Skip to content

පටුනට යන්න

‘යෙහෝවා විනිසුරුවන් පත් කළ අවදිය’

‘යෙහෝවා විනිසුරුවන් පත් කළ අවදිය’

‘යෙහෝවා විනිසුරුවන් පත් කළ අවදිය’

ඔබට සිතියමෙහි තාබෝර් කන්ද (F4) පිහිටි ස්ථානය පහසුවෙන්ම සොයාගත හැකියි. එය තිබෙන්නේ ගලීල මුහුදට නිරිත දෙසින් පිහිටි යෙශ්‍රෙයෙල් මිටියාවතෙහිය. මෙම කන්ද උඩ 10,000දෙනෙකුගෙන් යුත් හමුදාවක් එක්රැස් වී සිටින අන්දම ඔබේ සිතින් මවාගැනීමට උත්සාහ කරන්න. විසි වසරක් පුරා ජනතාවට පීඩා කළ කානානීය යාබින් රජුට එරෙහිව යුද්ධ කිරීම සඳහා ඊශ්‍රායෙල්ව සූදානම් කරනු වස් යෙහෝවා විනිසුරු බාරාක් සහ අනාගතවක්තෘවරියක් වූ දෙබොරාව පාවිච්චි කළේය. භයානක යකඩ දෑකැති සවි කර තිබූ යාබින්ගේ යුධ රථ 900 සේනාවේ අධිපතියා වූ සිසෙරාගේ නායකත්වය යටතේ හරොෂෙත්හි සිට මෙගිද්දෝ සහ තාබෝර් කන්ද අතර පිහිටි කීෂොන් ඔයේ වියළි මිටියාවතට පැමිණියෝය.

සිසෙරාගේ බළඇණිය සමඟ සටන් කිරීම සඳහා විනිසුරු බාරාක් ඊශ්‍රායෙල්හි පුරුෂයන් සමඟ එම මිටියාවතට බැස්සේය. යෙහෝවා ඔවුන්ට ජය ලබා දුන්නේ හදිසි ගංවතුරක් ගැලීමට සැලැස්වීමෙනි. ප්‍රතිඵලයක් ලෙස සිසෙරාගේ යුධ රථ මඩේ එරුණු අතර එම කානානිවරු බියෙන් භිරාන්ත වූවෝය. (විනි 4:1–5:31) විනිසුරුවන් පාලනය කළ අවදියේදී දෙවි ඊශ්‍රායෙලයට ලබා දුන් ජයග්‍රහණ රාශියෙන් එය එකක් පමණි.

කානාන් දේශය ජයගත්තායින් පසු ඊශ්‍රායෙල්හි ගෝත්‍රවලට දේශය බෙදා වෙන් කරන ලදි. ලෙවී ගෝත්‍රයට අයත් නොවූ ගෝත්‍ර පදිංචි වූයේ කොතැන්හිදැයි සැලකිල්ලට ගන්න. කුඩා සිමියොන් ගෝත්‍රයට හිමි වූ නුවරවල් පිහිටා තිබුණේ යූදාට අයත්ව තිබූ ප්‍රදේශය තුළමය. යෝෂුවාගේ මරණයෙන් පසුව ජාතිය ආත්මිකවත් සදාචාරමය වශයෙනුත් පිරිහිණ. සතුරන්ගේ හිරිහැරවලට ලක් වෙමින් ඊශ්‍රායෙල් ජාතිය “තද අමාරුවට පත් වුණෝය.” උද්ගත වූ මෙම තත්වයන්ට ප්‍රතිචාරය දක්වමින් යෙහෝවා දයාන්විත ලෙස ‘විනිසුරුවන් නැඟිටුවේය.’ එසේ පත් කරන ලද්දේ ඇදහිල්ලෙන් හා නිර්භීතකමෙන් ක්‍රියා කළ පුරුෂයන් 12දෙනෙකුවය. මෙම පුරුෂයෝ සියවස් තුනක කාල පරිච්ඡේදයක් පුරා ඊශ්‍රායෙලයට ගැලවීම අත් කර දුන්නෝය.—විනි 2:15, 16, 19.

විනිසුරු ගිඩියොන් සෙබළුන් 1,35,000කින් යුත් මිදියන් හමුදාවක් අන්ත පරාජයකට ලක් කිරීම සඳහා භාවිත කළේ සැහැල්ලු අවිවලින් සන්නද්ධ වූ කාර්යශූර සෙබළුන් 300දෙනෙකු තරම් කුඩා පිරිසක් පමණි. සටන්බිම පිහිටා තිබුණේ ගිල්බෝවා කන්ද සහ මෝරේ අතරේය. මුල් සටනින් ජය ලැබුවායින් පසු ගිඩියොන් නැඟෙනහිර දෙසින් පිහිටි කාන්තාරය තුළටම සතුරාව පලවාහැරියේය.—විනි 6:1–8:32.

