Skip to content

පටුනට යන්න

පුරාණ බයිබල් අත්පිටපතක රවුම් කරලා තියෙන්නේ දෙවියන්ගේ නම තියෙන තැන්

බයිබලයේ කියන්නේ මොනවාද?

බයිබලයේ කියන්නේ මොනවාද?

දෙවියන්ට නමක් තියෙනවාද?

සමහරු හිතනවා දෙවියන්ට නමක් නැහැ කියලා. තවත් අය හිතනවා “දෙවියන්,” “ස්වාමීන්” කියන්නේ ඔහුගේ නම කියලා. දෙවියන්ට හුඟක් නම් තියෙනවා කියලා හිතන අයත් ඉන්නවා. ඔයා හිතන්නේ මොකක්ද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවි බව සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.”—ගීතාවලිය 83:18.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • දෙවියන්ට පදවි නාම හුඟක් තිබුණත් ඔහුට තියෙන්නේ ඔහුම දුන්න නමක් විතරයි.—නික්මයාම 3:15.

  • දෙවියන් අභිරහසක් නෙමෙයි. අපි දෙවියන්ව දැන හඳුනා ගන්නවාට ඔහු කැමතියි.—ක්‍රියා 17:27.

  • දෙවියන්ගේ නම දැනගන්න එක ඔහුට ළං වෙන්න උදව් වෙන මුල් පියවරක්.—යාකොබ් 4:8.

දෙවියන්ගේ නම පාවිච්චි කරන එක වැරදිද?

ඔයා කියන්නේ මොකක්ද?

  • ඔව්

  • නැහැ

  • සමහරවිට

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“යෙහෝවා යන ඔබේ දෙවිගේ නාමයට අගෞරවයක් ගෙන දෙන ආකාරයෙන් එම නාමය සඳහන් නොකරන්න.” (නික්මයාම 20:7) අගෞරවයක් වෙන විදිහට දෙවියන්ගේ නම පාවිච්චි කරන එක තමයි වැරදි.—යෙරෙමියා 29:9.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • යේසුස් දෙවියන්ගේ නම දැනගෙන හිටියා වගේම ඒක පාවිච්චි කෙරුවා.—යොහන් 17:25, 26.

  • දෙවියන්ව ඔහුගේ නමින් අමතන්න කියලා අපිට කියනවා.—ගීතාවලිය 105:1.

  • දෙවියන්ගේ සතුරන් උත්සාහ කරන්නේ ඔහුගේ නම අමතක කරවන්නයි.—යෙරෙමියා 23:27.