Skip to content

2014 මැයි 13
එක්සත් ජනපදය

එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ප්‍රාන්තවලට හැමූ සුළි කුණාටු

එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ප්‍රාන්තවලට හැමූ සුළි කුණාටු

2014 අප්‍රියෙල් 27වෙනිදා ඉඳන් තිබුණු අයහපත් කාලගුණික තත්වයක් නිසා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ප්‍රාන්තවල දරුණු ටොනෙඩෝ සුළි කුණාටු ඇති වුණා. මේ සුළි කුණාටුවලින් ගෙවල් විනාශ වුණු අතර 30දෙනෙකුට වඩා වැඩි ගණනකගේ ජීවිත අහිමි වුණා කියලා වාර්තා වෙනවා. සාක්ෂිකරුවන් කිසිකෙනෙක්ට තුවාල වුණේවත් ජීවිතයට හානියක් සිද්ධ වුණේවත් නැහැ කියලා එක්සත් ජනපදයේ ශාඛා කාර්යාලයෙන් පැවසුවා. ඒත් නිවාස හතකට හා නමස්කාර මධ්‍යස්ථාන තුනකට අලාභ හානි සිද්ධ වුණා කියලා ඔවුන් කිව්වා. සුළි කුණාටුවෙන් විපතට පත් වූ අයට ඒ ප්‍රාන්තයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ විවිධ කමිටුවල ඉන්න ස්වේච්ඡා සේවකයන් අවශ්‍ය උපකාර ලබාදෙනවා.

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000