Skip to content

2015 පෙබරවාරි 27
එක්සත් ජනපදය

හරිත ගොඩනැඟිලි වෙනුවෙන් සාක්ෂිකරුවන්ට විශිෂ්ට සම්මාන!

හරිත ගොඩනැඟිලි වෙනුවෙන් සාක්ෂිකරුවන්ට විශිෂ්ට සම්මාන!

නිව් යෝර්ක් - යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව ප්‍රසිද්ධ, බයිබලයේ තියෙන දැනුම ලබා දෙන අය හැටියට වුණත් පරිසර හිතකාමී ගොඩනැඟිලි නිර්මාණය කරන අය හැටියටත් ඔවුන්ට පිළිගැනීමක් ලැබිලා තියෙනවා.

නිව් යෝර්ක් වෝල්කිල්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ එක්සත් ජනපදයේ ශාඛා කාර්යාලය මගින් 2012දී ඉදි කරපු වොච්ටවර් ෆාම්ස් F නේවාසික ගොඩනැඟිල්ලටත් 2014දී ඉදි කරපු වොච්ටවර් වෝල්කිල් කාර්යාල ගොඩනැඟිල්ලටත් GBI සංවිධානයෙන් (Green Building Initiative) විශිෂ්ට සහතික ලබා දුන්නා. ඒ ගොඩනැඟිලි දෙකටම Four Green Globes කියන විශිෂ්ට සම්මානය හිමි වුණා.

වොච්ටවර් වෝල්කිල් කාර්යාල ගොඩනැඟිල්ල

GBI සංවිධානයේ වෙළඳ අධ්‍යක්ෂිකා ෂයිනා සලවන් මහත්මිය කිව්වේ මෙහෙමයි. “Four Green Globes කියන විශිෂ්ට සම්මානය ලැබිලා තියෙන්නේ මේ වැඩසටහනට ඇතුළත් කරපු ලෝකේ පුරා තියෙන ගොඩනැඟිලිවලින් සියයට 4කටත් වඩා අඩුවෙන්.” සලවන් මහත්මිය තවදුරටත් කිව්වේ වොච්ටවර් වෝල්කිල් කාර්යාල ගොඩනැඟිල්ල “නිව් යෝර්ක් ප්‍රාන්තයේ මේ වගේ ලකුණු ලබාගත්ත මුල්ම කාර්යාල ගොඩනැඟිල්ල” කියලයි. GBI සංවිධානයේ ව්‍යාපෘති කළමනාකාරිණිය වන ජෙනා මිඩෝත් මෙහෙම කිව්වා. “2006 ඉඳලා එක්සත් ජනපදයේ Four Green Globes කියන සහතිකය පිරිනමලා තියෙන ගොඩනැඟිලි 23න් වොච්ටවර් වෝල්කිල් කාර්යාල ගොඩනැඟිල්ලට සියයට 94ක ඉහළම ලකුණු සංඛ්‍යාවක් ලැබුණා.”

වොච්ටවර් ෆාම්ස් F නේවාසික ගොඩනැඟිල්ල

GBI සංවිධානයෙන් ඒ සහතිකපත් ලබා දුන්නේ පරිසරයට හිතකාමී නිර්මාණ ඇගයීමේ සැලැස්මක් හැටියටයි. Green Globes කියන සහතිකය ලබාගන්න නම් ජල පරිපාලනය, බලශක්තිය වැය වීම අවම කිරීම, පිට කරන හරිතාගාර වායූන් අවම කිරීම, ස්වාභාවික සම්පත්වලට හානියක් නොවන නිසි අමුද්‍රව්‍යය තෝරාගැනීම, ගොඩනැඟිලි තුළ සෞඛ්‍යයට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම යන දේවල් සැලකිල්ලට අරන් ඒ ගොඩනැඟිලි ඉදි කරලා තියෙන්න අවශ්‍ය වුණා.

වොච්ටවර් වෝල්කිල් කාර්යාල ගොඩනැඟිල්ලට අවශ්‍ය විදුලි බලයෙන් සියයට 10ක්ම නිපදවාගන්නේ සූර්ය ශක්තියෙන්. පරිසර හිතකාමී ඒ ක්‍රමය සම්මාන ලැබීමට හේතුවක් වුණා.

එක්සත් ජනපදයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පරිසර හිතකාමී කාර්යාල නිර්මාණය කිරීමේ සම්බන්ධීකාරක ඩේවිඩ් බීන් මෙහෙම කියනවා. “මේ සම්මාන ලැබුණ එකෙන් තහවුරු වෙන්නේ අපේ සියලුම ගොඩනැඟිලි සහ ඉදි කිරීම් ඉහළම තත්වයෙන් තියාගන්න අපි උත්සාහ කරනවා කියලයි. නිව් යෝර්ක් වෝර්වික්වල අලුත් ලෝක මූලස්ථානය නිර්මාණය කරද්දිත් අපි වෑයම් කරන්නේ Green Globes කියන සහතිකය ලබාගන්න පුළුවන් විදිහට ගොඩනඟන්නයි.”

පැළ සිටුවා සකස් කළ පරිසර හිතකාමී වහලක්. සාක්ෂිකරුවන්ගේ නිව් යෝර්ක්, වෝර්වික්වල අලුතෙන් ඉදි කරන ලෝක මූලස්ථානයේ.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලොව පුරා ඉදි කිරීමේ ව්‍යාපෘතිවල සම්බන්ධීකාරක හැටියට ලෝක මූලස්ථානයේ සේවය කරන සෙනී සෙන්ට් ජීන් මෙහෙම කියනවා. “අපේ මූලික අරමුණ අනිත් අයට බයිබලයේ දැනුම ලබා දෙන එක වුණත් ලෝකේ පුරා අපි ඉදි කරන ගොඩනැඟිලි පරිසර හිතකාමී ඒවා කරන්න අපි දරන උත්සාහය වෙනුවෙන් දෙන මේ සම්මාන අපි හුඟක් අගය කරනවා.”

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000