Skip to content

පටුනට යන්න

3 | බයිබල් ආදර්ශවලින් සහනයක් ලබාගන්න

3 | බයිබල් ආදර්ශවලින් සහනයක් ලබාගන්න

බයිබලයේ . . . ‘අප හා සමාන හැඟීම් දැනීම් තියෙන’ හුඟක් අය ගැන කතා කරලා තියෙනවා.—යාකොබ් 5:17.

ඒක කරන්නේ කොහොමද?

බයිබලේ එක එක විදිහේ අමාරු අද්දැකීම්වලට මුහුණ දුන්න පුරුෂයන් සහ ස්ත්‍රීන් ගැන කතා කරනවා. ඒ වාර්තා කියවද්දී සමහරවිට ඔයාට හැඟෙන විදිහටම හැඟුණ තවත් කෙනෙක්ව හොයාගන්න ඔයාට පුළුවන් වෙයි.

ඒක උදව් වෙන්නේ කොහොමද?

අපිව තේරුම්ගන්න පුළුවන් අය අපේ වටේ ඉද්දී ඒක ලොකු සහනයක්. විශේෂයෙන්ම මානසික රෝගයක් එක්ක සටන් කරද්දී අපිට ඒක ඕනෙමයි. බයිබල් වාර්තා කියවද්දී ඔයාගේ වගේ හිත කැළඹුණ, මනස නොසන්සුන් වුණ, තමන් වටින්නේ නැහැ කියලා හිතුණ ඕනෙ තරම් අයව හොයාගන්න පුළුවන් වෙයි. මේ සටනෙදී ඔයා තනි වෙලා නැහැ කියලා එතකොට ඔයාට තේරෙයි.

  • “දැන් නං ඇති” කියලා ඔයාටත් කවදා හරි හිතිලා තියෙනවාද? හැමදේම අතහැරලා දාන්න හිතුණ සමහරු කියපු දේවල් බයිබලේ තියෙනවා. මෝසෙස්, එලියා සහ දාවිත් කියන්නේ එහෙම හිතුණ කීපදෙනෙක්.—ගණන් කතාව 11:14; 1 රාජාවලිය 19:4; ගීතාවලිය 55:4.

  • බයිබලේ හන්නා කියලා කාන්තාවක් ගැනත් කතා කරනවා. එයාට දරුවෝ හිටියේ නැති නිසා එයාගේ ස්වාමිපුරුෂයාගේ අනිත් බිරිඳ එයාට “නින්දා අපහාස” කළා. ඒ නිසා එයාට දැනුණේ උහුලගන්න බැරි දුකක්.—1 සාමුවෙල් 1:6, 10.

  • බයිබලේ යෝබ් කියලා යහපත් කෙනෙක් ගැනත් කතා කරනවා. එයාට එක පිට එක ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණා. ඒ නිසා එයා කිව්වා “මට ජීවිතේ තිත්ත වී ඇත” කියලා.—යෝබ් 7:16.

මේ බයිබල් චරිත එයාලාගේ ප්‍රශ්නවලින් ගොඩ ආපු විදිහ ගැන කියවද්දී ඔයාව දුර්වල කරන සිතුවිලි බිඳගෙන ඉස්සරහට යන්න ඒක ඔයාට උදව් වෙයි.