Skip to content

පටුනට යන්න

බයිබලයේ කියන්නේ මොනවාද?

බයිබලයේ කියන්නේ මොනවාද?

මැරුණාම අපිට මොකද වෙන්නේ?

සමහරු හිතනවා මැරුණු අය ආත්මයක් විදිහට කොහේ හරි ජීවත් වෙනවා කියලා. තවත් අය හිතන්නේ මරණයෙන් හැම දේම අවසන් වෙනවා කියලා. ඔයා හිතන්නේ මොකක්ද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“මිය ගිය අය කිසිවක් දන්නේ නැත.” (දේශනාකාරයා 9:5) අපි මැරුණාම අපේ පැවැත්ම අවසන් වෙනවා.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • මුල් මිනිසා වුණ ආදම් මැරුණාම ආපහු දූවිල්ලටම හැරුණා. (උත්පත්ති 2:7; 3:19) ඔහු වගේම අනිත් හැමෝමත් මැරුණාම දූවිල්ලටම හැරිලා යනවා.—දේශනාකාරයා 3:19, 20.

  • මැරුණ අය පව්වලින් නිදහස් වෙනවා. එහෙම නැත්නම් ඔවුන්ගේ පව්වලට සමාව ලැබෙනවා. (රෝම 6:7) ඒ නිසා තමන් කරපු පව්වලට මරණයෙන් පස්සේ දඬුවම් ලැබෙන්නේ නැහැ.

මැරුණ අයට ආපහු ජීවිතය ලැබෙයිද?

ඔයා කියන්නේ මොකක්ද?

  • ඔව්

  • නැහැ

  • සමහරවිට

බයිබලයේ කියන්නේ මෙහෙමයි

‘නැවත නැඟිටිනවා.’—ක්‍රියා 24:15.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • බයිබලයේ හුඟක් තැන්වල මරණය නින්දකට සමාන කරලා තියෙනවා. (යොහන් 11:11-14) නිදාගෙන ඉන්න කෙනෙක්ව අවදි කරන්න අපිට පුළුවන් වගේ දෙවියන්ටත් පුළුවන් මැරුණ අයව නැඟිටුවන්න.—යෝබ් 14:13-15.

  • නැවත නැඟිටුවීම් කීපයක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඒ නිසා මැරුණ අය නැවන නැඟිටිනවා කියලා විශ්වාස කරන්න අපිට හොඳ හේතුවක් තියෙනවා.—1 රාජාවලිය 17:17-24; ලූක් 7:11-17; යොහන් 11:39-44.