Skip to content

පටුනට යන්න

දෑස් අහිමි ඉන්ජිනේරුවෝ

දෑස් අහිමි ඉන්ජිනේරුවෝ

නිර්මාණයක්ද?

දෑස් අහිමි ඉන්ජිනේරුවෝ

▪ ඉහළම ඉන්ජිනේරු තාක්ෂණය යොදාගෙන නිර්මාණය කර තිබෙන වේ තුඹස් ගැන ඔබ දන්නවාද? වේයන් ඒවා සාදා තිබෙන්නේ පස් සහ උන්ගේ කෙළ යොදාගෙනයි. මෙම තුඹසක් සාමාන්‍යයෙන් මීටර හයක් තරම් උසයි. එහි බිත්තිවල ඝනකම සෙන්ටිමීටර් 45ක් පමණ වන අතර හිරු රශ්මියට හොඳින් පිලිස්සුනු තුඹස් කෝන්ක්‍රීට් තරමටම ඝනයි. උන්ගේ එම නිර්මාණය එක රැයකින් අවසන් කිරීමට තරම් උන් දක්ෂයි.

තුඹස තුළ ජීවත් වෙන වේ රැජින දිනකට බිත්තර දහස්ගණනක් පමණ දමනවා. ඇස් හා පියාපත් නැති වැඩ කරන්න දක්ෂ වේයන් උන්ගේ තුඹස තුළ තිබෙන කුටිවල ඒ බිත්තර තැන්පත් කර ඒවා රැකගන්නවා. වේ තුඹසක දැකිය හැකි පුදුම දනවන දෙයක් වන්නේ හොඳින් වාතාශ්‍රය ලැබෙන ආකාරයට ඒවා නිර්මාණය කර තිබීමයි.

මේ ගැන සිතා බලන්න: වේ තුඹසක පොළොව යට හා මතු පිට ඇති කුහර නිසා ඇතුළත නියත උෂ්ණත්වයක් පවත්වාගැනීමට හැකි වෙනවා. මේ නිසා පරිසර උෂ්ණත්වය වෙනස් වුණත් තුඹස ඇතුළත උෂ්ණත්වය නම් කිසිසේත් වෙනස් වෙන්නේ නැහැ. නිදසුනකට, සිම්බාබ්වේ හා අප්‍රිකාව වැනි රටවල රාත්‍රියේදී පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකක් දක්වා පහළ බසින අතර දහවල් උෂ්ණත්වය සෙල්සියස් අංශක 38ක් දක්වා ඉහළ නඟිනවා. ඒ වුණත් තුඹසක් තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 31ක් වැනි නියත අගයක පවතිනවා. ඊට හේතුව කුමක්ද?

තුඹසක පොළොව යට ඇති කුහරවලින් සිසිල් වාතය ඇතුල් වන අතර ඉහළ කුහරවලින් උණුසුම් වාතය පිට කරයි. මෙසේ ලබාගන්නා සිසිල් වාතය තුඹසේ සෑම තැනකම පැතිරී යනවා. ඒ විතරක් නොවෙයි මේ කුහරවලට තිබෙන කවුළු නිසා උෂ්ණත්වය අවශ්‍ය පරිදි අඩු වැඩි කරගැනීමට මෙම කවුළු පියන් විවර කිරීමටත් වසා දැමීමටත් උන්ට හැකියි. උන් නියත උෂ්ණත්වයක් තුඹස තුළ රඳවාගන්න උත්සාහ ගන්නේ උන්ගේ ආහාරය වන දිලීර වර්ධනයට එවන් උෂ්ණත්වයක් අවශ්‍ය කරන නිසයි.

සිම්බාබ්වේ සිටින ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් මුන්ගේ එම ඉන්ජිනේරු තාක්ෂණයම යොදාගෙන ගොඩනැඟිල්ලක් නිර්මාණය කර තිබෙනවා. ඒ හා සමාන ප්‍රමාණයෙන් යුත් ගොඩනැඟිල්ලක් පවත්වාගෙන යෑමට දරන වියදමෙන් මෙම ගොඩනැඟිල්ල සඳහා වැය වෙන්නේ සියයට දහයක් පමණක් බව ඔවුන් ගණන් බලා තිබෙනවා.

කල්පනා කර බලන්න: වේයන්ට උන්ගේ තුඹස තුළ උෂ්ණත්වය ඒ අයුරින් පාලනය කිරීමට හැකිකම ලැබුණේ උන් අහම්බෙන් ඇති වූ නිසාද? නැත්නම් උන් නිර්මාණයක් වූ නිසාද?

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top: Stockbyte/​Getty Images; bottom: Scott Bauer/​Agricultural Research Service, USDA