Skip to content

පටුනට යන්න

යුදෙව්වෝ ග්‍රීසියේ හා රෝමයේ බලපෑමට හසු වෙති

යුදෙව්වෝ ග්‍රීසියේ හා රෝමයේ බලපෑමට හසු වෙති

යුදෙව්වෝ ග්‍රීසියේ හා රෝමයේ බලපෑමට හසු වෙති

ග්‍රීසිය අධිරාජ්‍යයේ ව්‍යාප්තිය පටන්ගත්තේ මැසිඩෝනියාවේ කඳුකර ප්‍රදේශයේ සිටය. විසිවන වියේ මුල් කාලයේ පසු වූ ඇලෙක්සැන්ඩර් එම ප්‍රදේශයේ නැඟෙනහිර දෙසට සිය නෙත් යොමු කරන්නට පටන්ගත්තේය. ක්‍රිස්තු පූර්ව 334දී ඔහු යුරෝපය හා ආසියාව අතර මායිමේ පිහිටි හෙලස්පොන්ට් (ඩාර්ඩනෙල්ස්) සමුද්‍ර සන්ධිය හරහා ඔහුගේ හමුදාවන් ගෙන ගියේය. වේගයෙන් දිව යන “දිවියෙකු” මෙන් වූ ඇලෙක්සැන්ඩර්ගේ මෙහෙයවීම යටතේ ජයග්‍රහණ කිහිපයක් ශීඝ්‍රයෙන් අත් කරගැනීමට ග්‍රීකවරු පටන්ගත්හ. (දානි 7:6, NW) ඇලෙක්සැන්ඩර් ට්‍රෝයි අසල පිහිටි ග්‍රැනිකස් ගඟේ තැනිතලාවලදී පර්සියානුවන්ව පරාජය කොට, ඉසස්හිදී ඔවුන්ව අන්ත පරාජයකට ලක් කළේය.

ග්‍රීකවරු සිරියාව සහ ෆිනීෂියාව ආක්‍රමණය කොට මාස හතක වටලෑමකින් අනතුරුව තීර් පරාජය කොට විනාශ කළෝය. (එස 26:4, 12) යෙරුසලම බේරමින් ඇලෙක්සැන්ඩර් ඊළඟට අල්ලාගත්තේ ගාසාය. (සෙක 9:5) ඊජිප්තුවට පා තැබුවායින් පසු හෙතෙම ඇලෙක්සැන්ඩ්‍රියාව නමැති නගරය පිහිටුවීය. මෙය පසුව වෙළඳ හා අධ්‍යාපනික මධ්‍යස්ථානයක් බවට පත් විය. ඔහු නැවත පොරොන්දු දේශය හරහා යමින් නිනිවයේ නටබුන්වලට ආසන්නව පිහිටි ගෝගමේලාහිදී පර්සියානුවන්ව යළිත් අන්ත පරාජයකට ලක් කළේය.

දකුණු දෙසට ගමන් ගත් ඇලෙක්සැන්ඩර් පර්සියානු පරිපාලන මධ්‍යස්ථාන ලෙස පැවති බැබිලෝනිය, ෂූෂන් (සූසා) සහ පර්සෙපොලිසය අල්ලාගත්තේය. ඊළඟට හෙතෙම විදුලි වේගයෙන් පර්සියානු රාජධානිය හරහා ගමන් කළේ දැන් පකිස්ථානයේ පිහිටි ඉන්දු ගංගාව වෙත ළඟා වෙමිනි. වසර අටක් තරම් කෙටි කාලයක් තුළ ඇලෙක්සැන්ඩර් එවකට සොයාගෙන තිබූ ලොවෙන් වැඩි හරියක්ම යටත් කරගත්තේය. එනමුත් ක්‍රි.පූ. 323දී වයස අවුරුදු 32ක්ව සිටියදී හෙතෙම මැලේරියා රෝගය වැලඳී බැබිලෝනියේදී මිය ගියේය.—දානි 8:8.

පොරොන්දු දේශය තුළ හෙලනිස්තික (ග්‍රීක) බලපෑම ප්‍රබල විය. ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවෙන් විශ්‍රාම ගත් සමහරදෙනෙක් එම ප්‍රදේශයෙහි පදිංචි වූහ. මුල් සියවස වන විට ග්‍රීක භාෂාව කතා කරන නුවරවල් සමූහයක් (දෙකපොලිසය) එම ප්‍රදේශයේ පිහිටා තිබිණ. (මතෙ 4:25; මාක් 7:31) හෙබ්‍රෙව් ලියවිලිද ග්‍රීක් භාෂාවට පරිවර්තනය කෙරිණ. ක්‍රිස්තියානි ඉගැන්වීම් ව්‍යාප්ත කිරීමේදී ජාත්‍යන්තර භාෂාවක් වූ කීනි (පොදු ග්‍රීක් භාෂාව) මහෝපකාරී විය.

