Skip to content

පටුනට යන්න

පස සහ ශාක අතර ඇති බැඳීම

පස සහ ශාක අතර ඇති බැඳීම

නිර්මාණයක්ද?

පස සහ ශාක අතර ඇති බැඳීම

▪ ඇතැම් ශාක සහ බැක්ටීරියා සහයෝගයෙන් ක්‍රියා කරමින් පසෙහි පෝෂ්‍ය ගුණය වැඩි කරනවා. එමගින් ජීවී පැවැත්මට ඉටු කර දෙන්නේ අද්විතීය මෙහෙවරක්!

මේ ගැන සිතා බලන්න: ශාක බෝවීමට මෙන්ම ශාකවල වර්ධනයට නයිට්‍රිජන් අත්‍යවශ්‍යයි. නමුත් එම වායුව ශාකය මගින් ප්‍රයෝජනයට ගැනීමට නම් ඒවා ඇමෝනියා බවට හැරවිය යුතුයි. ඒ කාර්යය කිරීමට ඇප කැප වී සිටින්නේ රනිල කුලයේ (බෝංචි, මෑ ගණයට අයත්) ශාකයි. ඇතැම් රනිල ශාක හා රයිසෝබියම් ගණයට අයත් එක්තරා සහජීවන බැක්ටීරියා විශේෂයකුත් සහයෝගයෙන් ක්‍රියා කිරීමෙන් එම කාර්යය ඉටු කරනවා. සහජීවන බැක්ටීරියාවක් ලෙස එය හඳුන්වන්නේ ඇතැම් ශාක සමඟ එම බැක්ටීරියා විශේෂය එක්ව ක්‍රියා කරන නිසයි.

මෙම ශාකවල මුල් බැක්ටීරියාවන් ඇද ගන්නේ විශේෂ රසායනික ද්‍රව්‍යයක් භාවිත කිරීමෙනුයි. ශාක සහ බැක්ටීරියාවන් කියන්නේ සම්පූර්ණයෙන් එකිනෙකට වෙනස් වර්ගයන් වුණත් ඒවා එකට එකතු වී කරන කාර්යය ගැන එක් සඟරාවක මෙසේ සඳහන් වුණා. ශාක සහ බැක්ටීරියා එක්ව ක්‍රියා කිරීමෙන් ‘නයිට්‍රිජන් ඇමෝනියා බවට හැරවීමට උපකාරවත් වන ගැටිත්තක් මුල්වල සෑදෙනවා.’ එම ක්‍රියාවලිය සඳහා යම් විශේෂ එන්සයිමයක්ද උපයෝගී කරගන්නවා. එය එක්තරා ප්‍රෝටීනයක් වන අතර එය හඳුන්වන්නේ නයිට්‍රෝජනස් ලෙසයි. එලෙස එම බැක්ටීරියාවන් එම ගැටිති තුළම වැඩෙමින් අවශ්‍ය කාර්යය ඉටු කරනවා.—Natural History.

කලින් සඳහන් කළ සඟරාවේ තවදුරටත් පවසන පරිදි ‘මුළු පොළොවෙම තිබෙන නයිට්‍රෝජනස් ප්‍රමාණය විශාල බාල්දියකට පුරවන්න පුළුවන්.’ ඉන් පැහැදිලි වන්නේ සෑම එන්සයිමයකින්ම වැදගත් කාර්යයක් ඉටු වන බවයි. නමුත් ඒ එන්සයිමයට හතුරුකම් කරන ඔක්සිජන් මගින් ඒවා විනාශ කරනවා. ඊට විසඳුම කුමක්ද? රනිල ශාකයෙන් එක්තරා විශේෂ ද්‍රව්‍යයක් මුදාහරිමින් ඔක්සිජන් පලවාහැරීමයි. එමගින් ගැටිති තුළට ඔක්සිජන් යෑම වළක්වනවා.

මුල්වල ගැටිති වටා ඇති පටල මගින් බැක්ටීරියා හා ශාකය අතර හුවමාරු වන ඇමෝනියා, ග්ලූකෝස් සහ වෙනත් පෝෂ්‍ය පදාර්ථ පාලනය කරනවා. කොහොමවුණත් වෙනත් ශාක මෙන් රනිල ශාකත් කාලයත් සමඟම මියැදෙනවා. ඒවා මැරුණු පසුත් එහි ගබඩා කර ඇති ඇමෝනියා පසට එක් වෙනවා. ඉන් අනික් ශාකවල වර්ධනයට ඉටු කර දෙන්නේ මහඟු මෙහෙවරක්!

ඒ ක්‍රියාවලිය ගැන ඔබට හැඟෙන්නේ කුමක්ද? එවැනි සංකීර්ණ ක්‍රියාවලියක් බැක්ටීරියාවන් සහ රනිල ශාකවලට එක්ව බිහි කළ හැකිද? නැත්නම් එය නිර්මාණයක ප්‍රතිඵලයක්ද?

[25වන පිටුවේ පින්තූරය]

ශාක මුල්වල ඇති ගැටිත්තක්

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Background: © Wally Eberhart/​Visuals Unlimited; inset: © Dr. Jack M. Bostrack/​Visuals Unlimited