Skip to content

පටුනට යන්න

ලොවම වෙළාගත් කාන්තා හිංසනය

ලොවම වෙළාගත් කාන්තා හිංසනය

ලොවම වෙළාගත් කාන්තා හිංසනය

සෑම වසරකම නොවැම්බර් 25වෙනිදා කාන්තාවන්ට සිදු වන හිංසා පිටු දැකීමේ ජාත්‍යන්තර දවසක් ලෙස නම් කර තිබෙනවා. මෙම දිනය 1999 එක්සත් ජාතීන්ගේ මහ සභා රැස්වීමේදී අනුමත කරනු ලැබුවේ කාන්තාවන්ට හිමි අයිතිවාසිකම් ගැන ලොවටම හෙළි කිරීමටයි. මෙවැනි පියවරක් ගැනීමට හේතුව කුමක්ද?

බොහෝ සමාජවල කාන්තාවන්ව සලකන්නේ පහත් අය ලෙසයි. මෙය අද වෙනස් කළ නොහැකි තත්වයක් බවට පත් වී තිබෙනවා. මේ නිසා නොදියුණු රටවල පමණක් නොව දියුණු රටවල පවා කාන්තාවන් දිගටම හිංසා පීඩාවලට ලක් වෙනවා. “කාන්තාවන්ට සිදු වන හිංසා ලෝක ව්‍යාප්තව පවතින ප්‍රශ්නයක්. මෙය සෑම සංස්කෘතියකම හා සමාජයකම දැකිය හැකියි. එමෙන්ම මෙම ප්‍රශ්නයට කාන්තාවන්ගේ පවුල් පසුබිම, පැමිණෙන සමාජය, ජාතිය හා කුලය වැනි කිසිම දෙයක් බලපාන්නේ නැහැ” කියා එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆි අනන් පැවසුවා.

“බොහෝ කාන්තාවන්ට සිදු වන හිංසා ගැන කවුරුත් දන්නේ නැහැ. ඒ ගැන කතා කිරීමෙන් පලක් නැති බවත් එවැනි දේවල් කාටවත් වැළැක්විය නොහැකි බවත්” එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිසමේ විශේෂ වාර්තාකාරිණියක්ව සිටි රාධිකා කුමාරස්වාමි පැවසුවා. දකුණු අමෙරිකානු රටවල කාන්තාවන්ගෙන් සියයට 23ක් හෝ එසේත් නැත්නම් කාන්තාවන් හතර දෙනෙක්ගෙන් එක්කෙනෙක් නිවසේදී යම් ආකාරයක හිංසාවලට ගොදුරු වන බව ඕලන්දයේ අපරාධ පිළිබඳව සොයා බලන එක් ආයතනයක් මගින් කරන ලද සමීක්ෂණයකින් සොයාගත්තා. යුරෝපීය කාන්තාවන් හතරදෙනෙකුගෙන් එක්කෙනෙක් තම නිවසේදී හිංසාවලට ලක් වන බව යුරෝපා කවුන්සලයෙන්ද සොයාගෙන තිබෙනවා. මෑත වසරවලදී කාන්තාවන් මුහුණ දෙන තවත් කටුක අද්දැකීම් ගැන බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙන්නේ මෙලෙසයි. මෑත කාලවලදී එංගලන්තයේ හා වේල්ස්හි සෑම සතියකම කාන්තාවන් දෙදෙනෙක් පමණ තමන් දැන් ජීවත් වන පුරුෂයා අතින් හෝ කලින් ජීවත් වූ පුරුෂයා අතින් මරණයට පත් වෙනවා. ඉන්දියාවේ පළ වන එක් සඟරාවක (India Today International) මෙසේ වාර්තා වුණා. “ඉන්දියාවේ කාන්තාවන් නිතරම ජීවත් වෙන්නේ බියෙන්. කොයි මොහොතේ අතවරයක් වෙයිද යන බිය ඔවුන්ට තිබෙනවා.” කාන්තාවන්ට හා ගැහැනු දරුවන්ට සිදු වන හිංසා “කොතරම් ප්‍රචලිතව පවතිනවාද කියනවා නම් එය ලොකු අභියෝගයක්” කියා මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන එක් සංවිධානයක් පවසනවා.—එම සංවිධානය Amnesty International.

ඉහත දත්තවලින් පෙනී යන්නේ සමාජය කාන්තාවට සලකන ආකාරයයි. ඒත් දෙවි ඔවුන්ව සලකන්නේ කෙසේද? අපි ඊළඟ ලිපියෙන් එයට පිළිතුර සොයා දැනගනිමු.