1 පේතෘස් 4:1-19

4  ඒ අනුව ක්‍රිස්තුස් මිනිසෙකු ලෙස දුක් වින්ද නිසා+ ඔහුට තිබූ ආකල්පය ඔබත් දරමින් ශක්තිමත් වන්න.+ මන්ද දුක් විඳ ඇති මිනිසා පව්වලින් වැළකී සිටියි.+  ඔහු එසේ කරන්නේ මිනිසෙකු ලෙස ජීවත් වීමට ඔහුට ඉතුරුව ඇති කාලය+ මිනිසුන්ගේ ආශාවන් තෘප්තිමත් කිරීමට නොව දෙවිගේ කැමැත්ත ඉටු කිරීම සඳහා යොදාගැනීමටය.+  නමුත් ඔබ දෙවිව නාඳුනන මේ සමාජයේ මිනිසුන් කැමති දේවල් කරමින්+ ඇති තරම් කාලයක් ජීවත් වී ඇත.+ ඒ කාලයේදී ඔබ නින්දිත ලෙස හැසිරෙමින්+ කාමාශාවෙන්ද අධික වයින් පානයෙන්ද+ ඝෝෂාකාරී උත්සවවලට හවුල් වීමෙන්ද තරඟයට මත්පැන් බීමෙන්ද රූප වන්දනාවට සම්බන්ධ පිළිකුල්සහගත ක්‍රියා කරමින්ද+ සිටියහුය.  නමුත් කැළි කසළවලින් පිරුණු මඩ වගුරක් හා සමාන වූ ඔවුන්ගේ අශිෂ්ට ක්‍රියාවලට ඔබ තවදුරටත් ඔවුන් සමඟ හවුල් නොවන නිසා+ ඒ ගැන පුදුම වන ඔවුහු, ඔබට නින්දා කරති.+  එවැනි අයට ජීවත්ව සිටින අයව හා මිය ගොස් ඇති අයව විනිශ්චය කිරීමට සූදානමින් සිටින+ තැනැත්තාට ගණන් දීමට සිදු වේ.+  ඇත්තෙන්ම මිය ගොස් සිටි අයට* ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබුවේ ඒ සඳහාය.+ මිනිසුන්ගේ මිම්මට අනුව ඔවුන්ගේ පිටාතරය දෙස බලා ඔවුන්ව විනිශ්චය කරනු ලැබුවත්+ දෙවිගේ මිම්මට අනුව ඔහු තම බලයෙන් ලබා දෙන මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වීමට අවස්ථාවක් ඔවුන්ට ලබා දී ඇත.+  සියලු දේවල අවසානය ළඟා වී ඇත.+ එහෙයින් හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන්න.+ යාච්ඤාව අතපසු නොකර සෝදිසියෙන් සිටින්න.+  අන් සෑම දෙයකටම වඩා එකිනෙකා සඳහා බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.+ මන්ද ප්‍රේමයෙන් පව් රාශියක් මකා දැමිය හැක.+  කොඳුරන්නේ නැතුව එකිනෙකාට ආගන්තුක සත්කාරය දක්වන්න.+ 10  සෑම කෙනෙකුටම විවිධාකාර දීමනා ලබා දී තිබෙන නිසා විවිධාකාරව දක්නට ලැබෙන දෙවිගේ මහත් කරුණාව+ ලබා ඇති යහපත් භාරකරුවන්* ලෙස එම දීමනා එකිනෙකාට සේවය කිරීම සඳහා භාවිත කරන්න. 11  කතා කිරීමට අවස්ථාවක් යමෙකුට ලැබේ නම් ඔහු දෙවිගේ පරිශුද්ධ පණිවිඩය ගැන කතා කළ යුතුයි.+ සේවය කිරීමට අවස්ථාවක් යමෙකුට ලැබේ නම්+ දෙවි සපයා දෙන ශක්තිය මත රඳා සිටිමින් ඔහු සේවය කළ යුතුයි.+ එසේ කළ යුත්තේ යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවිට සෑම කාරණයකදීම ප්‍රශංසාවත් ගෞරවයත් ලබා දීම සඳහාය.+ සියලුම ගෞරවයත් තේජසත්+ ඔහුට සදහටම හිමි වේවා! ආමෙන්.* 12  ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබ ගින්නක් හා සමාන දුෂ්කරතාවලට මුහුණ දෙන විට පුදුම නොවන්න.+ ඒ දේවල් අමුතු දේවල් ලෙස නොසලකන්න. 13  ඒ වෙනුවට ඔබ ක්‍රිස්තුස් මෙන් දුක් විඳින නිසා+ දිගටම ප්‍රීතියෙන් සිටින්න.+ එවිට ඔහු මහත් තේජසකින් එළිදරව් වන+ විට ඉමහත් ප්‍රීතියකින් ඉපිල යෑමට ඔබට අවස්ථාව ලැබේ. 14  ක්‍රිස්තුස්ගේ නාමය වෙනුවෙන් නින්දා අපහාස විඳීමට ඔබට සිදු වේ නම්+ ඒ ගැන සතුටු වන්න.+ මන්ද දෙවිගේ තේජවත් බලය ඔබට ලැබී ඇති බව ඉන් පැහැදිලි වේ.+ 15  කෙසේවෙතත් ඔබ අතරින් කිසිවෙකුට දුක් විඳීමට සිදු වේ නම්+ ඒ ඔහු මිනී මරුවෙකු, සොරෙකු, අපරාධකරුවෙකු හෝ අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගසන කෙනෙකු වන නිසා නොවිය යුතුයි.+ 16  නමුත් ඔහු ක්‍රිස්තියානියෙකු වන නිසා දුක් විඳියි නම්+ ලැජ්ජාවට පත් වන්න ඔහුට අවශ්‍ය නැත.+ ඒ වෙනුවට එම නාමය දරමින් ඔහුට දිගටම දෙවිට ගෞරවය ගෙන දිය හැක. 17  මන්ද විනිශ්චය සඳහා කාලය පැමිණ තිබේ. එය මුලින්ම පටන්ගන්නේ දෙවිගේ ගෘහයෙනි.+ මුලින්ම විනිශ්චය කරනු ලබන්නේ අපව නම්+ දෙවිගේ ශුභාරංචිය ප්‍රතික්ෂේප කරන අයට කවර අවසානයක් තිබෙයිද?+ 18  “ධර්මිෂ්ඨයාට පවා අමාරුවෙන් ගැලවීමක් ලැබේ නම්+ දෙවිට කිසි ගෞරවයක් නොදක්වන මිනිසාට සහ පව්කාරයාට කුමක් සිදු වේද?”+ 19  එහෙයින් දෙවිගේ කැමැත්ත කරමින් දුක් විඳින අය දිගටම යහපත් දේවල් කරමින් තම ජීවිත, විශ්වාසවන්තව ක්‍රියා කරන සියල්ලේ නිර්මාතෘ වන දෙවිට භාර දිය යුතුයි.+

පාදසටහන්

එනම්, තම පව්කාරකම නිසා මිය ගියා හා සමාන තත්වයක සිටින අයට. එෆී 2:1 බලන්න.
හෝ, “නිවස භාර සේවකයන්.”
එනම්, එසේම වේවා!