්වරුන්ගේ පළාතට’ පය තැබූ යේසුස්

‘යුදෙව්වරුන්ගේ පළාතට’ පය තැබූ යේසුස්

ප්‍රේරිත පේතෘස් කොර්නේලියස්ට සාක්ෂි දරමින් සිටි විට යේසුස් “යුදෙව්වරුන්ගේ ප්‍රදේශයෙහි සහ යෙරුසලමෙහි” කළ දේවල් ගැන සඳහන් කළේය. (ක්‍රියා 10:39, NW) ඔබ සිතන ආකාරයට ලෝක ඉතිහාසයට බෙහෙවින් බලපාන අන්දමින් යේසුස් දේවසේවයෙහි යෙදුණේ කවර ප්‍රදේශවලද?

‘යුදෙව්වරුන්ගේ පළාත’ කියද්දී යුදයද ඊට ඇතුළත් විය. යේසුස් එහි දෙවිගේ සේවයෙහි යම් දුරකට නිරත වූයේය. (ලූක් 4:44) බව්තීස්ම වීමෙන් අනතුරුව යේසුස් දින 40ක් යූදාහි (යුදයේ) පාළුකරයෙහි ගත කළේය. මෙම ප්‍රදේශය ඉතා ශුෂ්ක ජනශූන්‍ය ප්‍රදේශයක් වූ අතර කැරලිකරුවන්ගේ සහ කොල්ලකරුවන්ගේ තෝතැන්නක්ද විය. (ලූක් 10:30) පසු අවස්ථාවකදී, යේසුස් යුදයේ සිට උතුරු දෙසට ගමන් කරද්දී සිකාර් නුවර අසලදී සමාරිය ස්ත්‍රියකට සාක්ෂි දැරුවේය.—යොහ 4:3-7.

සුවිශේෂ වාර්තා පරීක්ෂා කරද්දී පෙනී යන්නේ යේසුස් ගලීලය අවට පිහිටි ප්‍රදේශයට වැඩි අවධානයක් දුන් බවය. වාර්ෂික මංගල්‍ය සඳහා ඔහු දකුණු දෙසින් පිහිටි යෙරුසලමට ගමන් කළද තම දේවසේවා කාලයේ මුල් වසර දෙකෙන් වැඩි කාලයක් ඔහු ගත කළේ පොරොන්දු දේශයේ උතුරු කොටසෙහිය. (යොහ 7:2-10; 10:22, 23) නිදසුනක් ලෙස, ඔහු කැපීපෙනෙන ඉගැන්වීම් කිහිපයක්ම කළේත්, සුවිශේෂී ආශ්චර්යයන් සිදු කළේත් ගලීල මුහුද අවටය, නැතහොත් ගලීල මුහුදේ බෝට්ටුවක හෝ ඒ මත සිටිද්දීය. කුණාටුවකින් චංචල වූ එය නිසල කළ ආකාරයද, ඒ මත ඇවිද ගිය ආකාරයද මතක් කරගන්න. ගල් කැටවලින් ගහන එම මුහුදු වෙරළෙහි සිටි සමූහයන්ට ඔහු බෝට්ටුවල සිට දේශනා කළේය. ඔහුගේ මුල් මෙන්ම කිට්ටු අනුගාමිකයෝ ගලීල මුහුද අසල පිහිටි ධීවර හා කෘෂිකාර්මික ගම්මානවලින් පැමිණි අය වූහ.—මාක් 3:7-12; 4:35-41; ලූක් 5:1-11; යොහ 6:16-21; 21:1-19.

යේසුස් ගලීලයේ කළ දේවසේවයේ මධ්‍යස්ථානය වූයේ වෙරළබඩ කපර්ණවුමයි. එය “තමන්ගේම නුවර” විය. (මතෙ 9:1, NW) ඔහු තම සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනාව දුන්නේ ඊට නුදුරින් පිහිටි කඳු බෑවුමකදීය. ඔහු විටින් විට කපර්ණවුමේ සිට මගදානයට, බෙත්සයිදාවට හෝ ඊට ආසන්නව පිහිටි වෙනත් ස්ථානවලට බෝට්ටුවෙන් ගියේය.

“තමන්ගේම නුවර” පිහිටියේ යේසුස් ඇති දැඩි වූ නාසරෙත් නුවරට, වතුර වයින් බවට පත් කළ කානා නුවරට, වැන්දඹුවකගේ පුතා නැවත-නැඟිටෙවූ නායින් නුවරට සහ ආශ්චර්යයකින් පුරුෂයන් 5,000දෙනෙකුට ආහාර සපයා අන්ධ මිනිසෙකුට පෙනීම ලබා දුන් බෙත්සයිදා නුවරට එතරම් දුරකින් නොවන බව සැලකිල්ලට ගන්න.

