Skip to content

2017 මැයි 11
එක්සත් ජනපදය

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අලුත් ලෝක මූලස්ථානය නරඹන්න මහජනයාට කළ ආරාධනය 400දෙනෙක් විතර පිළිගත්තා

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අලුත් ලෝක මූලස්ථානය නරඹන්න මහජනයාට කළ ආරාධනය 400දෙනෙක් විතර පිළිගත්තා

නිව් යෝර්ක් - වෝර්වික්වල අලුතෙන් හදපු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය නරඹන්න එන්න කියලා ප්‍රදේශවාසීන්ට සහ ඉදි කිරීම් වැඩවලට සහය දුන්න අයට විශේෂ ආරාධනයක් කළා. ඒකට දවස් 2ක් වෙන් කළා. ඒකේ පළවෙනි දවස පහුගිය සෙනසුරාදා. ලෝක මූලස්ථානයේ ගොඩනැඟිලි භාරව කටයුතු කරන ට්‍රොයි ස්නයිඩ ඒ ගැන මෙහෙම කිව්වා. “සාමාන්‍යයෙන් සතියේ හැම දවසකම 1,150දෙනෙක් විතර අපේ මූලස්ථානය නරඹන්න එනවා. ඒත් මේ සති අන්ත 2 විශේෂයෙන්ම වෙන් කළේ සාක්ෂිකරුවන් නොවන අපේ අසල්වාසින්ට සහ ඉදි කිරීම් වැඩවලදී අපිට සහය දුන්න අය වෙනුවෙන්. අපිටඕනෙ වුණේ අපේ ස්තුතිය එයාලට පිරිනමන්න.”

ඒ වැඩසටහනට සෙනසුරාදා දවසේ 395දෙනෙක් සහභාගි වුණා. ඒකට ප්‍රදේශවාසීන් 205දෙනෙක්, විකුණුම්කරුවන් සහ ගොඩනැඟිලි ඉදි කරන්නන් 190දෙනෙක් ඇතුළත්. ආපු හැමෝම පොඩි සංග්‍රහයක් භුක්ති වින්දාට පස්සේ ලෝක මූලස්ථානය නැරඹුවා. ඒකට වීඩියෝ දර්ශනයක් සහ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් ඇතුළත් වුණා. ඒ හැම දේටම විනාඩි 40ක් ගත වුණා.

ටක්සීඩෝ පාක්වල තුරුලිය සුරැකීමේ මණ්ඩලයේ සාමාජිකයෙක් වන ක්‍රිස්ටෝෆර් ගාව්.

ටක්සීඩෝ පාක්වල පදිංචි ක්‍රිස්ටෝෆර් ගාව් මෙහෙම කිව්වා. “මම ආරාධනය පිළිගත්තේ සතුටින්. මෙතන දැක බලා ගන්න මම හිටියේ ලොකු කැමැත්තකින්. ඉදි කිරීම් වැඩේ ගැන මං දැනගෙන හිටියා. ඒත් ඒකෙන් අවට අයට කිසිම කරදරයක් වුණේ නෑ. වැඩිය සද්ද බද්ද ඇහුණෙත් නෑ. ඇත්තටම එහෙම වැඩක් වෙනවාද කියලා අපිට දැනුණේවත් නැහැ.”

සාක්ෂිකරුවන් එයාලගේ අලුත් ලෝක මූලස්ථානය ඉදි කළේ ස්ටර්ලින් ෆොරස්ට් විල ළඟ නිසා ප්‍රදේශවාසීන් හුඟදෙනෙක් විශේෂයෙන්ම ආවේ සාක්ෂිකරුවන් පරිසරය ගැන කොච්චර දුරට සැලකිලිමත් වෙලා තියෙනවාද කියලා බලන්නයි.

නිව් යෝර්ක් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා සම්බන්ධ ආචාර්යවරයෙක් සහ වෝර්වික් නගරය පිළිබඳ ඉතිහාසඥයෙක් වන රිචඩ් හල්.

