Skip to content

2016 නොවැම්බර් 1
ඉතාලිය

භූමිකම්පාවලින් මධ්‍යම ඉතාලිය සෙලවයි

භූමිකම්පාවලින් මධ්‍යම ඉතාලිය සෙලවයි

2016 ඔක්තෝබර් 30වෙනිදා උදෑසන, මධ්‍යම ඉතාලිය හෙලවිලා ගියා. ඒ රික්ටර් මාපාංක 6.6ක දරුණු භූමිකම්පාවක් සිදු වීමත් සමඟයි. 1980න් පස්සේ ඉතාලියට බලපාපු ප්‍රබලතම භූමිකම්පාව ඒකයි. 20දෙනෙක් විතර තුවාල වුණත් දැනට ලැබිලා තියෙන වාර්තාවලට අනුව කිසිම ජීවිත හානියක් සිදු වෙලා නැහැ.

මේ භූමිකම්පාවේ කේන්ද්‍රය පිහිටලා තිබුණේ නෝර්චා නගරය ආසන්නයේ. ඒ ප්‍රදේශයේම ඊට දින කිහිපයකට කලින් භූමිකම්පා දෙකක් සිදු වුණා. ඒ 2016 ඔක්තෝබර් 26වෙනිදා සවස. මුල් භූමිකම්පාව රික්ටර් මාපාංක 5.5ක් ලෙසත් ඊට පැය දෙකකට පස්සේ ඇති වුණ එක 6.1ක් ලෙසත් සටහන් වුණා.

අගෝස්තු 24වෙනිදා භුමිකම්පාව සිදු වුණෙත් මේ ප්‍රදේශය ආසන්නයේ. ඒකෙන් 300දෙනෙක් විතර මිය ගියා.

ඒ සිද්ධියෙන් කිසිම සාක්ෂිකරුවෙක් මිය ගියේ හෝ බරපතළ තුවාල ලැබුවේ නැහැ කියලයි ඉතාලියේ පිහිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය වාර්තා කළේ. ඒත් ඔක්තෝබර් 26වෙනිදා සිදු වුණ භූමිකම්පාවලින් අඩුම තරමින් සාක්ෂිකාර පවුල් දෙකකට ගෙවල් අහිමි වුණා. තවත් හුඟදෙනෙක්ගේ ගෙවල්වලට හානි සිදු වුණා. ඒ සාක්ෂිකරුවන්ගේ අවශ්‍යතා ගැන ඒ ප්‍රදේශවල ඉන්න වැඩිමහල්ලන් සොයා බලනවා. විශේෂයෙන්ම අගෝස්තු මාසයේ සිදු වුණ භූමිකම්පාවේ බලපෑමෙන් හුඟදෙනෙක් තවමත් ගොඩ ඇවිත් නැහැ. ඒ නිසා එයාලට මතු වෙන අලුත් ගැටලු ගැනත් වැඩිමහල්ලන් සොයා බලනවා. භූමිකම්පාවට ගොදුරු වුණ වෙනත් අය වගේ ගොඩක් සාක්ෂිකරුවනුත් ඉන්නේ එයාලගේ ගෙවල් දොරවල් භූමිකම්පාවලට ඔරොත්තු දෙයිද නැද්ද කියන සැකයෙන්. ඒ නිසා එයාලා රෑට නිදාගන්නේ තමන්ගේ කාර්වල, කූඩාරම්වල නැත්නම් ඒ ප්‍රදේශවල තියෙන එයාලගේ නමස්කාර මධ්‍යස්ථානවල.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය, ලෝක ව්‍යාප්ත සේවය සඳහා සාක්ෂිකරුවන්ට ලැබෙන සම්මාදම් යොදාගෙන ලෝක මූලස්ථානයේ සිට සහන සේවා කටයුතු සංවිධානය කරනවා. ඉතාලියේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 2,51,000කට වඩා ඉන්නවා.

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ඩේවිඩ් ඒ. සෙමොනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: 1-718-560-5000

ඉතාලිය: ක්‍රිස්ටියන් ඩි බ්ලාසියෝ, 39-06-872941