Skip to content

පටුනට යන්න

JW.ORG වෙබ් අඩවිය

ඇමසන් ඇලෙක්සා සඳහා සකස් කරලා තියෙන JW.ORG ස්කිල් පාවිච්චි කරන විදිහ

ඇමසන් ඇලෙක්සා සඳහා සකස් කරලා තියෙන JW.ORG ස්කිල් පාවිච්චි කරන විදිහ

ඇමසන් ඇලෙක්සා සඳහා සකස් කරලා තියෙන jw.org ස්කිල් පාවිච්චි කරලා jw.org එකේ තියෙන ඕඩියෝ ප්ලේ කරන්න. ඒකට ඇලෙක්සා සපෝර්ට් කරන ඩිවයිස් එකක් තියෙන්න ඕනේ.

ඔයාගේ ඩිවයිස් එක සෙට් අප් කරගන්න විදිහ

ඔයාගේ ඩිවයිස් එකත් එක්ක එන අත්පොතේ උපදෙස් අනුගමනය කරලා අන්තර්ජාලයට ගිහින් ඒක සෙට් අප් කරගන්න.

jw.org ස්කිල් ඉන්ස්ටෝල් කරගන්න විදිහ:

  1. https://www.amazon.com/dp/B07YSRTQ27/ වෙතට යන්න.

  2. ඔයාගේ ඇලෙක්සා ඩිවයිස් එක රෙජිස්ටර් කරලා තියෙන ඔයාගේ ඇමසන් අකවුන්ට් එකට යන්න.

  3. “Enable” බට්න් එක ක්ලික් කරන්න.

සපෝර්ට් කරන ඩිවයිස්

පහත දැක්වෙන ඇලෙක්සා සපෝර්ට් කරන ඩිවයිස්වලට සහ ඇප්වලට jw.org ස්කිල් සපෝර්ට් කරනවා. වෙනත් ඩිවයිස්වලටත් jw.org ස්කිල් සපෝර්ට් කරනවා ඇති. ඒත් හැම ඩිවයිස් එකකටම ඒක සපෝර්ට් කරනවා කියලා සහතික වෙන්න බැහැ.

  • Echo Dot

  • Echo Spot

  • Echo Show

  • iOS නැත්නම් Android ඩිවයිස්වල තියෙන ඇලෙක්සා ඇප් එක

JW.ORG ස්කිල් පාවිච්චි කරන විදිහ

ඔයා හොයන ඕඩියෝ එකේ නම කියන්න කලින් එහෙම නැත්නම් නම කිව්වාට පස්සේ jw.org කියලා සඳහන් කරන්න ඕනේ. උදාහරණ බලන්න.

  • “Alexa, play original songs from jw.org”

  • “Alexa, ask jw.org to play original songs”

එහෙම කියද්දී ඔයා හොයපු ඕඩියෝ එක ප්ලේ වෙනවා. ඇලෙක්සා එකට ප්ලේ කරන්න කියලා කියන්න පුළුවන් දේවලට උදාහරණ කීපයක් බලමු.

සැලකිල්ලට ගන්න: කොටු වරහන්වල පෙන්වලා තියෙන දේවල් කියන්නම ඕනෙ නැහැ. උදාහරණෙකට, “Alexa, read the daily text [for today] from jw.org” කියලා ඔයාට කියන්න පුළුවන්. ඒත් “for today” කියලා කිව්වේ නැතත් දවසට අදාළ දිනපදය ප්ලේ වෙනවා.

වෙනත් භාෂාවලින් ඕඩියෝ ප්ලේ කරන්න කියලත් ඇලෙක්සාට කියන්න පුළුවන්. “ වෙනත් භාෂාවකින් ඕඩියෝ ප්ලේ කරන්න” කියන කොටස බලන්න.

බයිබලය

2013 පළ කරපු ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනයේ’ පටිගත කරපු බයිබල් කියවීම් තියෙනවා නම් ඇලෙක්සා ඒවා ප්ලේ කරනවා. එහෙම නැත්නම් ඒක ප්ලේ කරන්නේ 1984 පළ කරපු බයිබලයේ ඕඩියෝ එක.

  • “Alexa, play Genesis from jw.org”

    (එහෙම කියද්දී 1වෙනි පරිච්ඡේදයේ ඉඳන් මුළු පොතම ප්ලේ වෙන්න පටන්ගන්නවා)

  • “Alexa, play Matthew chapter 5 from jw.org”

    (ඔයා සඳහන් කරපු පරිච්ඡේදයේ ඉඳන් පොතේ අවසානය වෙන කල් ප්ලේ වෙනවා)

  • “Alexa, play Romans chapter 15, verse 4, from jw.org”

    (ඔයා සඳහන් කරපු පදයේ ඉඳන් ප්ලේ වෙන්න පටන්ගන්නවා. සැලකිල්ලට ගන්න: හැබැයි ඒ අංගය වැඩ කරන්නේ 2013 පළ කරපු ඉංග්‍රීසි ‘නව ලොව පරිවර්තනයේ’ පටිගත කිරීම්වලට විතරයි.)

