Skip to content

2014 අප්‍රියෙල් 7
උස්බෙකිස්තානය

උස්බෙකිස්තානයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට බලාපොරොත්තුවේ සේයාවක්!

උස්බෙකිස්තානයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට බලාපොරොත්තුවේ සේයාවක්!

බාධාවකින් තොරව ආගම අදහන්න උස්බෙකිස්තානයේ බලධාරීන් තමන්ට අවසර ලබා දෙයි කියලා උස්බෙකිස්තානයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. 2013දී උස්බෙකිස්තානයේ බලධාරීන් එක්ක සාකච්ඡා කරපු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නියෝජිතයෙක් වන ඊගෝ යුචෙන්කො මෙහෙම කියනවා. “උස්බෙකිස්තානයේ බලධාරීන් එක්ක අපි කරපු සාකච්ඡා නිසා තත්වය හොඳ අතට හැරෙන බවට ලකුණු තියෙනවා. ඉදිරියේදී හොඳ ප්‍රතිඵල ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

අබ්ඩුබනාබ් අක්මෙඩොව්

සාක්ෂිකරුවන් ගැන හොඳ හැඟීමක් ඇති වුණ නිසා උස්බෙකිස්තානයේ බලධාරීන් 2013 මාර්තු 2වෙනිදා අවුරුදු හයහමාරක හිර දඬුවමක් නියම වෙලා හිටිය අබ්ඩුබනාබ් අක්මෙඩොව්ව අවුරුදු හතරහමාරකින් නිදහස් කෙරුවා. ඔහු, ආගමික කටයුතු කරගෙන ගිය නිසා හිරේට ගිය තුන්දෙනාගෙන් එක් කෙනෙක්. අනිත් සාක්ෂිකරුවන් දෙන්නාව නිදහස් කෙරුවේ 2012දී. මේ වෙද්දී උස්බෙකිස්තානයේ කිසිම සාක්ෂිකරුවෙක් සිරදඬුවම් විඳින්නේ නැහැ.

අක්මෙඩොව් මහතාව නිදහස් කෙරුවාට පස්සේ මානව හිමිකම්වලට ගරු කරලා වෙනසක් ඇති කරනවා කියලා උස්බෙකිස්තානයේ බලධාරීන් පොරොන්දු වුණා. ආගමික නිදහස ලබා දෙන්නත් අසාධාරණයක් නොකර පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට තමන්ගේ ආගම අදහන්නත් ඉඩ දෙන්න කැමතියි කියලා උස්බෙකිස්තාන රජය, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සාමාජික රටවල මානව හිමිකම් ගැන සොයා බලන කණ්ඩායමට 2013 ජූලි 5වෙනිදා දැනුම් දුන්නා.

අලුත් සභා ලියාපදිංචි කරන්න දරන වෑයම

දැනට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ එක සභාවක් විතරයි උස්බෙකිස්තානයේ ලියාපදිංචි කරලා තියෙන්නේ. ඒක තියෙන්නේ ටෂ්කන්ට් කියන පළාතේ චුචික් කියන නගරයේ. ඒත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් හුඟදෙනෙක් ඉන්නේ වෙනත් ප්‍රදේශවල. 1996 ඉඳලා අලුත් සභා ලියාපදිංචි කරන්න හැකියාවක් ලැබිලා නැති හින්දා ඔවුන් නමස්කාරය සඳහා එක් රැස් වෙන්නේ නීතිමය ආරක්ෂාවක් නැති දඬුවම් ලැබීමේ අවදානම් තත්වයක් යටතෙයි. යුචෙන්කො මහතා මෙහෙම කිව්වා. “උස්බෙකිස්තානය පුරා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභා ලියාපදිංචි කරන්න නීතික අවසරයක් ලබාගන්න බලධාරීන් එක්ක කරන සාකච්ඡාවන් මඟ පාදයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට උස්බෙකිස්තානයේ සාමකාමීව නමස්කාර කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ වගේම උස්බෙකිස්තානයේ බලධාරීන් සාක්ෂිකරුවන්ගේ අලුත් සභා ලියාපදිංචි කරයි කියලත් බලාපොරොත්තු වෙනවා.