Skip to content

පටුනට යන්න

3. සියලුම ධර්මිෂ්ඨයන්ට ස්වර්ගික ජීවිතයක්

3. සියලුම ධර්මිෂ්ඨයන්ට ස්වර්ගික ජීවිතයක්

ඉගැන්වීම ඇරඹුණේ කෙසේද?

යේසුස්ගේ මුල් අනුගාමිකයන්ගේ මරණින් පසු ක්‍රිස්තියානි සභාවේ මූලිකත්වය ගෙන කටයුතු කළේ සභා පියවරුන් ලෙස හැඳින්වූ අයයි. එය සිදු වීමට පටන්ගත්තේ දෙවෙනි සියවසේ සිටයි. “හොඳ අය මිය ගිය පසු ඔවුන්ගේ ආත්ම ස්වර්ගයට යනවා” කියා සභා පියවරුන් ඉගැන්වූ බව එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා.—නිව් කැතලික් එන්සයික්ලෝපීඩියා (2003), 6වන වෙළුම, 687වන පිටුව.

බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?

“මොළොක් ගුණ ඇත්තෝ ආශීර්වාද ලද්දෝය. මක්නිසාද ඔව්හු පොළොව උරුම කරගන්නෝය.”—මතෙව් 5:5, පැරණි අනුවාදය.

තම අනුගාමිකයන්ට ස්වර්ගයේ ‘ස්ථානයක් සූදානම් කරන’ බවට යේසුස් පොරොන්දු වුණා. නමුත් ඔහු ඉන් අදහස් කළේ සෑම ධර්මිෂ්ඨයෙක්ම ස්වර්ගයට යන බව නොවේ. (යොහන් 3:13; 14:2, 3) ඇත්තෙන්ම ස්වර්ගට යන්නේ ධර්මිෂ්ඨයන්ගෙන් සුළු පිරිසක් පමණයි. එසේනම් අනික් ධර්මිෂ්ඨ අයට සිදු වන්නේ කුමක්ද? ඔවුන් මේ පොළොව මත සදහටම ජීවත් වෙන්න යනවා. (එළිදරව් 5:10) දෙවිගේ “කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියා යේසුස් දෙවිට යාච්ඤා කළේ ඒ නිසයි.—මතෙව් 6:9, 10.

මුල් කාලවලදී පල්ලිවල දේවරාජ්‍ය ගැන ඉගැන්වුවත් ඔවුන්ගේ ක්‍රියා තුළින් දේවරාජ්‍යයට පක්ෂපාත බවක් පෙනෙන්න තිබුණේ නැහැ. ඒ ගැන එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වුණා. “පල්ලිවලින් දේවරාජ්‍යයට සහයෝගය දිය යුතුව තිබුණත් ඔවුන්ගේ වැඩි අවධානයක් යොමු වුණේ දේශපාලනය වෙතටයි.” ඒත් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට පැවසුවේ ‘ලෝකයේ කොටසක් නොවන්න’ කියායි. (යොහන් 15:19; 17:14-16; 18:36) නමුත් පල්ලියේ පූජකයන් දේශපාලනයට සම්බන්ධ වීමෙන් යේසුස් දුන් එම ආඥාව කඩ කළා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රෝම පාලකයෙක් වූ කොන්ස්ටන්ටයින්ගේ බලපෑම නිසා වැරදි ඉගැන්වීම් පල්ලිවලින් උගන්වන්න පටන්ගත්තා. ඉන් එකක් ලෙස ත්‍රිත්වය නමැති ඉගැන්වීම හැඳින්විය හැකියි.—ද නිව් එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා.

මෙම බයිබල් පද කියවා බලන්න. ගීතාවලිය 37:10, 11, 29; යොහන් 17:3; 2 තිමෝති 2:11, 12

නිවැරදි ඉගැන්වීම:

ස්වර්ගයට යන්නේ ධර්මිෂ්ඨයන් සුළු පිරිසක් පමණයි. අන් සියලුදෙනාම ජීවත් වන්නේ මේ පොළොව මතයි