සංගීතය

සංගීත එකතුවක් ප්ලේ කරන්න කියලා ඔයා ඇලෙක්සාට කිව්වාම ඒ එකතුවේ තියෙන සංගීතය/සින්දු එක දිගටම තැනින් තැන ප්ලේ වෙනවා. ඔයා ඇලෙක්සාට “stop” කිව්වාම ප්ලේ වෙන එක නවතිනවා.

  • “Alexa, play music from jw.org”

    (එහෙම කියද්දී වෙබ් අඩවියේ තියෙන සංගීත වැඩසටහන්වලින් ඕනම එකක් ප්ලේ වෙනවා)

  • “Alexa, play original songs from jw.org”

    (අපේ සින්දු ප්ලේ වෙනවා)

  • “Alexa, play children’s songs from jw.org”

    (‘පුංචි අපේ සින්දු’ සහ දරුවන් ගායනා කරන ගීතිකා ප්ලේ වෙනවා)

  • “Alexa, play Kingdom songs from jw.org”

    (අපේ ගීතිකාවල සංගීතය සහ ගායනය ප්ලේ වෙනවා)

  • “Alexa, play Song 38 from jw.org”

    (රැස්වීම් සඳහා සකස් කරපු ගීතිකාවල සංගීතය ප්ලේ වෙනවා)

රැස්වීම්

රැස්වීමකට අදාළ බයිබල් කියවීමේ කොටස්, ‘මුරටැඹ’ පාඩමේ ලිපි, සභා බයිබල් පාඩමට අයිති කොටස් ප්ලේ කරන්න කියලා ඇලෙක්සාට කියන්න පුළුවන්. මේ සතියේ විතරක් නෙමෙයි කලින් සතියෙත් ඊළඟ සතියෙත් රැස්වීම්වලට අදාළ කොටස් ප්ලේ කරන්න පුළුවන්. සතිය පටන්ගන්නේ සඳුදා ඉඳන්.

  • “Alexa, read this week’s Bible reading from jw.org” නැත්නම් “Alexa, read the Bible reading for this week from jw.org”

    (එහෙම කියද්දී මේ සතියේ සතිමැද රැස්වීමට අදාළ බයිබල් කියවීමේ හැම පරිච්ඡේදයක්ම ප්ලේ වෙනවා)

  • “Alexa, read last week’s Bible reading from jw.org”

    (කලින් සතියේ සතිමැද රැස්වීමට අදාළ බයිබල් කියවීමේ හැම පරිච්ඡේදයක්ම ප්ලේ වෙනවා)

  • “Alexa, read next week’s Bible reading from jw.org”

    (ඊළඟ සතියේ සතිමැද රැස්වීමට අදාළ බයිබල් කියවීමේ හැම පරිච්ඡේදයක්ම ප්ලේ වෙනවා)

  • “Alexa, read this week’s Watchtower Study from jw.org”

    (මේ සතියට අදාළ ‘මුරටැඹ’ පාඩම් ලිපිය ප්ලේ වෙනවා)

  • “Alexa, read this week’s Congregation Bible Study from jw.org”

    (මේ සතියේ සතිමැද රැස්වීමට අදාළ සභා බයිබල් පාඩමට නියමිත කොටස ප්ලේ වෙනවා)

වෙනත් දේවල්

  • “Alexa, read the daily text [for today] from jw.org”

    (එහෙම කියද්දී ‘දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම’ කියන ප්‍රකාශනයේ තියෙන අදට අදාළ දිනපදය ප්ලේ වෙනවා)

  • “Alexa, read the daily text for tomorrow (yesterday/next Wednesday/December 1) from jw.org”

    (ඔයා සඳහන් කරපු දවසේ දිනපදය ප්ලේ වෙනවා)

  • “Alexa, play the latest morning worship from jw.org”

    (අලුත්ම උදෑසන නමස්කාර වැඩසටහන ප්ලේ වෙනවා)

  • “Alexa, play Morning Worship [programs] from jw.org”

    (උදෑසන නමස්කාර වැඩසටහන් යටතේ තියෙන ඕනම එකක් ප්ලේ වෙනවා)

  • “Alexa, play dramas from jw.org”

    (ඕඩියෝ නාට්‍යය යටතේ තියෙන ඕනම එකක් ප්ලේ වෙනවා)