මනස්සේ ගෝත්‍රයට අයත් ගිලියදීයවරයෙක් වූ යෙෆ්තා යොර්දාන් ගඟට නැඟෙනහිර දෙසට වෙන්න පිහිටි ඊශ්‍රායෙලිත නුවරවල් පීඩාකාරී අම්මොන්වරුන්ගෙන් නිදහස් කළේය. ජය අත් කරගැනීම සඳහා යෙෆ්තා බොහෝදුරට ගමන් කළේ රාමොත්-ගිලියද් හා අරෝයේර් යන ප්‍රදේශය එකට සම්බන්ධ කළ රජ මාවත දිගේය.—විනි 11:1–12:7.

පිලිස්තිවරුන්ට එරෙහිව සැම්සන් කළ වික්‍රමාන්විත ක්‍රියා වැඩි වශයෙන් සිදු කළේ ගාසාවට සහ අෂ්කෙලොන්ට ආසන්නව පිහිටි වෙරළබඩ ප්‍රදේශයෙහිය. ගාසාව පිහිටා තිබෙන්නේ කෘෂිකර්මයට ප්‍රසිද්ධ වූ හොඳ ජල සැපයුමක් සහිත ප්‍රදේශයකය. සම්සොන් සිවලුන් 300දෙනෙකුව භාවිත කරමින් පිලිස්තිවරුන්ගේ ධාන්‍ය වගාවන්, මිදි වතු සහ ඔලීව වතු ගින්නෙන් අවුළුවා දැම්මේය.—විනි 15:4, 5.

බයිබල් වාර්තාවල සඳහන් තොරතුරුවලින් හෝ ඔවුන් අයත්ව සිටි ගෝත්‍රය ගැන සඳහන් කිරීමෙන් පෙනී යන්නේ මෙම විනිසුරුවන් පොරොන්දු දේශය පුරාම ක්‍රියාශීලීව කටයුතු කළ බවය. සිදුවීම් කොතැනක සිදු වුවද අර්බුදකාරී අවස්ථාවලදී යෙහෝවා තම පසුතැවිලි වූ ජනයාව මැනවින් රැකබලා ගත් බව මෙයින් පැහැදිලිය.

[15වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ගෝත්‍ර හො විනිසුරුවෝ

විනිසුරුවෝ

1. ඔත්නියෙල් (මනස්සේ ගෝත්‍ර)

2. එහුද් (යූදා ගෝත්‍ර)

3. ෂම්ගර් (යූදා ගෝත්‍ර)

4. බාරාක් (ගෝත්‍ර නෆ්තලී)

5. ගිඩියොන් (ගෝත්‍ර ඉස්සාකර්)

6. තෝලා (මනස්සේ ගෝත්‍ර)

7. යායිර් (මනස්සේ ගෝත්‍ර)

8. යෙෆ්තා (ගාද් ගෝත්‍ර)

9. ඉබ්ශාන් (සෙබ්‍යුලන් ගෝත්‍ර)

10. ඒලොන් (සෙබ්‍යුලන් ගෝත්‍ර)

11. අබ්දොන් (ගෝත්‍ර එෆ්‍රායිම්)

12. සැම්සන් (යූදා ගෝත්‍ර)

ගෝත්‍රවලට උරුම වූ කොටස් (ප්‍රකාශනය බලන්න)

මනස්සේහි වෙන් කරන ලද නුවරවල්

E4 දෝර්

E5 මෙගිද්දෝ

E5 තයනාක්

F4 ඒන්-දෝර්

F5 බෙත්-ෂෙයාන් (බෙත්-ෂාන්)

F5 ඉබ්ලෙයාම් (ගැත්-රිම්මොන්)

සිමියොන්හි වෙන් කරන ලද නුවරවල්

C9 ෂාරුහෙන් (ෂයරාම්) (ෂිල්හිම්)

C10 බෙත්-ලෙබායොත් (බෙත්-බිරි)

D8 එතෙර් (තොකෙන්)

D9 ශික්ලග්

D9 ආයින්

D9 හශර්-සුසා?

D9 ආෂාන්

D9 බෙයර්-ෂෙබා

D10 හශර්-ෂූවාල්

E9 එශෙම්

E9 බෙත්-මර්කාබොත්

E9 බෙතුයෙල්? (කෙසීල්?)

