Skip to content

පටුනට යන්න

JW බ්‍රෝඩ්කාස්ටිං

Rokuවල තියෙන ඕඩියෝ සහ වීඩියෝ හොයන විදිහ

Rokuවල තියෙන ඕඩියෝ සහ වීඩියෝ හොයන විදිහ

Search අංගය පාවිච්චි කරලා JW බ්‍රෝඩ්කාස්ටිං චැනල් එකේ තියෙන ඕඩියෝ සහ වීඩියෝ හොයන්න.

ඒකට Home ස්ක්‍රීන් එකේ Search කියන තැනට යන්න. ඊටපස්සේ OK බට්න් එක ක්ලික් කරලා Search box එක ඇරගන්න.

එතකොට ස්ක්‍රීන් එකේ keyboard එකක් පෙන්නයි. ඔයාට අවශ්‍ය දේ ඒකෙන් ටයිප් කරලා හොයාගන්න. උදාහරණෙකට ඔයා හොයන වැඩසටහනේ තියෙන යම් දෙයක නැත්නම් ඒකේ ප්‍රධාන චරිතයක නමේ කොටසක් ටයිප් කරන්න. එහෙම කරද්දී ඒ වචනෙට සම්බන්ධ වැඩසටහන් කීපයක්ම පෙන්නයි. ඔයාගේ remote එකේ තියෙන Up, Down, Left සහ Right බට්න් පාවිච්චි කරලා එතන තියෙන වැඩසටහන් ලැයිස්තුව බලන්න. ඊටපස්සේ ඔයා කැමති වැඩසටහනේ පින්තූරය නැත්නම් ඒකේ මාතෘකාව හයිලයිට් කරලා OK ක්ලික් කරන්න.

ඔයා හොයන වැඩසටහනේ මාතෘකාවේ වචනයක් හෝ දෙකක් ටයිප් කරද්දී ඒක උඩු කොමා ඇතුලේ ටයිප් කරන්න.

Search කරද්දී එන ලැයිස්තුවේ ඕඩියෝ සහ වීඩියෝ වැඩසටහන් දෙකම එනවා. ඔයා හොයන්නේ වීඩියෝ එකක් නම් Video බට්න් එක ක්ලික් කරන්න. ඔයා හොයන්නේ ඕඩියෝ එකක් නම් Audio බට්න් එක ක්ලික් කරන්න.

ඔයා search කරපු වචනේට වැඩියෙන්ම ගැළපෙන වැඩසටහන් 24ක් පෙන්නනවා. ඊට උඩින් ඒ වචනේට අදාළ තවත් වැඩසටහන් කීයක් තියෙනවාද කියලත් සඳහන් වෙනවා (උදා. “Showing 24 of 28”).

ඔයා හොයන වැඩසටහන ලැයිස්තුවේ පෙන්නන්නේ නැත්නම් ඒකේ මාතෘකාවේ තියෙන තවත් වචනයක් හෝ දෙකක් ටයිප් කරන්න. උදාහරණෙකට ඔයා “broadcast” ටයිප් කළා නම් ඒකට අදාළ මාසය සහ අවුරුද්ද, වැඩසටහන ඉදිරිපත් කරන සහෝදරයාගේ නම එහෙමත් නැත්නම් ඒ වැඩසටහනේ සාකච්ඡා කරන ප්‍රධාන විෂය ටයිප් කරන්න.