Skip to content

2015 මැයි 7
ඇංගෝලාව

ඇංගෝලාවේ ජලගැලීම්වලට ගොදුරු වූ අයට සාක්ෂිකරුවන් සහන සපයයි

ඇංගෝලාවේ ජලගැලීම්වලට ගොදුරු වූ අයට සාක්ෂිකරුවන් සහන සපයයි

ලොබිටෝවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානයේ අඩි 2ක් තරම් උසට මඩ සහ වතුර පිරිලා තිබුණා.

ඇංගෝලාවේ ලුවාන්ඩා - 2015 මාර්තු 11වෙනිදා ඉඳලා කඩා වැටුණු මහ වැස්ස නිසා බෙන්ගුයිලා කියන පළාතේ 85දෙනෙක් මරණයට පත් වුණා. නිවාස 119කට හානි සිද්ධ වුණා. බෙන්ගුයිලා තියෙන්නේ ඇංගෝලාවේ අගනුවර වන ලුවාන්ඩාවල ඉඳලා කිලෝමීටර් 500ක් විතර දුරින්. කිසිම සාක්ෂිකරුවෙක් මිය ගියේ නැහැ කියලා ඇංගෝලාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය වාර්තා කෙරුවා. ඒත් සාක්ෂිකරුවන්ගේ නිවාස 11ක් නම් කැඩී බිඳී ගියා. මේ විපතේදී ලොබිටෝවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානයක් ඉතුරු වුණා.

ඊළඟ දවසේ සාක්ෂිකරුවන් සහන සේවා කමිටුවක් පිහිටුවලා සහන සේවා සපයන්න සැලසුම් යෙදුවා. ඔවුන් සෙසු නමස්කාරකයන්ට විතරක් නෙමෙයි සාක්ෂිකරුවන් නොවන අයටත් උපකාර කෙරුවා. ලොබිටෝවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානයේ අඩි 2ක් තරම් උසට මඩ සහ වතුර පිරිලා තිබුණා. උදව්වට ආපු අය ඒවා ඉවත් කරලා සති අන්තයේදී රැස්වීම් පවත්වන්න පුළුවන් විදිහට අලුත්වැඩියා කෙරුවා. විපතට පත් වුණ සාක්ෂිකරුවන්ට දෙවිගේ වචනයෙන් සහනය ලබා දෙන්නත් දිරිගන්වන්නත් ඇංගෝලාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ නියෝජිතයන් ලුවාන්ඩාවල ඉඳලා දුර කතර ගෙවාගෙන ලොබිටෝවලට ආවා.

ලොබිටෝවල හානියට ලක් වුණ නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරලා අලුත්වැඩියා කරන්න ඒ පළාතේ සාක්ෂිකරුවන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා.

ඇංගෝලාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව නියෝජනය කරන ටොඩ් පෙකම් මෙහෙම කියනවා. “ගංවතුරෙන් විපතට පත් වුණ අය ගැන අපි හුඟක් කනගාටු වෙනවා. ඇංගෝලාවේ ශාඛා කාර්යාලය හානියට ලක් වුණ ප්‍රදේශයේ ඉන්න අයට දිගටම සහන සේවා සපයමින් ඉන්නවා.”

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

ඇංගෝලාව: ටොඩ් පෙකම්, විමසීම්: +244 222 460 192