Skip to content

පටුනට යන්න

JW ලයිබ්‍රරි

ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන විදිහ - ඇන්ඩ්‍රොයිඩ්

ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන විදිහ - ඇන්ඩ්‍රොයිඩ්

‘JW ලයිබ්‍රරි’ එකට ගිහින් පොත්, සඟරා, පත්‍රිකා සහ වීඩියෝ සිය ගාණක් ඕෆ්ලයින් කියවන්නත් බලන්නත් පුළුවන්.

ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන්න මේ උපදෙස් අනුගමනය කරන්න.

 ප්‍රකාශනයක් ඩවුන්ලෝඩ් කරන්න

ඕෆ්ලයින් කියවන්න සහ අධ්‍යයනය කරන්න ඕන තරම් ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරගන්න ඔයාට පුළුවන්.

  • නැවිගේෂන් බට්න් එක ටැප් කළාම එන ප්‍රකාශන ටැබ් එක එබුවම ප්‍රකාශන ලැයිස්තුව දිස් වෙයි.

  • භාෂා බට්න් එක එබුවම අපේ ප්‍රකාශන තියෙන හැම භාෂාවක්ම දැකගන්න පුළුවන්. කැමති භාෂාව තෝරගන්න. ඒ ලැයිස්තුවේ උඩින්ම තියෙන්නේ ඔයා වැඩියෙන්ම පාවිච්චි කරපු භාෂාවන්. භාෂාවේ නම ටයිප් කරලා හොයාගන්නත් පුළුවන්.

ප්‍රකාශනයක් හොයාගන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා.

වර්ගය අනුව කොටස ඉන් එකක්. එතන ඔයා හොයන භාෂාවෙන් තියෙන පොත්, පත්‍රිකා හෝ වීඩියෝ කාණ්ඩවලට වෙන් කරලා තියෙනවා. වෙන් කරලා තියෙන ඒ වර්ග උඩ ටැප් කළාම අවුරුදු විදිහට වෙන් කළ ‘මුරටැඹ’ කලාප සහ විවිධ කාණ්ඩවලට වෙන් කළ වීඩියෝ වගේ අමතර කාණ්ඩ දැකගන්න පුළුවන්. ආයෙත් ලැයිස්තුව බලාගන්න ඕනෙ නම් සියලුම වර්ග කියන ටැබ් එක ඔබන්න.

ඔයාට ඕන භාෂාවෙන් මෑතකදී පළ කරපු ප්‍රකාශන බලාගන්න අලුත්ම කියන කොටස ඔබන්න.

Cloud අයිකන් එක (වළාකුලක හැඩය ඇති) දිස් වෙන්නේ ඔයා ඩවුන්ලෝඩ් කරලා නැති ප්‍රකාශනයි. ප්‍රකාශනයක් උඩ ටැප් කරලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඒක ඩවුන්ලෝඩ් වුණාම cloud අයිකන් එක නැති වෙලා යනවා. ආයේ සැරයක් ඒ ප්‍රකාශනය උඩ ටැප් කළාම කියවන්න පුළුවන්.

ඔයා ඕනෙම භාෂාවකින් ඩවුන්ලෝඩ් කරගත්ත ප්‍රකාශන ඩවුන්ලෝඩ් කළා කියන කොටස ඇතුළේ දැකගන්න පුළුවන්. ඒ ලැයිස්තුවේ තියෙන ප්‍රකාශන නිතරම පාවිච්චි කරන, ඉඳහිට පාවිච්චි කරන හෝ විශාලම ප්‍රමාණය කියන කාණ්ඩ යටතේ වෙන් කරගන්න පුළුවන්.

 ප්‍රකාශනයක් ඩිලීට් කරන්න

ඩවුන්ලෝඩ් කරගත්ත ප්‍රකාශනයක් තවදුරටත් ඕනෙ නැත්නම් හෝ ස්ටෝරේජ් ස්පේස් ඉතුරු කරගන්න ඕනෙ නම් ඒක ඩිලීට් කරන්න පුළුවන්.

