Skip to content

2017 මාර්තු 10
ඉතාලිය

මධ්‍යම ඉතාලියේ හිම කන්දක් කඩා වැටෙයි

මධ්‍යම ඉතාලියේ හිම කන්දක් කඩා වැටෙයි

2017 ජනවාරි 18වෙනි බදාදා මධ්‍යම ඉතාලියේ ආබෘසෝ ප්‍රදේශයට හිම කන්දක් කඩා වැටුණා. නවාතැන් අරන් හිටපු 30දෙනෙක් එක්ක හෝටලයක් ඒ හිම කන්දට සම්පූර්ණයෙන්ම යට වුණා. ඒ දවසේම ප්‍රබල භූ කම්පන 4කුත් ඒ ප්‍රදේශයේ ඇති වුණා. ඒ හැම එකක්ම රික්ටර් මාපක 5.0කට වඩා වැඩියි. ඊට කලින් සතියේ ප්‍රදේශයට ඇද හැළුණු දරුණු හිම පතනය නිසා සහන සේවකයන්ගේ වැඩවලට බාධා ඇති වෙලා. නගර කිහිපයකම විදුලිය ඇනහිටිලා තියෙන නිසා ඒ නගරවලට යන්න විදිහකුත් නැහැ. පහුගිය අගෝස්තු මාසයේදී දරුණු භූමිකම්පාවක් ඇති වුණෙත් ඒ ප්‍රදේශයේමයි.

දැනට ලැබිලා තියෙන වාර්තාවලට අනුව කිසිම සාක්ෂිකරුවෙක්ට ජීවිත හානියක්වත් බරපතළ තුවාලවත් වෙලා නැහැ කියලයි ඉතාලියේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙන් කිව්වේ. ඒ වුණත් දරුණු හිම පතනය සහ භූමිකම්පා සිදු වුණ ප්‍රදේශවල ඉන්න සාක්ෂිකරුවන් ළඟට යන්න ඔවුන් උත්සාහ කරමින් ඉන්නවා. ඒ ප්‍රදේශවල ඉන්න වැඩිමහල්ලන් සාක්ෂිකරුවන්ගේ පවුල්වලට අවශ්‍ය කෑම, වතුර, දර සහ අනිත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙමින් ඉන්නවා. ශාඛා කාර්යාලයෙනුත් සහනාධාර කටයුතු ගැන සොයා බලන අතරම අවශ්‍ය අමතර උපකාර සපයනවා.

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ඩේවිඩ් ඒ. සෙමොනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1-845-524-3000

ඉතාලිය: ක්‍රිස්ටියන් ඩි බ්ලාසියෝ, +39-06-872941