Skip to content

පටුනට යන්න

යෙරුසලම සහ සලමොන්ගේ දේවමාළිගාව

යෙරුසලම සහ සලමොන්ගේ දේවමාළිගාව

යෙරුසලම සහ සලමොන්ගේ දේවමාළිගාව

එම නුවර හඳුන්වන ලද්දේ “අලංකාරයේ සම්පූර්ණත්වය” ලෙසත් “මහා රජ්ජුරුවන්ගේ නුවර” ලෙසත්ය. (ගීතා 48:2; 50:2; විලා 2:15) දෙවිගේ ජනයාගේ අගනුවර වූයේ යෙරුසලමයි. (ගීතා 76:2) දාවිත් එම නුවර යෙබූසිවරුන්ගෙන් අල්ලාගෙන එය තම අගනුවර බවට පත් කරගත් පසු ඊට “දාවිත්ගේ නුවර” නැත්නම් “සියොන්” යන නම දෙන ලදි.—2සාමු 5:7.

යෙරුසලමේ පිහිටීම යුද්ධයකදී එතරම් වාසිදායක නොවුවද දෙවි ඊට තම නාමය ලබා දුන් බැවින් එය කීර්තියක් උසුලන්නට පටන්ගත්තේය. (ද්වි 26:2) ඊශ්‍රායෙල් ජාතියේ ආගමික සහ පරිපාලන මධ්‍යස්ථානය වූයේ එයයි.

යෙරුසලම පිහිටා තිබෙන්නේ මධ්‍යම යුදයේ කඳුකරයේ මීටර් 750ක උසකින්ය. එය “උසින් අලංකාර” බවත්, එහි යෑමට නමස්කාරකයන් ‘ඉහළට නඟින’ බවත් බයිබලයෙහි පැවසේ. (ගීතා 48:2; 122:3, 4, NW) එම පුරාණ නුවර නිම්නවලින් වට වී තිබිණ. බටහිරින් සහ දකුණින් පිහිටියේ හින්නොම් මිටියාවත නොහොත් නිම්නයයි. තවද නැඟෙනහිරින් පිහිටියේ කිද්‍රොන් නිම්නයයි. (2රාජා 23:10; යෙරෙ 31:40) පිරිසිදු ජලය ලබාගැනීම සඳහා කිද්‍රොන් නිම්නයෙහි පිහිටි ගීහොන් උල්පතද, * දකුණට වෙන්න පිහිටි ඒන්-රොගෙල්ද ඉවහල් විය. එම ජල උල්පත් බෙහෙවින් උපකාරවත් වූයේ සතුරන්ගෙන් ප්‍රහාර එල්ල වූ කාලවලදී ජලය ලබාගැනීම සඳහායි.—2සාමු 17:17.

විසිඑක්වන පිටුවේ තිබෙන රූපසටහනෙහි දාවිත්ගේ නුවර රතු පාටින් දක්වා ඇත. දාවිත් සහ සලමොන්ගේ පාලන සමවලදී එම නුවර උතුරු දෙසට ව්‍යාප්ත කරනු ලැබූ අතර ඕපෙල් (කොළ පාට) සහ මොරියා කන්ද (නිල් පාට) නගර සීමාවට ඇතුළත් කරන ලදි. (2සාමු 5:7-9; 24:16-25) වඩාත් උසින් පිහිටි මොරියා කන්ද උඩ සලමොන් යෙහෝවා වෙනුවෙන් තේජවත් දේවමාළිගාවක් ඉදි කළේය. වාර්ෂිකව පවත්වන ලද මංගල්‍යයන්වලදී ‘යෙහෝවාගේ කන්දට’ නමස්කාරකයන් රැස් වූ ආකාරය ඔබට සිතින් මවාගත හැකිද? (සෙක 8:3) දාහත්වන පිටුවේ දක්වා ඇති මාර්ග පද්ධතිය එවන් ගමනාගමනයකට අවකාශ සැලසීය.

රනින් සහ අනර්ඝ මැණික්වලින් අලංකාර කරන ලද සලමොන්ගේ දේවමාළිගාව මෙතෙක් ඉදි කර ඇති මිල අධිකතම ගොඩනැඟිලි අතුරින් එකකි. මෙහිලා සුවිශේෂී වැදගත්කම නම් එහි ගෘහ නිර්මාණ සැලැස්ම සපයා දුන්නේ යෙහෝවා වීමයි. මේ සමඟ දක්වා ඇති චිත්‍රයෙන් දැකගත හැකි පරිද්දෙන් දේවමාළිගාව අවට විශාල මළු සහ පරිපාලන ගොඩනැඟිලි තිබිණ. ඒ හා බැඳි තොරතුරු සියල්ල විමසිලිමත්ව අධ්‍යයනය කිරීම වටී.—1රාජා 6:1–7:51; 1ලේක 28:11-19; හෙබ්‍රෙ 9:23, 24.

