JW ලයිබ්‍රරි
‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න—iOS
බයිබලය
බයිබල් ටැබ් එක උඩ ටැප් කළාම විවිධ බයිබල් පරිවර්තන කියවන්නත් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. බයිබලයේ ඔයාට කැමති පොතක් උඩ ටැප් කළාම ඒ පොතේ තියෙන හැම පරිච්ඡේදයක්ම පෙන්නනවා. පරිච්ඡේදයක් උඩ ටැප් කරලා කියවන්න පටන්ගන්න. කියවන ගමන් පාදසටහන්, අමතර යොමු දැක්වීම් සහ වෙනත් බයිබල්වල ඒ පදය තියෙන විදිහ ස්ටඩි පේන් එකේ (අමතර තොරතුරු පෙන්වන කොටසේ) බලාගන්න පුළුවන්.
වෙන බයිබල් පදයක් බලන්න ඕනෙ නම් ආයෙත් බයිබල් ටැබ් එක උඩ ටැප් කරන්න. එතකොට බයිබල් පොත්වල ලැයිස්තුව ස්ක්‍රීන් එකේ දිස් වෙයි.
ප්‍රකාශන
ප්‍රකාශන ටැබ් එක උඩ ටැප් කළොත් ලිපි, ඕඩියෝ සහ වීඩියෝ ප්‍රකාශන ලබාගන්න පුළුවන්. ප්‍රකාශනයක් උඩ ටැප් කරන්න. ඊටපස්සේ ලිපිය උඩ ටැප් කරන්න. දැන් කියවන්න පටන්ගන්න. බයිබල් පදයක් උඩ ටැප් කළාම ඒක ස්ටඩි පේන් එකේ (අමතර තොරතුරු පෙන්වන කොටසේ) පෙන්නනවා. ස්ටඩි පේන් එකේ තියෙන බයිබල් පදයේ ලින්ක් එක උඩ ටැප් කළාම ඒ පදය බයිබලයෙන් බලන්න පුළුවන්.
වෙන ප්‍රකාශනයක් බලන්න ඕනෙ නම් ආයෙත් ප්‍රකාශන ටැබ් එක ටැප් කරන්න. එතකොට ප්‍රකාශන ලැයිස්තුව ස්ක්‍රීන් එකේ දිස් වෙයි.
දිනපදය
දවසේ පදය බලන්න දිනපදය ටැබ් එක ටැප් කරන්න.
රැස්වීම්
සතියට අදාළ රැස්වීම්වලදී පාවිච්චි කරන ප්‍රකාශන බලන්න රැස්වීම් කියන ටැබ් එක ටැප් කරන්න.
ඔන්ලයින්
අපේ නිල වෙබ් අඩවිවලට යන ලින්ක් තියෙන්නේ ඔන්ලයින් ටැබ් එකේ.
අලුත්ම විශේෂාංග ලබාගන්න
‘JW ලයිබ්‍රරි’ එකේ අලුත් විශේෂාංග ලබාගන්න නම් ඔයාගේ ඩිවයිස් එක නිතරම අප්ඩේට් කරන්න.
ඔයාගේ ඩිවයිස් එකට අලුත්ම iOS වර්ෂන් එක දාගන්න. තව විස්තර මේ ලින්ක් එකට ගිහින් දැනගන්න: https://support.apple.com/en-us/HT204204.
‘ඩිවයිස් සෙටිංස්’ යටතේ තියෙන ‘ඔටෝමැටික් ඇප් අප්ඩේට්ස්’ එක ‘ඔන්’ කරලා තියෙන එක ඔයාට ලේසියි. තව විස්තර මේ ලින්ක් එකට ගිහින් දැනගන්න: https://support.apple.com/en-us/HT202180.