නැවිගේෂන් බට්න් එක ටැප් කළාම එන ප්‍රකාශන ටැබ් එක එබුවම ප්‍රකාශන ලැයිස්තුව දිස් වෙයි. ඊටපස්සේ ප්‍රකාශන වර්ගය (උදාහරණයකට පොත්) ටැප් කළාම ඒ වර්ගයේ ප්‍රකාශන ලැයිස්තුව දකින්න පුළුවන්. ඩිලීට් කරන්න ඕන නම් තිත් තුනකින් පෙන්වලා තියෙන තව කියන බට්න් එක ටැප් කරන්න. ඊටපස්සේ ඩිලීට් බට්න් එක ඔබන්න.

ඔයාට ස්ටෝරේජ් ස්පේස් ඉතුරු කරගන්න ඕනෙ නම් ඉඳහිට පාවිච්චි කරන ප්‍රකාශන හෝ විශාල ප්‍රමාණයේ ප්‍රකාශන ඩිලීට් කරලා දාන්න පුළුවන්. නැවිගේෂන් බට්න් එක ටැප් කළාම එන ප්‍රකාශන ටැබ් එක ඔබලා ඒකෙ තියෙන ඩවුන්ලෝඩ් කළා කියන කොටසට යන්න. ඊළඟට ඉඳහිට පාවිච්චි කරන හෝ විශාලම ප්‍රමාණය කියන කාණ්ඩ යටතේ වෙන් කරගන්න. තවදුරටත් ඕනෙ නැති ප්‍රකාශන ඩිලීට් කරලා දාන්න.

 ප්‍රකාශනයක් අප්ඩේට් කරගන්න

ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත ප්‍රකාශනය අප්ඩේට් වෙලාද කියලා විටින් විට බලන්න.

ප්‍රකාශනයක් අප්ඩේට් වෙලා නම් එතන refresh අයිකන් එකක් දැකගන්න පුළුවන්. ඔයා ඒ ප්‍රකාශනය ටැප් කළාම ඒක අප්ඩේට් වෙලා කියලා මෙසේජ් එකක් වැටෙනවා. අප්ඩේට් කරගන්න ඕනෙ නම් ඩවුන්ලෝඩ් බට්න් එක ඔබන්න. පසුව කියන බට්න් එක ටැප් කළොත් දැනට තියෙන ප්‍රකාශනය දිගටම කියවගෙන යන්න පුළුවන්.

ඩවුන්ලෝඩ් කරගත්ත ප්‍රකාශනයක් අප්ඩේට් වෙලාද කියලා බලාගන්න ඕනෙ නම් නැවිගේෂන් බට්න් එක ටැප් කළාම එන ප්‍රකාශන ටැබ් එක ඔබන්න. අප්ඩේට් තියෙනවා නම් අප්ඩේට් කරපු ප්‍රකාශන කියන කොටස දැකගන්න පුළුවන්. ඒක ටැප් කළාම ඔයාට අප්ඩේට් කරගන්න පුළුවන් ප්‍රකාශන ලැයිස්තුව එතන තියෙයි. අප්ඩේට් කරගන්න කැමති ප්‍රකාශනයක් උඩ ටැප් කරන්න. එහෙම නැත්නම් ඔක්කොම අප්ඩේට් කරන්න බට්න් එක ටැප් කරලා ලැයිස්තුවේ තියෙන ඔක්කොම ප්‍රකාශන අප්ඩේට් කරගන්න.

මේ අංග මුදාහැරියේ 2015 පෙබරවාරි මාසයේදී ‘JW ලයිබ්‍රරි’ 1.4 වර්ෂන් එකත් එක්ක. ඒක ඇන්ඩ්‍රොයිඩ් 2.3 හෝ පසුව ආපු වර්ෂන්වලත් වැඩ කරනවා. මේ අංග ඔයාගේ ඩිවයිස් එකේ පේන්න නැත්නම් අලුත්ම අංග ලබාගන්න කියන කොටසේ ඇති “‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න—ඇන්ඩ්‍රොයිඩ්” යටතේ තියෙන උපදෙස් අනුගමනය කරන්න.