Skip to content

පටුනට යන්න

JW.ORG වෙබ් අඩවිය

වෙන භාෂාවකින් තොරතුරු හොයාගන්න

වෙන භාෂාවකින් තොරතුරු හොයාගන්න

ඔයාට අලුත් භාෂාවක් ඉගෙනගන්න ඕනෙ කියලා හිතමු. එහෙම නැත්නම් වෙන භාෂාවක් කතා කරන කෙනෙක් එක්ක jw.org වෙබ් අඩවියේ තියෙන තොරතුරක් බෙදාගන්න ඕනෙ කියලා හිතමු. එහෙමනම් පහළ තියෙන ක්‍රම තුනෙන් එකක් පාවිච්චි කරන්න.

 වෙබ් අඩවියේ භාෂාව වෙනස් කරන්න

භාෂා බට්න් එක ක්ලික් කරන්න. එතකොට jw.org වෙබ් අඩවියේ තියෙන සම්පූර්ණ භාෂා ලැයිස්තුව දැකගන්න පුළුවන්.

ලැයිස්තුවේ ඇති හැම භාෂාවක් ඉදිරියෙන් තියෙන අයිකොන්වලින් අදහස් වෙන දේ:

  • සම්පූර්ණ වෙබ් අඩවියම හරි, ඉන් කොටසක් හරි මේ භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා. අදාළ භාෂාව ක්ලික් කළාම වෙබ් අඩවිය ඒ භාෂාවෙන් දිස්වෙයි.

  • මේ භාෂාවට තවම වෙබ් අඩවිය පරිවර්තනය කරලා නැති වුණත් මේ භාෂාවෙන් ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ ප්‍රකාශන ගැන දැනගන්න අදාළ භාෂාව ක්ලික් කරන්න.

  • මේ අයිකොන් එකෙන් පෙන්නන්නේ සංඥා භාෂාවක්. සංඥා භාෂාවට අදාළ සියලුම ප්‍රකාශන තියෙන්නේ වීඩියෝ හැටියටයි.

    භාෂා ලැයිස්තුවේ සංඥා භාෂාව විතරක් දැකගන්න කැමති නම් ‘සංඥා භාෂා විතරක්’ කියන කොටුව ක්ලික් කරන්න.

ලැයිස්තුවේ භාෂා සිය ගාණක් තියෙන නිසා ඔයා කැමති භාෂාව ලේසියෙන්ම හොයාගන්න පහළ තියෙන ක්‍රමයක් පාවිච්චි කරන්න:

  • කැමති භාෂාවක් තෝරගන්න: අන්තිමට තෝරපු භාෂා හතර ලැයිස්තුවේ උඩින්ම පෙන්නනවා.

  • භාෂාවේ නම ටයිප් කරන්න: භාෂාවේ මුල් අකුරු කිහිපය ටයිප් කරන්න. උදාහරණයකට, ඔයාගේ වෙබ් අඩවිය ක්‍රියාත්මක වන භාෂාව සිංහල, ඒත් ඔයාට ජර්මන් භාෂාවට මාරු වෙන්න ඕනෙ කියලා හිතන්න. ඔයාට පුළුවන් “German” හරි “Deutsch” හරි කියලා ටයිප් කරන්න. අකුරු ටික ටයිප් කරගෙන යද්දී අනිත් භාෂා අතරින් ජර්මන් භාෂාව තේරිලා මුලට එනවා.

 වෙන භාෂාවකින් වෙබ් පිටුවක් පෙන්වන්න

1වෙනි ක්‍රමය: කියවන්න කියන කොටුව තියෙන පිටුවලදී මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්.

ඔයා කියවන්න කැමති, එහෙම නැත්නම් යාළුවෙකුට යවන්න කැමති ලිපියක් තෝරගන්න. ඊටපස්සේ වෙබ් පිටුවේ ඉහළ තියෙන කියවන්න කියන කොටුව ක්ලික් කළාම එතන පෙන්නන ලැයිස්තුවෙන් ඒ භාෂාව තෝරගන්න. (ඔයා කැමති භාෂාව ඒ ලැයිස්තුවේ නැත්නම්, ඒ කියන්නේ ඒ ලිපිය ඒ භාෂාවට තවම පරිවර්තනය කරලා නැහැ කියන එකයි.)

ටිප් එකක්: කියවන්න කියන කොටුව ක්ලික් කළාම එතන පෙන්නන ලැයිස්තුවේ භාෂාවත් සමඟ ඕඩියෝ අයිකොන් එකක් තියෙනවා නම් ඒ කියන්නේ ඒ ලිපියේ ඕඩියෝ රෙකෝඩිං එකට සවන් දෙන්න පුළුවන් කියන එකයි.

කියවන්න කියන කොටුව ක්ලික් කරලා ඔයා කැමති භාෂාවෙන් ලිපියක් තෝරගත්තත් වෙබ් පිටුවේ ඉතුරු කොටස් ක්‍රියාත්මක වෙන්නේ ඔයා මුලින්ම තෝරගෙන තිබුණු භාෂාවෙන්.

2වෙනි ක්‍රමය: ඔයා කියවන ලිපියට අදාළව කියවන්න කියන කොටුවක් නැත්නම් භාෂා බට්න් එක ක්ලික් කරලා ඔයාට ඕන භාෂාව තෝරගන්න. එතකොට ඔයා කියවන ලිපිය තෝරගත්ත භාෂාවෙන් තියෙනවා නම් ඒක දිස් වෙයි. එහෙම නැත්නම් ඔයා තෝරගත්ත භාෂාවේ මුල් පිටුවට ගෙන යයි.

 වෙන භාෂාවකින් ප්‍රකාශනයක් හොයන්න

මුලින්ම ‘ලයිබ්‍රරි’ කියන තැන ක්ලික් කරන්න. එතන පෙන්නන භාෂා ලැයිස්තුවෙන් භාෂාවක් තෝරගන්න.

ලැයිස්තුවේ හුඟක් භාෂා පෙන්නන නිසා ඔයාට පුළුවන් භාෂා ලැයිස්තුව ක්ලික් කරලා අදාළ භාෂාවේ මුල් අකුරු කිහිපය ටයිප් කරලා ලේසියෙන්ම හොයාගන්න.

ඔයා හොයන භාෂාවෙන් ප්‍රකාශන ගොඩක් තියෙනවා නම්,

‘ලයිබ්‍රරි’ කියන තැන පෙන්නන්නේ කිහිපයක් විතරයි. ඒ භාෂාවෙන් තියෙන සියලුම ප්‍රකාශන බලන්න ඕනෙ නම් ප්‍රකාශන කාණ්ඩය තෝරන්න. (උදාහරණයකට, ‘පොත් සහ සඟරා’ හෝ ‘මාසික සඟරා’ කියන තැන බලන්න.)

ප්‍රකාශන කාණ්ඩය යටතේ තෝරාගත් භාෂාවෙන් ප්‍රකාශන නැති වුණත් ඒ භාෂාවෙන් තියෙන වෙන ප්‍රකාශන ඒ පිටුවේ දැකගන්න පුළුවන්.