Skip to content

2014 මාර්තු 28
එක්සත් ජනපදය

වොෂිංටන් ජනපදයේ සිදු වූ දරුණු නාය යෑම

වොෂිංටන් ජනපදයේ සිදු වූ දරුණු නාය යෑම

2014 මාර්තු 22වෙනිදා ඇමරිකාවේ වොෂිංටන් ජනපදයේ දරුණු නාය යෑමක් සිද්ධ වුණා. සැතපුමක් තරම් පළලට ගලාගෙන ආපු මඩ තට්ටුවලින් ගෙවල් යට වුණා. 17දෙනෙක්ගේ ජීවිත අහිමි වෙලා කියලත් 90දෙනෙක් අතුරුදහන් කියලත් ඒ ගැන සොයා බලන නිලධාරීන් පැවසුවා. එක්සත් ජනපදයේ ශාඛා කාර්යාලයෙන් කිව්වේ අතුරුදහන් වූ අය අතරේ එක් සාක්ෂිකාරියක්ද ඉන්නවා කියලයි. ඒ වගේම සාක්ෂිකාර යුවළකට ඔවුන්ගේ දුවත් මීමිනිබිරියත් අහිමි වුණා. සාක්ෂිකරුවන් දෙන්නෙක්ට ඔවුන්ගේ නිවෙස් අත්හැරලා යන්න සිද්ධ වුණා. තවත් සාක්ෂිකරුවෙක්ගේ ගෙයක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඒ ප්‍රදේශයේ සභාවල වැඩිමහල්ලන් විපතට මුහුණ දුන් අයට අවශ්‍ය සහනය හා උපකාරය ලබා දෙනවා.

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000