Skip to content

පටුනට යන්න

JW බ්‍රෝඩ්කාස්ටිං

Apple TV එකට JW බ්‍රෝඩ්කාස්ටිං ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න විදිහ

Apple TV එකට JW බ්‍රෝඩ්කාස්ටිං ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න විදිහ

ඔයාගේ Apple TV එකෙන් බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහන් බලන්න නම් ඔයා මුලින්ම ඔයාගේ Apple TV එක සෙට් අප් කරගෙන JW බ්‍රෝඩ්කාස්ටිං ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඒක කරගන්න පහත සඳහන් උපදෙස් අනුගමනය කරන්න.

 ඔයාගේ Apple TV එක සෙට් අප් කරගන්න

ඔයාගේ Apple TV එකත් එක්කම අත්පොතක් ලැබෙනවා. Apple TV එක සෙට් අප් කරගෙන ඒක ඉන්ටර්නෙට් එකට සම්බන්ධ කරගන්න විදිහ ගැන ඒකෙන් දැනගන්න පුළුවන්. Apple TV එක ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වුණාට පස්සේ ස්ක්‍රීන් එකේ පෙන්වන උපදෙස් අනුගමනය කරන්න.

 App Store එකෙන් JW බ්‍රෝඩ්කාස්ටිං ඉන්ස්ටෝල් කරගන්න

App Store එකට ගිහින් පහත සඳහන් උපදෙස් අනුගමනය කරලා JW බ්‍රෝඩ්කාස්ටිං ඉන්ස්ටෝල් කරගන්න.

  • ඔයාගේ Siri රිමෝට් එකේ ටච් කරන්න තියෙන තැන දකුණට ඇඟිල්ල යවන්න. එතකොට Search හයිලයිට් වෙයි.

  • ටච් කරන්න තියෙන තැන ඔබලා Search එකට යන්න. ඊටපස්සේ ස්ක්‍රීන් එකේ තියෙන අකුරු පාවිච්චි කරලා “JW Broadcasting” කියලා ටයිප් කරන්න.

  • ඊට අමතරව ඔයාට පුළුවන් Siri බට්න් එක ඔබාගෙන ඉන්න ගමන් “JW Broadcasting” කියලා කියන්න.

  • ඇප් එක හයිලයිට් කරලා ටච් කරන්න තියෙන තැන ඔබන්න.

ස්ක්‍රීන් එකේ පෙන්වන උපදෙස් අනුගමනය කරලා ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න.