Skip to content

පටුනට යන්න

JW.ORG වෙබ් අඩවිය

වෙබ් අඩවියේ ප්‍රකාශන හොයාගන්න

වෙබ් අඩවියේ ප්‍රකාශන හොයාගන්න

jw.org වෙබ් අඩවියේ ‘ලයිබ්‍රරි’ කියන කොටස යටතේ ලිපි, පොත් පත්, ඕඩියෝ සහ වීඩියෝ සිය ගාණක් තියෙනවා. ඔයාට ඕන ප්‍රකාශනය ලේසියෙන්ම හොයාගන්න මේ ටිප්ස් පාවිච්චි කරන්න.

 ‘සොයන්න’ කියන අංගය පාවිච්චි කරන්න

ප්‍රකාශනයේ මාතෘකාවේ වචනයක් හරි වචන කිහිපයක් හරි දන්නවා නම් සොයන්න කියන අංගය පාවිච්චි කරලා ඒක හොයාගන්න පුළුවන්.

වීඩියෝ එකක මාතෘකාවේ එහෙම නැත්නම් ප්‍රකාශනයක තියෙන වචනයක් හරි වචන කිහිපයක් හරි ටයිප් කරලා සොයන්න කියන තැන ක්ලික් කරන්න. ඒකේ තියෙන වචන කීපයක්ම ඔයා දන්නවා නම්, ඒ වචන හැම එකක්ම ඇතුළත් කරන්න. එතකොට ඔයා හොයන දේ ලැයිස්තුවේ මුලින්ම පෙන්නයි.

ප්‍රතිඵල ලැයිස්තුවේ ගොඩක් ප්‍රකාශන, වීඩියෝ පෙන්නනවා නම් අවශ්‍ය දේ හොයාගන්නේ කොහොමද? ඒකට සොයන්න කියන අංගයට පහළින් තියෙන කාණ්ඩ පාවිච්චි කරන්න පුළුවන්.

  • උදාහරණයකට, ඔයා හොයන්නේ වීඩියෝ එකක් නම්, සොයන්න කියන අංගයට පහළින් තියෙන වීඩියෝ කියන තැන ක්ලික් කරන්න. එතකොට ප්‍රතිඵල ලැයිස්තුවේ පෙන්නන්නේ වීඩියෝ විතරයි.

  • කාණ්ඩයකට ඇතුළත් හැම ප්‍රකාශනයක්ම හෝ හැම වීඩියෝ එකක්ම දැකගන්න, ඒ කාණ්ඩය යටතේ දකුණු පැත්තේ කෙළවරේ තියෙන ඔක්කොම කියන තැන ක්ලික් කරන්න.

ප්‍රතිඵල ලැයිස්තුවේ ‘වොච්ටවර් ඔන්ලයින් ලයිබ්‍රරි’ එකේ තියෙන තොරතුරුත් පෙන්නනවා.

 ප්‍රකාශනයේ මාතෘකාව ටයිප් කරලා හොයන්න

ප්‍රකාශනයක මාතෘකාවක් නැත්නම් මාතෘකාවේ කොටසක් දන්නවා නම් ඒ ප්‍රකාශනය හොයාගන්න පහත සඳහන් ක්‍රමය පාවිච්චි කරන්න.

‘ලයිබ්‍රරි’ > ‘පොත් සහ සඟරා’.

  • සියලු දේ කියන තැන ක්ලික් කරන්න. ඔයා හොයන ප්‍රකාශනයේ මාතෘකාවේ තියෙන වචනයක් ටයිප් කරන්න. උදාහරණයකට, ඔයා හොයන්නේ ‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ පොත නම්, “ඉගැන්වීම්” කියලා ටයිප් කරන්න. දැන් ඒ ලැයිස්තුවේ එන්නේ ප්‍රකාශනයක මාතෘකාවේ “ඉගැන්වීම්” කියලා තියෙන පොත් පත් විතරයි. ඊටපස්සේ ඔයා හොයපු පොතේ නම තෝරගන්න.

  • සොයන්න කියන තැන ක්ලික් කරන්න.

 මාසික සඟරාවක් හොයන්න

‘ලයිබ්‍රරි’ > ‘මුරටැඹ සහ පිබිදෙව්!’.

අලුත්ම ‘පිබිදෙව්!’ සඟරා 4ත් අලුත්ම ‘මුරටැඹ’ (පොදු කලාපය) සඟරා 4ත් අලුත්ම ‘මුරටැඹ’ පාඩම් කලාප 8ත් එතන පෙන්නලා තියෙනවා. ඒ අතරින් ඔයාට ඕන සඟරාව ලේසියෙන්ම හොයාගන්න මේ පියවර අනුගමනය කරන්න.

  • අවශ්‍ය සඟරාව සහ පළ කරපු අවුරුද්ද අදාළ ලැයිස්තුවලින් තෝරගන්න.

  • සොයන්න කියන තැන ක්ලික් කරන්න.

 ප්‍රකාශනයක් ඩවුන්ලෝඩ් කරගත හැකි ආකාර මොනවාද කියලා බලන්න

වෙබ් පිටුවක ප්‍රකාශන පෙන්නන ක්‍රම දෙකක් තියෙනවා. දැක්ම කියන තැන ඒ ක්‍රම දෙක පෙන්නලා තියෙනවා.

පුංචි කොටු හතරක් තියෙන තැන ක්ලික් කළාම ප්‍රකාශන හරස් අතට පෙළගස්වලා තියෙන විදිහ දකින්න පුළුවන්.

ඉරි කෑලි තුනක් තියෙන තැන ක්ලික් කළාම ප්‍රකාශන ඉහළ සිට පහළට ලැයිස්තුවක ආකාරයෙන් පෙළගස්වලා තියෙන විදිහ දකින්න පුළුවන්.

හැම ප්‍රකාශනයකම මුල් පිටුව, මාතෘකාව සහ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ක්‍රම පෙන්නලා තියෙනවා.

මාතෘකාව ක්ලික් කළාම ඒ ප්‍රකාශනය ඔන්ලයින් කියවන්න පුළුවන්.

ප්‍රකාශනයේ මාතෘකාව යටින් තියෙන පිටුවක හැඩය ඇති තැන ක්ලික් කරලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

සමහර ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදි කීපයක්ම තියෙනවා. උදාහරණයකට සමහර ඒවා PDF විදිහටත් JWPUB විදිහටත් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම සමහර ප්‍රකාශන විශාල අකුරෙන් ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්.

අවශ්‍ය ෆෝමැට් එක ක්ලික් කරලා ප්‍රකාශනය ඩවුන්ලෝඩ් කරගන්න ඔයාට පුළුවන්.

ඒ ප්‍රකාශනයේ ඕඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න හෙඩ්සෙට් එකක් තියෙන තැන ක්ලික් කරන්න. ඊටපස්සේ කැමති ඕඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න.

වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න වීඩියෝ අයිකන් එක ක්ලික් කරන්න.