රෝම අධිරාජ්‍යය

බටහිරට වෙන්න සිදු වෙමින් පැවතියේ කුමක්ද? කලින් ටයිබර් නදිය අසල පිහිටි ගම් කිහිපයකින් සමන්විත වූ රෝමයේ වැදගත්කම වැඩි වන්නට විය. කාලයාගේ ඇවෑමෙන්, රෝමයේ තිබූ කාර්යක්ෂම යුධ සේනාංක හා මධ්‍යගත වූ දේශපාලන බලය ආධාරයෙන් ඇලෙක්සැන්ඩර්ගේ සෙන්පතීන් සිව්දෙනාගේ අණසක යටතේ පැවති ප්‍රදේශ විගස ගිල දැමීමට රෝමයට හැකි විය. ක්‍රිස්තු පූර්ව 30 වන විට පැහැදිලිවම රෝම අධිරාජ්‍යය ප්‍රබල තත්වයක සිටියේය. එය වනාහි දානියෙල් දර්ශනයෙන් දුටු ‘භයානක මෘගයා’ ලෝක දසුනේ මුලින්ම රඟ දැක්වූ අවස්ථාව විය.—දානි 7:7.

රෝම අධිරාජ්‍යය බ්‍රිතාන්‍යයේ සිට උතුරු අප්‍රිකාව දක්වාද, අත්ලන්තික් සාගරයේ සිට පර්සියානු බොක්ක දක්වාද විහිදී ගියේය. එම අධිරාජ්‍යය මධ්‍යධරණී මුහුද වටා පිහිටා තිබුණු නිසා රෝමවරුන් එය හැඳින්වූයේ මාරෙ නොස්තෘම් (අපගේ මුහුද) ලෙසිනි.

යුදෙව්වරුන්ද රෝමවරුන්ගේ බලපෑමට ලක් විය. මන්දයත් එම දේශයද රෝම අධිරාජ්‍යයේ කොටසක් වූ බැවිනි. (මතෙ 8:5-13; ක්‍රියා 10:1, 2) යේසුස් බව්තීස්ම වූයේද, මිය ගියේද ටයිබීරියස් අධිරාජ්‍යයාගේ පාලන සමයේදීය. රෝම පාලකයන් සමහරදෙනෙකු ඉතා කුරිරු ලෙස ක්‍රිස්තියානීන්ට පීඩා කළද සැබෑ නමස්කාරය යටපත් කර දමන්නට ඔවුන් සමත් වූයේ නැත. සියවස් 13කට පසුව උතුරේ විසූ ජර්මන් ගෝත්‍රිකයන්ගේද නැඟෙනහිරින් පැමිණි සංචාරක ආක්‍රමණිකයන්ගේද ප්‍රහාරවලට හසුවීම නිසා එම අධිරාජ්‍යය අභාවයට ගියේය.

[26වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ග්‍රීසිය අධිරාජ්‍යය

ඇලෙක්සැන්ඩර්ගේ අභාවයෙන් පසු එම දැවැන්ත අධිරාජ්‍යය පාලනය කළේ ඔහුගේ සෙන්පතීන් සිව්දෙනෙකුය

කැසන්ඩර්

▫ ලිසිමැකස්

පළමුවන ටොලමි

• පළමුවන සෙලෙව්කස්

A2 ▪ ග්‍රීසිය

A2 ▪ ඇතන්ස්

A2 ▪ ඇකේයාව

A3 ○ එෆීසය

A3 ○ ලිබියාව

B2 ▫ බයිසැන්තියම

B3 ○ සයිප්‍රසය

B4 ○ නෝ-ආමොන් (තීබ්ස්)

C3 පැල්මයිරා (තද්මොර්)

C3 ○ ගෙරාසා

C3 ○ ෆිලදෙල්ෆියාව

C3 ○ යෙරුසලම

C5 ○ සෙවේනේ

G2 • ඇලෙක්සැන්ඩ්‍රියා මාර්ජේනා

ඇලෙක්සැන්ඩර්ගේ ගමන් මාර්ගය

A2 ▪ මැසිඩෝනියාව

A2 ▪ පෙල්ලා

A2 ▫ ත්‍රේස්

B2 ▫ ට්‍රෝයි

B2 ▫ සර්දිස්

B2 ▫ එෆීසය

B2 ▫ ගෝර්ඩියම්

C2 ▫ ඇන්කාරා

C3 • ටාසස්

C3 • ඉසස්

C3 • අන්තියෝකිය (සිරියාවේ)

