Skip to content

පටුනට යන්න

JW බ්‍රෝඩ්කාස්ටිං

Amazon Fire TV එකෙන් අපේ වීඩියෝ සහ ඕඩියෝ සොයන්න

Amazon Fire TV එකෙන් අපේ වීඩියෝ සහ ඕඩියෝ සොයන්න

“සොයන්න” කියන අංගය හරහා බ්‍රෝඩ්කාස්ටිං එකේ වීඩියෝ සහ ඕඩියෝ සොයන්න පුළුවන්.

මුල් පිටුවේ තියෙන සොයන්න කියන තැනට ගිහින් රිමෝට් එකේ Select බොත්තම ඔබන්න. එතකොට සොයන දේ ඇතුළත් කරන්න තියෙන තීරුව දිස් වෙයි. ඊටපස්සේ නැවතත් Select බොත්තම ඔබන්න. දැන් සොයන දේ ඇතුළත් කරන්න පුළුවන්.

සොයන අංගයේ නමේ අකුරු තිරයේ දිස් වෙන කී බෝර්ඩ් එක හරහා ඇතුළත් කරන්න. අවශ්‍ය අකුර උඩට ගිහින් සෙලෙක්ට් බොත්තම ඔබන්න. වීඩියෝ එකේ නමට එන අකුරු ඇතුළත් කරනකොට ඒ අකුරුවලට ගැළපෙන වීඩියෝ නැත්නම් ඕඩියෝ තිරයේ දිස් වෙන්න පටන්ගන්නවා. රිමෝට් එකෙන් අවශ්‍ය වීඩියෝ නැත්නම් ඕඩියෝ එකට යන්න Up, Down, Left, සහ Right බොත්තම් පාවිච්චි කරන්න. ඊටපස්සේ සිලෙක්ට් බොත්තම ඔබන්න.

නිශ්චිත අංගයක් සොයනවා නම් ඒ වීඩියෝ එකේ නැත්නම් ඕඩියෝ එකේ නම ඇතුළත් කර දෙපසින් උද්ධෘත ලකුණු (quotation marks) යොදන්න.

“සොයන්න” තීරුවේ යමක් ඇතුළත් කිරීමේදී වීඩියෝ සහ ඕඩියෝ දෙකම තිරයේ දිස් වෙනවා. ඔබට වීඩියෝ විතරක් සොයන්න අවශ්‍ය නම් “වීඩියෝ” කියන එක සිලෙක්ට් කරන්න. ඕඩියෝ විතරක් සොයන්න අවශ්‍ය නම් “ඕඩියෝ” කියන එක සිලෙක්ට් කරන්න.

ඇතුළත් කරලා තියෙන අකුරුවලට ගැළපෙනම අංග 24ක් මුල් පිටුවේ දිස් වෙනවා. තවත් ගැළපෙන අංග කීයක් තියෙනවාද කියලා තිරයේ සටහන් වෙනවා. (Showing 24 of 28)

ඔබ සොයන වීඩියෝ එක නැත්නම් ඕඩියෝ එක තිරයේ දිස් වුණේ නැත්නම් “සොයන්න” තීරුවේ අවශ්‍ය අංගයේ නමේ තවත් අකුරු ඇතුළත් කරන්න. උදාහරණයකට ඔබට එක් මාසයක බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහනක් සොයන්න අවශ්‍ය නම් “බ්‍රෝඩ්කාස්ටිං” කියා ඇතුළත් කර ඉන්පසු අවශ්‍ය මාසය (අකුරු භාවිතා කර) සහ අවුරුද්ද ඇතුළත් කරන්න. ඒ වගේම වැඩසටහන මෙහෙයවන සහෝදරයාගේ නම, ඒ මාසයේ සාකච්ඡා කරන විෂය වගේ දේවල් ඇතුළත් කරන්නත් පුළුවන්.