JW ලයිබ්‍රරි
වචන හයිලයිට් කරන්න—වින්ඩෝස්
‘JW ලයිබ්‍රරි’ එකෙන් ප්රකාශනයක් කියවන ගමන් සහ අධ්‍යයනය කරන ගමන් වචන හෝ වචන කාණ්ඩ හයිලයිට් කරන්න පුළුවන්.
වචන හෝ වචන කාණ්ඩ හයිලයිට් කරන්න මේ උපදෙස් පිළිපදින්න:
හයිලයිට් කරන්න
පාට වෙනස් කරන්න සහ ඩිලීට් කරන්න
හයිලයිට් කරන්න
වචනයක් හෝ වචන කාණ්ඩයක් හයිලයිට් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා.
වචනයක් උඩ ටැප් කරන්න. එතකොට ඒ වචනය සිලෙක්ට් වෙනවා. සිලෙක්ට් වුණු ඒ වචනය දෙපැත්තේ තියෙන කෑලිවලින් ඇදලා හයිලයිට් කරන්න අවශ්‍ය ප්‍රමාණය තෝරගන්න. ඊටපස්සේ එතනින්ම මතු වෙන තීරුවේ හයිලයිට් බට්න් එක ටැප් කරලා කැමති පාටක් තෝරගෙන හයිලයිට් කරන්න.
වචනයක් හෝ වචන කාණ්ඩයක් පෙන් එකකින් හයිලයිට් කරන්නත් පුළුවන්. ඒක කරන්නේ හරියට මුද්‍රිත ප්රකාශනයක වචනයක් හයිලයිටර් එකකින් හයිලයිට් කරන විදහටයි. ඒ විදිහට අවශ්‍ය වචන කාණ්ඩය සිලෙක්ට් කරගත්තාම ඒත් එක්කම පොඩි තීරුවක් මතු වෙයි. ඒ තීරුවෙන් පාට වෙනස් කරගන්නත් හයිලයිට් කරපු එකක් ඩිලීට් කරන්නත් පුළුවන්.
පාට වෙනස් කරන්න සහ ඩිලීට් කරන්න
පාට වෙනස් කරන්න ඕනෙ නම් හයිලයිට් කරපු වචනය හෝ වචන කාණ්ඩය උඩ ටැප් කරලා අලුත් පාටක් තෝරගන්න. ඩිලීට් කරන්න ඕනෙ නම් හයිලයිට් කරපු කොටස උඩ ටැප් කරලා ඩිලීට් බට්න් එක ටැප් කරන්න.
2015 නොවැම්බර් මාසයේ මුදාහැරිය ‘JW ලයිබ්‍රරි’ 1.6 වර්ෂන් එකේ මේ අලුත් විශේෂාංග ඇතුළත් කරලා තිබුණා. වින්ඩෝස් 8.1 හෝ ඊටපසුව ආපු වර්ෂන්වල මේවා වැඩ කරනවා. මේ විශේෂාංග ඔයාගේ ඩිවයිස් එකේ පෙන්නන්නේ නැත්නම් අලුත්ම විශේෂාංග ලබාගන්න කියන කොටසේ ඇති “‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න—වින්ඩෝස්” යටතේ තියෙන උපදෙස් අනුගමනය කරන්න.