  • “Alexa, play dramatic Bible readings from jw.org”

    (නාට්‍යමය ආකාරයට ඇති බයිබල් කියවීම් යටතේ තියෙන ඕනම එකක් ප්ලේ වෙනවා)

  • “Alexa, play the [monthly] broadcast from jw.org”

     (අලුත්ම මාසික බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහනේ ඕඩියෝ එක ප්ලේ වෙනවා)

  • “Alexa, play the [monthly] broadcast for January 2019 from jw.org”

    (ඔයා සඳහන් කරපු මාසයට අදාළ බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහනේ ඕඩියෝ එක ප්ලේ වෙනවා)

වෙනත් භාෂාවකින් ඕඩියෝ ප්ලේ කරන්න

Jw.org එකේ ඕනම භාෂාවකින් තියෙන ඕඩියෝ වැඩසටහන් ප්ලේ කරන්න පුළුවන්.

උදාහරණ:

  • “Alexa, read this week’s Watchtower Study in Russian from jw.org.”

  • “Alexa, read this week’s Congregation Bible Study in Sinhala from jw.org.”

  • “Alexa, play original songs in Korean from jw.org.”

  • “Alexa, play the latest morning worship in Hindi from jw.org.”

හැබැයි ඇලෙක්සාට ප්ලේ කරන්න බැරි දේවල් කීපයකුත් තියෙනවා.

  • උදාහරණෙකට, වෙනත් භාෂාවකින් දිනපදය ප්ලේ කරන්න බැහැ. දිනපදය කියවන්නේ ඇලෙක්සා. ඒ නිසා ඔයාගේ ඩිවයිස් එක සපෝර්ට් කරන භාෂාවෙන් විතරයි දිනපදය ප්ලේ වෙන්නේ.

  • සාමාන්‍යයෙන් jw.org ස්කිල් හරහා සතිමැද රැස්වීමේ ඕඩියෝ ප්ලේ වෙන්නේ ඉංග්‍රීසි සහ වෙනත් ප්‍රධාන භාෂා කීපයක වැඩසටහන්වල තියෙන විදිහටයි. ඒ නිසා සභා බයිබල් පාඩමට ඔයා පාවිච්චි කරන ප්‍රකාශනයම ප්ලේ නොවෙන්න ඉඩ තියෙනවා.

ඕඩියෝ ප්ලේ කරන විදිහ

ඕඩියෝ ප්ලේ වෙන විදිහ පාලනය කරන්න ඔයාට පුළුවන්. ඒකට උදාහරණ කීපයක් බලන්න.

  • “Alexa, pause” නැත්නම් “Alexa, stop”

    (එහෙම කියද්දී ඕඩියෝ ප්ලේ වෙන එක නවතිනවා)

  • “Alexa, resume”

    (ඕඩියෝ එක ආයෙත් නවත්වපු තැන ඉඳන් ප්ලේ වෙන්න පටන්ගන්නවා. ඒක jw.org විතරක් නෙමෙයි වෙනත් වෙබ් අඩවිවල තියෙන ඕඩියෝවලටත් අදාළයි)

  • “Alexa, next” නැත්නම් “Alexa, skip”

    (ප්ලේ වෙන ඕඩියෝ එක නතර වෙලා ඊළඟට තියෙන ඕඩියෝ එක ප්ලේ වෙන්න පටන්ගන්නවා)

  • “Alexa, previous”

    (ප්ලේ වෙන ඕඩියෝ එක නතර වෙලා ඊට කලින් ප්ලේ වුණු ඕඩියෝ එක ආයෙත් ප්ලේ වෙන්න පටන්ගන්නවා)

  • “Alexa, repeat” නැත්නම් “Alexa, restart”

    (ප්ලේ වෙන ඕඩියෝ එක ආයෙත් මුල ඉඳන්ම ප්ලේ වෙන්න පටන්ගන්නවා)

  • “Alexa, loop”

    (ඕඩියෝ වැඩසටහනක් ප්ලේ කරන්න කියලා කියද්දී ඒ ඕඩියෝ එක කීප වතාවක්ම ප්ලේ වෙනවා. ඕඩියෝ වැඩසටහන් වර්ගයක් ප්ලේ කරන්න කියද්දී ඒකට අයිති හැම ඕඩියෝ එකක්ම කීප වතාවක්ම ප්ලේ වෙනවා)

  • “Alexa, loop off”

    (ඔයා ප්ලේ කරන ඕඩියෝ වැඩසටහන හරි වැඩසටහන් වර්ගය හරි අවසානය වෙන කල් ප්ලේ වෙලා නතර වෙනවා)