Skip to content

පටුනට යන්න

යේසුස් දැන සිටි යෙරුසලම සහ දේවමාළිගාව

යේසුස් දැන සිටි යෙරුසලම සහ දේවමාළිගාව

යේසුස් දැන සිටි යෙරුසලම සහ දේවමාළිගාව

යේසුස් ඉපදී වැඩි කාලයක් යන්නට මත්තෙන් යෝසෙප් සහ මරියා ඔහුව ගෙන ගියේ ඔහුගේ ස්වර්ගික පියාණන්ගේ නාමය දැරූ නුවර වන යෙරුසලමටය. (ලූක් 2:22-39) වයස අවුරුදු 12දී පාස්කුව සඳහාද යේසුස් නැවතත් එහි ගියේය. ඔහු ලබා තිබුණු අවබෝධය දුටු දේවමාළිගාවේ ගුරුවරු පුදුමයට පත් වූහ. (ලූක් 2:41-51) මහ හෙරොද්ගේ ඉදි කිරීම් ව්‍යාපෘතියේ එක් අංගයක්ව තිබූ එම දේවමාළිගා සංකීර්ණය නිම කිරීමට “අවුරුදු හතළිස්හයක් ගත විය.”—යොහ 2:20, NW.

යේසුස් සිය සේවය කරගෙන ගිය කාලයේදී යෙරුසලමෙහි පැවැත්වූ මංගල්‍යවලට පැමිණි අතර එම අවස්ථාවලදී සමූහයන්ට නිතරම පාහේ ඔහු ඉගැන්වීය. අවස්ථා දෙකකදීම ඔහු දේවමාළිගා මළුවෙන් මුදල් මාරුකරන්නන්ව සහ වෙළඳුන්ව එළවා දැමීය.—මතෙ 21:12; යොහ 2:13-16.

දේවමාළිගාවට උතුරින් පිහිටි බෙත්සාතා පොකුණ අසල යේසුස් වසර 38ක් පුරා රෝගීව සිටි මිනිසෙකුව සුව කළේය. තවද දෙවිගේ පුත්‍රයා අන්ධයෙකුටද පෙනීම ලබා දුන් අතර පෙනීම ලබාගැනීම සඳහා ගොස් නුවරේ දකුණු දෙසට වෙන්න පිහිටා ඇති සිලෝම් පොකුණෙන් සෝදාගන්නට කියා යේසුස් ඔහුට පැවසීය.—යොහ 5:1-15; 9:1, 7, 11.

යේසුස් සිය මිතුරන් වූ ලාසරුස්, මරියා සහ මාර්තාව නිතරම බලන්නට ගියේ බෙතානියටය. එය පිහිටා තිබුණේ යෙරුසලමට නැඟෙනහිරින් “කිලෝමීටර් තුනක පමණ දුරකිනි.” (යොහ 11:1, 18, යොමුසටහන් සහිත ඉංග්‍රීසි NW සංස්කරණයේ පාදසටහන; 12:1-11; ලූක් 10:38-42; 19:29; 18වන පිටුවේ දැක්වෙන “යෙරුසලම අවට” නමැති කොටුව බලන්න.) යේසුස් තම මරණයට දින කිහිපයකට පෙරාතුව යෙරුසලම සමීපයට පැමිණියේ ඔලීව කන්ද හරහාය. මදක් නතර වුණු ඔහු බටහිර දෙසින් පිහිටි නුවර දෙස බලමින් හැඬූ ආකාරය ඔබට සිතින් මවාගත හැකිද? (ලූක් 19:37-44) ඊළඟ පිටුවෙහි ඉහළ තිබෙන පින්තූරයට සමාන දර්ශනයක් යේසුස්ද දකින්නට ඇත. ඉන් අනතුරුව ඔහු බූරුදෙනකගේ පැටවෙකු පිට නැඟී යෙරුසලමට ඇතුල් වූයේ නුවරේ පෙරදිගින් පිහිටි දොරටුවලින් එක දොරටුවකිනි. මහත් ජනකායක් ඊශ්‍රායෙල්හි අනාගත රජු හැටියට ඔහුව සාදරයෙන් පිළිගත්තෝය.—මතෙ 21:9-12.

යේසුස්ගේ මරණයට පෙර වැදගත් සිදුවීම් කිහිපයක් යෙරුසලමෙහි සහ ඒ අවට ස්ථානවල සිදු විය. එම ස්ථාන නම් යේසුස් යාච්ඤා කළ තැන වන ගෙත්සෙමන උයන; සැන්හෙඩ්‍රින ශාලාව; කායෆස්ගේ නිවස; ආණ්ඩුකාර පිලාත්ගේ මාළිගාව සහ අවසාන වශයෙන් ගොල්ගොතා නම් ස්ථානය වේ.—මාක් 14:32, 53–15:1, 16, 22; යොහ 18:1, 13, 24, 28.

සිය නැවත-නැඟිටීමෙන් පසුව යේසුස් යෙරුසලම හා ඒ අවට ස්ථානවල පෙනී සිටියේය. (ලූක් 24:1-49) ඉන් අනතුරුව ඔහු ස්වර්ගයට නැග්ගේ ඔලීව කන්දේ සිටය.—ක්‍රියා 1:6-12.

[31වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

යෙරුසලම/හෙරොද්ගේ දේවමාළිගාව

දේවමාළිගාවේ කොටස්

1. අතිශුද්ධස්ථානය

2. ශුද්ධස්ථානය

3. දවන පූජා පිදූ පූජාසනය

4. ජල තටාකය

5. පූජක මළුව

6. ඊශ්‍රායෙල් මළුව

7. කාන්තා මළුව

8. අන්‍යජාතීන්ගේ මළුව

9. බාධකය (සොරෙග්)

10. රාජකීය සක්මන් මළුව

11. සලමොන්ගේ සක්මන් මළුව

දේවමාළිගාව

දොරටුව

 

පූජක මළුව

දොරටුව

අති දවන පූජා

ශුද්ධස්ථානය ශුද්ධස්ථානය පිදූ ඊශ්‍රායෙල් කාන්තා

පූජාසනය මළුව මළුව

ජල

තටාකය

 

දොරටුව සලමොන්ගේ

බාධකය (සොරෙග්) සක්මන් මළුව

 

අන්‍යජාතීන්ගේ මළුව

 

දොරටුව

රාජකීය සක්මන් මළුව

 

දොරටුව

ඇන්ටෝනියා බලකොටුව

පාලම

සැන්හෙඩ්‍රින ශාලාව?

තයිරෝපියානු නිම්නය

සිලෝම් පොකුණ

ජල පීල්ල

කායෆස්ගේ නිවස?

ආණ්ඩුකාරයාගේ මාළිගාව

ගොල්ගොතා?

ගොල්ගොතා?

බෙත්සාතා පොකුණ

ගෙත්සෙමන උයන?

ඔලීව කන්ද

කිද්‍රොන් නිම්නය

ගීහොන් උල්පත

ඒන්-රොගෙල්

හින්නොම්ගේ නිම්නය (ගෙහෙන්නාව)

[30වන පිටුවේ පින්තූර]

නූතන යෙරුසලම හරහා නැඟෙනහිර දෙසට පෙනෙන දර්ශනය: (A) දේවමාළිගාවට අයත් සීමාව, (B) ගෙත්සෙමන උයන, (C) ඔලීව කන්ද, (D) යූදාහි පාළුකරය, (E) මළ මුහුද

[31වන පිටුවේ පින්තූරය]

යේසුස්ගේ කාලයේදී ඔලීව කන්දේ සිට බටහිර දෙසින් පෙනෙන දර්ශනය