ක්‍රිස්තු වර්ෂ 32 පැවති පාස්කු උත්සවයෙන් පසු යේසුස් ෆිනීෂියාවේ වරායන් දෙකක් වන තීර් සහ සීදොන් දක්වා උතුරු දෙසට ගමන් කළේය. ඉන්පසුව තම දේවසේවයෙහි කොටසක් ලෙස දෙකපොලිසය යනුවෙන් හඳුන්වන ලද ග්‍රීක ආභාසයට නතු වූ නුවරවල් දහයෙන් කිහිපයක සංචාරය කළේය. පේතෘස් ඔහුව මෙසියස් ලෙස පිළිගත් අවස්ථාවේදී යේසුස් සිටියේ සිසේරිය ෆිලිප්පියේය (F2). වැඩි කලක් යන්නට මත්තෙන් යේසුස්ගේ අන්වෙසක් වීම ඇතැම්විට සිදු වූයේ හෙර්මොන් කන්දේදී විය හැක. පසු කාලයකදී යේසුස් යොර්දාන් ගඟින් එගොඩ පිහිටි පෙරයාව නම් ප්‍රදේශයෙහි දේශනා කළේය.—මාක් 7:24-37; 8:27–9:2; 10:1; ලූක් 13:22, 33.

යේසුස් මිහිපිට දිවි ගෙවූ අවසාන සතිය තම ගෝලයන් සමඟ ගත කළේ “මහ රජුගේ නුවර” වන යෙරුසලමේ සහ ඒ අවට ප්‍රදේශවලය. (මතෙ 5:35, NW) සුවිශේෂයන් කියවීම තුළින් ඊට ආසන්නව පිහිටි ස්ථාන කිහිපයක් ඔබට සොයාගත හැකි වේ. නිදසුනකට, එම්මාවුස්, බෙතානිය, බෙත්පාගය සහ බෙත්ලෙහෙම සඳහන් කළ හැකිය.—ලූක් 2:4, NW; 19:29; 24:13; 18වන පිටුවේ “යෙරුසලම් ප්‍රදේශය” නමැති කොටුව බලන්න.

[29වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

පොරොන්දු දේශය (යේසුස්ගේ දවසේදී)

යේසුස්ගේ දවසේදී දේශය

දෙකපොලිසයේ නුවරවල්

E5 හිපෝ(ස්)

E6 පෙල්ලා

E6 ස්කිතොපොලිස්

F5 ගදාරා

F7 ගෙරාසා

G5 ඩියොන්

G9 ෆිලදෙල්ෆියා

H1 දමස්කය

H4 රෆානා

I5 කනාතා

මහාමාර්ග (ප්‍රකාශනය බලන්න)

ගලීලය සහ යෙරුසලම අතර පිහිටි කෙළින් මාර්ගය (ප්‍රකාශනය බලන්න)

පෙරයාව හරහා වැටී තිබූ ගලීලය සහ යෙරුසලම අතර පිහිටි විකල්ප මාර්ගය (ප්‍රකාශනය බලන්න)

A11 ගාසාව

B6 සිසේරිය

B8 යොප්පාව

B9 ලිද්දාව

B12 බෙයර්-ෂෙබා

C4 ටොලමැයිස්

C8 සමාරිය

C8 අන්තිපත්‍රිසය

C8 අරිමාතිය

C9 එම්මාවුස්

C10 යුදය

C11 හෙබ්‍රොන්

C12 ඉදුමය

D1 සීදොන්

D2 තීර්

D3 ෆිනීෂියාව

D4 ගලීලය

D4 කානා

D5 සෙෆොරිස්

D5 නාසරෙත්

D5 නායින්

D7 සමාරිය

D7 සිකාර්

D9 එෆ්‍රායිම්

D9 බෙත්පාගය

D9 යෙරුසලම

D9 බෙතානිය

D10 බෙත්ලෙහෙම

D10 හෙරෝඩියම්

D10 යුදයේ පාළුකරය

D12 මසාඩා

E4 කොරාසීනය

E4 බෙත්සයිදාව

E4 කපර්ණවුම

E4 මගදානය

E5 ටයිබීරියස්

E5 හිපෝ(ස්)

E6 බෙතානිය? (යොර්දානෙන් එගොඩ)

E6 ස්කිතොපොලිස්

E6 පෙල්ලා

E6 සාලිම්

E6 ඒනොන්

E9 යෙරිකෝව

F1 අබිලේනිය

F2 සිසේරිය ෆිලිප්පිය

F4 ගමාලා

F5 අබීලා?

F5 ගදාරා

F7 පෙරයාව

F7 ගෙරාසා

G3 ඉතුරය

G5 ඩියොන්

G6 දෙකපොලිසය

G9 ෆිලදෙල්ෆියා

H1 දමස්කය

H3 ට්‍රකොනීටස්

H4 රෆානා

H12 අරාබිය

I5 කනාතා

[කඳු]

D7 ඒබාල් කන්ද

D7 ගෙරිසීම් කන්ද

F2 හෙර්මොන් කන්

[මුහුදු]

B6 මධ්‍යධරණී මුහු (මහ මුහු)

E4 ගලීල මුහුද

E10 ලුණු මුහුද (මළ මුහු)

[ගංගා]

E7 යොර්දාන් ගඟ

[උල්බන් හෝ ළිං]

D7 යාකොබ්ගේ දිය උල්පත

[28වන පිටුවේ පින්තූරය]

ගලීල මුහුද. කපර්ණවුම ඉදිරිපස වම් පැත්තට පිහිටා තිබේ. මෙම දසුන දැකිය හැක්කේ ගෙනසරෙත් තැනිතලාව හරහා නිරිත දෙසින් බලන විටය

[28වන පිටුවේ පින්තූරය]

සමාරිය ජාතිකයන් නමස්කාර කළේ ගෙරිසීම් කන්දේදීය. පසුබිමෙහි තිබෙන්නේ ඒබාල් කන්දයි