මූලස්ථානය නරඹන්න ආපු තවත් කෙනෙක් තමයි නිව් යෝර්ක් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා සම්බන්ධ ආචාර්යවරයෙක් වන රිචඩ් හල්. එයා ජීවත් වුණේ වෝර්වික් ප්‍රදේශයේමයි. එයා වෝර්වික් නගරය පිළිබඳ ඉතිහාසඥයෙක්. එයා මෙහෙම කිව්වා. “මං මේ ප්‍රදේශය ගැන අවුරුදු පනහකටත් වඩා අධ්‍යයනය කරනවා. අවට පරිසරයට කිසිම හානියන් වෙන්නේ නැති විදිහට සාක්ෂිකරුවන් ලස්සනට ඉදි කිරීම් වැඩේ කරලා තියෙනවා. එයාලා වනජීවීන් ගැනත් සැලකිලිමත් වෙලා තියෙනවා.”

ක්‍රිස්ටෝෆර් ගාව් ටක්සීඩෝ පාක්වල තුරුලිය සුරැකීමේ මණ්ඩලයේ සාමාජිකයෙක්. එයා මේ වගේ දෙයකුත් කිව්වා. “හැම දෙයක්ම උසස්ම ප්‍රමිතියෙන් තියෙනවා. සාක්ෂිකරුවන් නියමෙට මේ වැඩේ කරලා තියෙනවා. පරිසරය ගැන සැලකිලිමත් වෙලා ඔයාලා ඉදි කිරීම් වැඩ කරලා තියෙන විදිහ අපිට ආදර්ශයක්.”

මඟ පෙන්වන්නෙක් එක්ක ලෝක මූලස්ථානය නැරඹුවාට පස්සේ ඇවිත් හිටපු ඕනෙම කෙනෙක්ට අවස්ථාව තිබුණා මඟ පෙන්වන්නෙක් නැතුව ප්‍රදර්ශන ශාලා 3ක් නරඹන්න. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසය සහ මෑත කාලයේ වැඩකටයුතු වෙන විදිහ ප්‍රදර්ශන ශාලා 2කින් දැක බලාගන්න පුළුවන්. පැරණි බයිබල් සහ ඒ ආශ්‍රිත ඉපැරණි භාණ්ඩ 3වෙනි ප්‍රදර්ශන ශාලාවෙන් දැකගන්න පුළුවන්.

ආචාර්ය හල් අන්තිමේදී මෙහෙම කිව්වා. “මේ ගොඩනැඟිල්ල ඉදි කරලා තියෙන්නේ නවීනතම ක්‍රම පාවිච්චි කරලා. හුඟදෙනෙක් හොඳට කල්පනා කරලා, හොඳට සැලසුම් කරලයි මේක ඉදි කරලා තියෙන්නේ කියලා නම් මට කිසිම සැකයක් නැහැ. මේ පාර මට කෞතුකාගාරය බලන්න බැරි වුණා. ඒක බලන්න මම ආයෙත් එනවා.”

ට්‍රොයි ස්නයිඩමෙහෙම කියනවා. “ප්‍රදේශවාසීන් අපිට දුන්න සහයෝගය නිසා, අපිව ආදරෙන් පිළිගත්ත නිසා අපිට ඕනෙ වුණා අපේ විශේෂ ස්තුතිය එයාලට දෙන්න. අපි මේ සති අන්ත දෙකේ කරන විශේෂ වැඩසටහන වෙන් කළේ සාක්ෂිකරුවන් නොවන අපේ අසල්වැසියන් වෙනුවෙන්.” ආරාධානවක් ලැබුණ, එහෙම නැත්නම් මේ ප්‍රදේශයේ ඉන්න කෙනෙක්ට ගිය සෙනසුරාදා මේ විශේෂ වැඩසටහනට සහභාගි වෙන්න බැරුව ගියා නම් ලබන සෙනසුරාදා ඒ කියන්නේ අප්‍රියෙල් 29වෙනිදා එන්න පුළුවන්. උදේ 10.00 ඉඳලා හවස 4 වෙන කල් ආරාධනය විවෘතයි.

මාධ්‍ය ප්‍රකාශක:

ඩේවිඩ් ඒ. සෙමොනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1-845-524-3000