E9 ෂෙබා? (යේෂුවා)

E10 බාලත්-බෙයේර් (බාල්)

E10 එශෙම්

ලෙවීවරුන්ගේ ආරක්ෂක නුවරවල්

E8 හෙබ්‍රොන්

F3 කාදෙෂ්

F6 ෂීකෙම්

H4 ගෝලාන්

H5 රාමොත්-ගිලියද්

H8 බෙශෙර්

මහාමාර්ග

B10 වියා මාරිස්

G10 රජ මාවත

ඊශ්‍රායෙල්හි ගෝත්‍ර

දාන් (D7)

D7 යොප්පාව

E8 ශොරා

යූදා (D9)

C8 අෂ්කෙලොන්

C9 ගාසාව

C9 ෂාරුහෙන් (ෂයරාම්) (ෂිල්හිම්)

C10 බෙත්-ලෙබායොත් (බෙත්-බිරි)

C12 අශ්මොන්

C12 කාදෙෂ්

D7 යබ්නෙයෙල්

D8 එතෙර් (තොකෙන්)

D9 ශික්ලග්

D9 ආයින්

D9 හශර්-සුසා?

D9 ආයින්

D9 බෙයර්-ෂෙබා

D10 හශර්-ෂූවාල්

E8 ලෙහි

E8 බෙත්ලෙහෙම

E8 හෙබ්‍රොන්

E9 ඒතාම්

E9 බෙත්-මර්කාබොත්

E9 බෙතුයෙල්? (කෙසීල්?)

E9 ෂෙබා? (යේෂුවා)

E10 බාලත්-බෙයේර් (බාල්)

E10 එශෙම්

ආෂෙර් (E3)

E2 තීර්

E4 හරොෂෙත්

E4 දෝර්

F1 සීදොන්

මනස්සේ (E5)

E6 ෂාමීර් (සමාරිය)

E6 පිරාතෝන්

F6 ෂීකෙම්

G5 ආබෙල්-මෙහෝලා

එෆ්‍රායිම් (E7)

E7 තිම්නත්-සෙරා

F6 තප්පුවා

F6 ෂීලෝ

F7 බෙතෙල් (ලූස්)

නෆ්තලී (F3)

F2 බෙත්-අනාත්

F3 කෙදෙෂ්

G3 හාශෝර්

සෙබ්‍යුලන් (F4)

E4 බෙත්ලෙහෙම

ඉස්සාකර් (F5)

E5 මෙගිද්දෝ

E5 කෙදෙෂ් (කිෂියොන්)

E5 තයනාක්

F4 ඒන්-දෝර්

F5 බෙත්-ෂිට්ටා

F5 බෙත්-ෂෙයාන් (බෙත්-ෂාන්)

F5 ඉබ්ලෙයාම් (ගැත්-රිම්මොන්)

බෙන්ජමින් (F7)

F7 ගිල්ගාල්

F8 යෙරුසලම

දාන් (G2)

G2 දාන් (ලායිෂ්)

මනස්සේ (H3)

H4 ගෝලාන්

ගාද් (H6)

G6 සුක්කොත්

G6 පෙනූයේල්

G6 මිශ්පා (මිශ්පේ)

G7 යොග්බෙහා

H5 රාමොත්-ගිලියද්

H7 රබ්බා

H7 ආබෙල්-කෙරාමීම්

රූබන් (H8)

G7 හෙෂ්බොන්

G9 අරෝයේර්

H7 මින්නීත්

H8 බෙශෙර්

[වෙනත් ස්ථාන]

I1 දමස්කය

[කඳු]

F4 තාබෝර් කන්ද

F4 මෝරේ

F5 ගිල්බෝවා කන්ද

F6 ඒබාල් කන්ද

F6 ගෙරිසීම් කන්

[මුහුදු]

C5 මධ්‍යධරණී මුහුද (මහ මුහු)

F9 ලුණු මුහුද

G4 ගලීල මුහුද

[ගංගා ඇළ දොළ]

B11 ඊජිප්තු ඔය

F6 යොර්දාන් ගඟ

G6 යබ්බොක් ඔය

G9 අර්ණොන් ඔය

G11 සෙරෙද් මිටියාවත

[14වන පිටුවේ පින්තූරය]

ඉස්සාකර්ට හිමි ප්‍රදේශයෙහි පිහිටි තාබෝර් කන්ද යෙශ්‍රෙයෙල් මිටියාවතේ සිට ඉහළට නඟියි

[14වන පිටුවේ පින්තූරය]

කීෂොන් ඔය පිටාර ගැලූ නිසා සිසෙරාගේ යුධ රථ මඩෙහි එරුණේය