Skip to content

පටුනට යන්න

JW ලයිබ්‍රරි

බයිබලයකින් හෝ ප්‍රකාශනයකින් සොයන්න - ඇන්ඩ්‍රොයිඩ්

බයිබලයකින් හෝ ප්‍රකාශනයකින් සොයන්න - ඇන්ඩ්‍රොයිඩ්

‘JW ලයිබ්‍රරි’ එකේ සොයන්න කියන අංගයෙන් බයිබලයක හෝ ප්‍රකාශනයක තියෙන වචනයක් නැත්නම් වචන කාණ්ඩයක් හොයාගන්න පුළුවන්.

බයිබලයකින් හෝ ප්‍රකාශනයකින් සොයන්න මේ උපදෙස් අනුගමනය කරන්න.

 බයිබලයකින් සොයන්න

ඔයා දැන් කියවමින් ඉන්න බයිබලයේ තියෙන වචනයක් හෝ වචන කාණ්ඩයක් හොයාගන්න ඔයාට පුළුවන්.

බයිබලය කියවන ගමන් සොයන්න බට්න් එක ටැප් කරන්න. හොයන්න ඕන වචනය ටයිප් කරන්න. ටයිප් කරද්දී ඒ වචනයත් ඒකට ළඟින් යන වචනත් පෙන්නයි. ඒකෙන් එකක් ටැප් කරලා හරි එන්ටර් බට්න් එක ටැප් කරලා හරි ප්‍රතිඵල බලාගන්න පුළුවන්.

වැඩියෙන්ම කොටස යටතේ පෙන්නන්නේ ඔයා හොයන වචනයට ගැළපෙන, දැනට වැඩියෙන්ම භාවිතා වුණු බයිබල් පදයි. හැම පදයක්ම කියන කොටස ටැප් කළොත් ගැළපෙන ඔක්කොම පද ටික බයිබලේ පොත් තියෙන අනුපිළිවෙළට පෙන්නයි. ලිපි කියන කොටසෙන් පෙන්වන්නේ හොයන වචනයට ගැළපෙන, පෙරවදනෙත් උපග්‍රන්ථයෙත් තියෙන ලිපියි.

ඔයා වචන කිහිපයක් ටයිප් කළා නම් ඒකට හරියටම ගැළපෙන ප්‍රතිඵල හොයාගන්න එකම යෙදුම මැච් කරන්න කියන බොක්ස් එක ටැප් කරන්න.

 ප්‍රකාශනයකින් සොයන්න

ඔයා කියවන ප්‍රකාශනයක වචනයක් හෝ වචන කාණ්ඩයක් හොයාගන්නත් පුළුවන්.

කියවන ගමන් සොයන්න කියන බට්න් එක ටැප් කරන්න. හොයන්න ඕන වචනය ටයිප් කරද්දී ඒ වචනයත් ඒකට ළඟින් යන වචනත් පෙනෙයි. ඒකෙන් එකක් ටැප් කරලා හරි එන්ටර් බට්න් එක ටැප් කරලා හරි ප්‍රතිඵල බලාගන්න පුළුවන්.

ඔයා වචන කිහිපයක් ටයිප් කළා නම් ඒකට හරියටම ගැළපෙන ප්‍රතිඵල හොයාගන්න එකම යෙදුම මැච් කරන්න කියන බොක්ස් එක ටැප් කරන්න.

 විෂයක් සොයන්න

‘ඉන්සයිට්’ පොත ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා නම් ඒකේ තියෙන විෂයක් හොයන්න ඔයාට පුළුවන්. ඔයා කියවන ඕනෙම බයිබලයකටත් ප්‍රකාශනයකටත් මේ ක්‍රමය අදාළ වෙනවා.

සොයන්න කියන බට්න් එක ටැප් කරන්න. දැන් ඔයාට හොයාගන්න ඕන විෂයක් ටයිප් කරන්න. ටයිප් කරගෙන යද්දී ‘ඉන්සයිට්’ පොතේ තියෙන ඒ විෂයට ගැළපෙන විෂයන් ලැයිස්තුවක් පෙන්නයි. කැමති විෂයක් ටැප් කරන්න.

මේ අංග මුදාහැරියේ 2014 මැයි මාසයේදී ‘JW ලයිබ්‍රරි’ 1.3.4 වර්ෂන් එකත් එක්ක. ඒක ඇන්ඩ්‍රොයිඩ් 2.3 හෝ පසුව ආපු වර්ෂන්වලත් වැඩ කරනවා. මේ අංග ඔයාගේ ඩිවයිස් එකේ පේන්න නැත්නම් අලුත්ම අංග ලබාගන්න කියන කොටසේ ඇති “‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න—ඇන්ඩ්‍රොයිඩ්” යටතේ තියෙන උපදෙස් අනුගමනය කරන්න.