[පාදසටහන]

^ 4 ඡේ. හෙසකියා රජ මෙම උල්පත වසා දමා බස්නාහිරට වෙන්න පිහිටි පොකුණකට ජලය ගලා බසින සේ උමඟක් ගොඩනැඟීය.—2ලේක 32:4, 30.

[21වන පිටුවේ කොටුව]

කාලයාගේ ඇවෑමෙන් යෙරුසලම බටහිර දෙසට හා උතුරු දෙසට ව්‍යාප්ත විය. සලමොන්ගෙන් පසු පාලනය කළ යුදයේ රජවරු පවුරු සහ දොරටු ඉදි කළෝය. ඇතැම් පවුරු පිහිටි නියමිත ස්ථානය හා ඒවා කොතරම් දුරට ව්‍යාප්ත වූවාද යන්න පිළිබඳව පැහැදිලි අදහසක් ලබාගැනීම සඳහා අඛණ්ඩව සිදු කරන පුරාවිද්‍යාත්මක කැණීම් උපකාරවත් විය හැක. එම නුවර ක්‍රි.පූ. 607දී විනාශ කරනු ලැබූ අතර ඉන්පසුව වසර 70ක් පුරා පාළු තත්වයක පැවතිණ. යුදෙව්වන් නැවත පැමිණීමෙන් වසර 80කට පමණ පසුව නෙහෙමියා යෙරුසලමේ පවුරු යළි ගොඩනැඟීමේ ඉතා පුළුල් ව්‍යාපෘතියක් දියත් කළේය.

[21වන පිටුවේ රූප සටහන/පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

යෙරුසලම/සලමොන්ගේ දේවමාළිගාව

සලමොන්ගේ කාලයේදී දේවමාළිගාවට අයත් වූ සීමාව

දේවමාළිගාවේ කොටස්

1. අතිශුද්ධස්ථානය

2. ශුද්ධස්ථානය

3. ශාලාව

4. බෝවස්

5. යාකීන්

6. තඹ පූජාසනය

7. ජල තටාකය

8. කරත්ත

9. වටේට පිහිටි කාමර

10. භෝජන ශාලා

11. ඇතුල් මළුව

දේවමාළිගාවට අයත් සීමාව

මොරියා කන්ද

භෝජන ශාලා

කරත්ත

 

වටේට පිහිටි කාමර

අති බෝවස්

ශුද්ධස්ථානය ශුද්ධ ශාලාව තඹ ඇතුල්

යාකීන් පූජාසනය මළුව

 

කරත්ත ජල

තටාකය

 

ඕපෙල්

මහජන චතුරස්‍රය

වතුර දොරටුව?

දාවිත්ගේ නුවර

සියොන් කන්ද

දාවිත්ගේ මාළිගාව

උල්පත් දොරටුව

මනස්සේගේ පවුර?

හනනේල්ගේ කොත

මියාගේ කොත

බැටළු දොරටුව

මුර දොරටුව

විභාග දොරටුව

අශ්ව දොරටුව

කිද්‍රොන් නිම්නය

පහළ පවුර?

ගීහොන්

පසුකාලීන ජල උමඟ

තයිරෝපියානු නිම්නය

කසළ දොරටුව (වළං කැබිලිති) (සත්ව අශූචි)

ඒන්-රොගෙල්

මිටියාවතේ දොරටු

හින්නොම්ගේ නිම්නය

කොනේ දොරටුව

උදුන් කොත

පළල් පවුර

එෆ්‍රායිම් දොරටුව

මහජන චතුරස්‍රය

පරණ නුවර දොරටුව

මුල් අවදියේ උතුරු පවුර

දෙවෙනි කොට්ඨාසය

මත්ස්‍ය දොරටුව

[පින්තූරය]

ඕපෙල්

පාරාවෝගේ දියණියගේ ගෙය

සලමොන්ගේ මාළිගාව

ලෙබනොන් වනය නම් ගෘහය

කුලුනු ශාලාව

සිංහාසනයේ ශාලාව

මොරියා කන්ද

මහ මිදුල

දේවමාළිගාව

[20වන පිටුවේ පින්තූරය]

ඉදිරිපස කොටසෙහි දැක්වෙන්නේ “දාවිත්ගේ නුවර” පිහිටා තිබුණු තැනය. දේවමාළිගාව පිහිටා තිබුණේ සමතලා ප්‍රදේශයෙහිය (පසුතලය)

[20වන පිටුවේ පින්තූරය]

පරිගණක ආධාරයෙන් සකසන ලද ඉපැරණි “දාවිත්ගේ නුවර” සහ සලමොන්ගේ දේවමාළිගාව