C3 ○ තීර්

C4 ○ ගාසාව

B4 ○ ඊජිප්තුව

B4 ○ මෙම්ෆිස්

B4 ○ ඇලෙක්සැන්ඩ්‍රියාව

A4 ○ සිවා ක්ෂේම භූමිය

B4 ○ මෙම්ෆිස්

C4 ○ ගාසාව

C3 ○ තීර්

C3 ○ දමස්කය

C3 • අලෙපෝ

D3 • නිසිබිස්

D3 • ගෝගමේලා

D3 • බැබිලෝනිය

E3 • ෂූෂන්

E4 • පර්සියාව

E4 • පර්සෙපොලිසය

E4 • පසාර්ගඩි

E3 • මේදියාව

E3 • එක්බටානා

E3 • රේජි

E3 • හෙකටොම්පුලොස්

F3 • පාර්තියා

G3 • ඇරියා

G3 • ඇලෙක්සැන්ඩ්‍රියා ආරියොන්

G3 • ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රෝප්තේසියා

F4 • ඩ්‍රැන්ජියේනා

G4 • ඇරකෝසා

G4 • ඇලෙක්සැන්ඩ්‍රියා ඇරකෝසියෝරම්

H3 • කාබුල්

G3 • ඩ්‍රාප්සාකා

H3 • ඇලෙක්සැන්ඩ්‍රියා ඔක්සියානා

G3 • ඩ්‍රාප්සාකා

G3 • බැක්ට්‍රියාව

G3 • බැක්ට්‍රා

G2 • දර්බෙන්ට්

G2 • සොග්ඩියානා

G2 • මැරකන්ඩා

G2 • බුකාරා

G2 • මැරකන්ඩා

H2 • ඇලෙක්සැන්ඩ්‍රියා එස්කාටි

G2 • මැරකන්ඩා

G2 • දර්බෙන්ට්

G3 • බැක්ට්‍රා

G3 • බැක්ට්‍රියාව

G3 • ඩ්‍රාප්සාකා

H3 • කාබුල්

H3 • තක්සලා

H5 • ඉන්දියාව

H4 • ඇලෙක්සැන්ඩ්‍රියාව

G4 • ජඩ්‍රෝසා

F4 • පූරා

E4 • පර්සියාව

F4 • ඇලෙක්සැන්ඩ්‍රියාව

F4 • කර්මානියා

E4 • පසාර්ගඩි

E4 • පර්සෙපොලිසය

E3 • ෂූෂන්

D3 • බැබිලෝනිය

[වෙනත් ස්ථාන]

A3 ක්‍රීටි

D4 අරාබිය

[වුහුදු]

B3 මධ්‍යධරණී මුහුද

C5 රතු මුහුද

E4 පර්සියානු බොක්ක

G5 අරාබි මුහුද

[ගංගා]

B4 නයිල්

D3 යුප්‍රටීස්

D3 ටයිග්‍රිස්

G4 ඉන්දු

[27වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

රෝම අධිරාජ්‍යය

A1 බ්‍රිතාන්‍යය

A3 ස්පාඤ්ඤය

B1 ජර්මේනියාව

B2 ගෝල්

B2 ඉතාලිය

B2 රෝමය

B3 කාතේජ්

C2 ඉලිරිකම

C3 ග්‍රීසිය

C3 ඇක්ටියම්

C3 එෆීසය

D2 බයිසැන්තියම (කොන්ස්ටැන්ටිනෝපල්)

D3 කුඩා ආසියාව

D3 එෆීසය

D3 අලෙපෝ

D3 අන්තියෝකිය (සිරියාවේ)

D3 දමස්කය

D3 ගෙරාසා (ජෙරාෂ්)

D3 යෙරුසලම

D3 ඇලෙක්සැන්ඩ්‍රියාව

D4 ඊජිප්තුව

[මුහුදු]

A2 අත්ලන්තික් සාගරය

C3 මධ්‍යධරණී මුහු

D2 කලු මුහුද

D4 රතු මුහු

[26වන පිටුවේ පින්තූරය]

රබ්බා යළිත් ගොඩනඟා දෙවන ටොලමි ඊට ෆිලදෙල්ෆියා යන නම දුන්නේය. විශාල රෝම රංග භූමියක නටබුන් තවමත් එහි දැකගත හැක

[27වන පිටුවේ පින්තූරය]

දෙකපොලිසයේ ගෙරාසා (ජෙරාෂ්) නුවර

[27වන පිටුවේ පින්තූරය]

අලෙපෝ ළඟ පිහිටි මෙම රෝම මාර්ගය වැනි මාර්ග යුරෝපය, උතුරු අප්‍රිකාව සහ මැද පෙරදිග ප්‍රදේශ දක්වා විහිදී ගියේය. බයිබල් සත්‍යතා බෙදාහැරීමට ක්‍රිස්තියානීන් ගමන් ගත්තේ මෙම මාර්ග ඔස්සේය