Skip to content

2024 ඔක්තෝබර් 17
අලුත්ම දේවල්

වැඩිපුර සේවයක් කරන්න කැමති අයට තියෙන්න ඕනෙ වයස් සීමාවේ වෙනසක් ගැන වාර්ෂික රැස්වීමේදී නිවේදනය කරයි

වැඩිපුර සේවයක් කරන්න කැමති අයට තියෙන්න ඕනෙ වයස් සීමාවේ වෙනසක් ගැන වාර්ෂික රැස්වීමේදී නිවේදනය කරයි

2024 ඔක්තෝබර් 5වෙනිදා පවත්වපු වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියා ආයතනයේ වාර්ෂික රැස්වීමේදී විශේෂ නිවේදනයක් කළා. ඒ තමයි බෙතෙල් එකේ හරි විශාල ඉදි කිරීම් ව්‍යාපෘතිවල හරි සේවය කරන්න අවශ්‍ය අවම වයස් සීමාව අවුරුදු 19 සිට 18 දක්වා අඩු කරලා තියෙනවා කියන එක. ඒ වගේම ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට සහභාගි වෙන්න අවශ්‍ය අවම වයස් සීමාව අවුරුදු 23 සිට 21 දක්වා අඩු කරලා තියෙනවා කියලත් දැනුම් දුන්නා.

මේ වෙනස දැන් ඉඳන්ම ක්‍රියාත්මක වෙනවා. කරපු වෙනස නිසා සුදුසුකම් තියෙන යෞවන සහෝදර සහෝදරියන්ට දැන් යෙහෝවා වෙනුවෙන් වැඩිපුර සේවයක් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා.