Skip to content

පටුනට යන්න

JW.ORG වෙබ් අඩවිය

මොබයිල් ඩිවයිස් එකකින් JW.ORG වෙබ් අඩවිය පාවිච්චි කරන විදිහ

මොබයිල් ඩිවයිස් එකකින් JW.ORG වෙබ් අඩවිය පාවිච්චි කරන විදිහ

කොම්පියුටරයේ ෆුල් ස්ක්‍රීන් එකේ ක්‍රියාත්මක කරන්න පුළුවන් හැම අංගයක්ම ස්මාට් ෆෝන් එකෙත් ටැබ් එකෙත් වැඩ කරනවා. ඒත් කුඩා මොබයිල් ඩිවයිස් එකකින් උපරිම ප්‍රයෝජන ගන්න ඕන හින්දා මෙනු එකයි ස්ක්‍රීන් එකයි ටිකක් වෙනස් විදිහටයි සකස් කරලා තියෙන්නේ. jw.org වෙබ් අඩවියේ තියෙන දේවල් හොයාගන්න මේ පිටුවේ තියෙන ටිප්ස් ඔයාට උදව් වෙයි.

 මොබයිල් නැවිගේෂන් මෙනුව පාවිච්චි කරන්න

කොම්පියුටරයේ ෆුල් ස්ක්‍රීන් එකක නම් ප්‍රධාන නැවිගේෂන් මෙනුව තියෙන්නේ ස්ක්‍රීන් එකේ උඩින් හරහට. උපමෙනුව තියෙන්නේ වම් පැත්තේ උඩ සිට පහළට.

ඒත් කුඩා මොබයිල් ඩිවයිස් ස්ක්‍රීන් එකක නැවිගේෂන් මෙනුව තියෙන්නේ උඩ සිට පහළට. පාවිච්චි කරන්නේ නැති වෙලාවට ඒක සඟවන්න පුළුවන් විදිහටයි සකස් කරලා තියෙන්නේ. ඒ නිසා ස්ක්‍රීන් එකේ ඉඩ හොඳට පාවිච්චි කරන්න පුළුවන්.

  • මෙනු බට්න් එක ටැප් කරන්න. නැවිගේෂන් මෙනු එක පෙන්වන්නෙත් සඟවන්නෙත් මේ බට්න් එකෙන්. එතකොට මතු වෙන මෙනුවේ ඕන කරන කොටස ක්ලික් කළාම ඒ පිටුවට ගෙන යනවා.

  • Expand බට්න් එක ටැප් කරන්න. එතකොට ඒ කොටසට අදාළ තවත් මෙනුවක් දිගහැරෙනවා. එතනට ගිහින් ඕන කරන දේ ක්ලික් කළාම ඒ පිටුවට ගෙන යනවා.

  • Collapse බට්න් එක ටැප් කරන්න. එතකොට දිගහැරුණු මෙනුව වැහෙනවා.

  • JW.ORG බට්න් එක ටැප් කළාම මුල් පිටුවට ගෙන යනවා.

  • භාෂා බට්න් එක ටැප් කළාම වෙබ් අඩවිය තියෙන භාෂා බලාගන්න පුළුවන්.

  • සොයන්න කියන බට්න් එක ටැප් කළාම අවශ්‍ය තොරතුරු හොයාගන්න පුළුවන්.

 ලිපියක් හරි ප්‍රකාශනයක පරිච්ඡේදයක් හරි නැවිගේට් කරන්න

ෆුල් ස්ක්‍රීන් එකක නම් ඔයා ලිපියක් හරි ප්‍රකාශනයක පරිච්ඡේදයක් හරි කියවද්දී ඒ ප්‍රකාශනයේ පටුන දිගටම දැකගන්න පුළුවන්. ඒත් කුඩා මොබයිල් ඩිවයිස් ස්ක්‍රීන් එකක පටුන තියෙන්නේ සඟවලයි.

  • පටුන දැකගන්න මේ බට්න් එක ටැප් කරන්න. මාතෘකාවක් ක්ලික් කළාම ලිපියේ හරි පරිච්ඡේදයේ හරි තියෙන තොරතුරු දැකගන්න පුළුවන්.

  • කලින් කියන බට්න් එක ටැප් කළාම කලින් ලිපිය හරි, පරිච්ඡේදය හරි දැකගන්න පුළුවන්.

  • ඊළඟ කියන බට්න් එක ටැප් කළාම ඊළඟ ලිපිය හරි, පරිච්ඡේදය හරි දැකගන්න පුළුවන්.

  • පටුන සඟවන්න මේ බට්න් එක ටැප් කරන්න. එතකොට ලිපිය දිගටම කියවගෙන යන්න පුළුවන්.

 ඔන්ලයින් බයිබලය නැවිගේට් කරන්න

මුලින්ම ‘ලයිබ්‍රරි’ > ‘ඔන්ලයින් බයිබලයට’ ගිහින් බයිබලයක් තෝරගන්න. නැත්නම් ඔන්ලයින් කියවන්න කියන බට්න් එකේ ලින්ක් එක ක්ලික් කරන්න.

සටහන: ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ස්ටඩි බයිබලය පාවිච්චි කරන විදිහ දැනගන්න “Use the Study Bible” කියන ලිපිය බලන්න.

පෙන්වා ඇත්තේ කියන තැනින් බයිබලයේ කැමති පොතක් සහ පරිච්ඡේදයක් තෝරගන්න ඔයාට පුළුවන්. ඊටපස්සේ සොයන්න කියන තැන ක්ලික් කරන්න.

  • තෝරාගත් බයිබල් පොතේ පටුන සහ තවත් තොරතුරු දැකගන්න දකුණු පැත්තේ පහළ දිස් වෙන මේ සලකුණ ටැප් කරන්න.

  • පහළින් තියෙන කලින් කියන තැන ක්ලික් කළාම කලින් පරිච්ඡේදයට යන්න පුළුවන්.

  • ඊළඟ කියන තැන ක්ලික් කළාම ඊළඟ පරිච්ඡේදයට යන්න පුළුවන්.

  •  පටුන වහන්න වම් පැත්තේ තියෙන මේ සලකුණ ටැප් කරන්න.

ලිපියේ ඕඩියෝ එක අහන්න

ඔයා කියවන ලිපිය රෙකෝඩ් කරලා තියෙනවා නම් ඕඩියෝ කියන බට්න් එක දිස් වෙයි.

  • පටිගත කිරීමට සවන් දෙන්න ඕනේ නම් ඕඩියෝ කියන තැනට උඩින් තියෙන බාර් එක ප්ලේ කරන්න.

  • ඕඩියෝ එක ටිකකට නවත්වන්න ඕනෙ නම් ත්‍රිකෝණ හැඩයක් ඇති තැන ක්ලික් කරන්න. ආයෙත් සවන් දෙන්න නම් ත්‍රිකෝණ හැඩය නැවත ක්ලික් කරන්න.

  • ඕඩියෝ ට්‍රැක් එකේ ඉස්සරහට පිටිපස්සට යන්න ඕනෙ නම් ට්‍රැක් එක උඩ තියෙන පුංචි රවුම අවශ්‍ය තැනට අදින්න.

ඕඩියෝ එක ප්ලේ වෙන අතරේ ලිපියේ ඉහළට පහළට යද්දී ඕඩියෝ බාර් එක පිටුවේ ඉහළින් දැකගන්න පුළුවන්. ඒ නිසා ලිපිය කියවද්දී පහසුවෙන්ම ඕඩියෝ එක ප්ලේ කරන්න නැත්නම් නවත්තන්න පුළුවන්.