Skip to content

2014 සැප්තැම්බර් 25
එක්සත් ජනපදය

ජාත්‍යන්තර සමුළු ගැන තොරතුරු: සාක්ෂිකරුවන් මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේ ඉතිහාසගත වන සමුළු පවත්වයි

ජාත්‍යන්තර සමුළු ගැන තොරතුරු: සාක්ෂිකරුවන් මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේ ඉතිහාසගත වන සමුළු පවත්වයි

නිව් යෝර්ක් - 2014 ජූනි 20-22 දක්වාත් ජූනි 27-29 දක්වාත් නිව් ජර්සි, ඊස්ට් රදෆර්ඩ්වල මෙට්ලයිෆ් ක්‍රීඩාංගණය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් පිරී ඉතිරී ගියා. ඔවුන් එක්රැස් වුණේ “නොකඩවා දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න!” කියන සමුළුවලටයි. මේ ජාත්‍යන්තර සමුළු පැවැත්තුවේ ඉංග්‍රීසියෙන් සහ ස්පාඤ්ඤ භාෂාවෙන්.

මේ සති අන්ත දෙකේ එක් රැස් වුණ ඉහළම සංඛ්‍යාව 1,18,000කට වඩා වැඩියි. ඒ වගේ විශාල සමුළුවක් නිව් යෝර්ක්වල පැවැත්තුවේ මීට දශක ගණනාවකට කලින්. මේ සමුළුවේ සමහර කොටස් වීඩියෝ මාර්ගයෙන් වෙනත් නගරවල පැවැත්තුව සමුළුවලට සම්බන්ධ කළා. ඒ නගරවලත් සාක්ෂිකරුවන් 4,07,000කට වැඩි පිරිසක් රැස් වෙලා හිටියා. එහෙම බලද්දී, සමුළුවලට ආව මුළු සංඛ්‍යාව 5,25,500කට වඩා වැඩියි.

සමුළුවේ හුඟක් අංගවලට වීඩියෝ සහ නිරූපණ ඇතුළත් වුණා. ඒවායින් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න මඟ පෙන්වීම් ලැබුණා. සමුළු දෙකේ හැම දවසකම අවසාන දේශනය ඉදිරිපත් කළේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක්. ජූනි 20-22 දක්වා ඩේවිඩ් ස්ප්ලේන් විසිනුත් ජූනි 27-29 දක්වා ජෙෆ්රි ජැක්සන් විසිනුත් දේශන ඉදිරිපත් කළා.

මේ සමුළුවල බව්තීස්ම වුණ මුළු සංඛ්‍යාව 4,185ක්. ක්‍රීඩාංගනයේ 1,255දෙනෙකුත් සමුළුවට සම්බන්ධ වුණ වෙනත් නගරවල 2,930දෙනෙකුත් බව්තීස්ම වුණා.

මේ සමුළුවලට ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, බෙලිස්, බ්‍රිතාන්‍යය, චිලී, කොස්ටාරිකා, එල් සැල්වඩෝර්, ජර්මනිය, ග්‍රීසිය, ග්වාතමාලාව, හොන්ඩ්‍යුරාස්, ඉතාලිය, මලයාසියාව, මෙක්සිකෝව, නිකරගුවාව, පැනමා, පේරූ, ස්පාඤ්ඤය සහ වෙනිසියුලාව යන රටවලින් විශාල පිරිසක් ඇවිත් හිටියා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ නියෝජිතයෙක් වන ජේ. ආර්. බ්‍රවුන් මෙහෙම කියනවා. “මේ සමුළුව අපිට 1958 නිව් යෝර්ක්වල පැවැත්තුව ඉතිහාසගත වුණ සමුළුව මතක් කරලා දෙනවා. එදා යැංකි ක්‍රීඩාංගණයයි ඒ ළඟම තිබුණ පෝලෝ ක්‍රීඩා පිටියයි 2,53,000කට වැඩි පිරිසකගෙන් පිරී ගියා. මේ අවුරුද්දේ මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේ තිබුණ සමුළුවලට ආපු ගණන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසයේ නව පිටුවක් පෙරළෙන අවස්ථාවක් වෙයි.”

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000