Skip to content

2016 මැයි 6
එක්සත් ජනපදය

සාක්ෂිකරුවන් බෘක්ලින් හයිට්ස්වල තිබූ තමන්ගේ පැරණිම ගොඩනැඟිල්ල විකුණයි

සාක්ෂිකරුවන් බෘක්ලින් හයිට්ස්වල තිබූ තමන්ගේ පැරණිම ගොඩනැඟිල්ල විකුණයි

නිව් යෝක් – 2016 අප්‍රියෙල් 26වෙනිදා නිව් යෝර්ක්වල බෘක්ලින් නගරයේ අංක 124 කොලම්බියා හයිට්ස් ගොඩනැඟිල්ල සාක්ෂිකරුවන් විකුණුවා. වර්ග අඩි 1,52,000කට වැඩි ඒ නේවාසික ගොඩනැඟිල්ල තිබුණේ බෘක්ලින් හයිට්ස් පාරේ උතුරු ප්‍රවේශය ආසන්නයේ. ඒ ගොඩනැඟිල්ල මුදුණේ තමයි කවුරුත් දන්නා විශාල වොච්ටවර් ලාංඡනය සවි කරලා තිබුණේ. 2015 දෙසැම්බර් මාසෙදි ඒක විකුණන්න දැම්මා. තරඟකාරී වෙන්දේසියකින් පස්සේ සාක්ෂිකරුවන්ගේ මුල්ම ගොඩනැඟිල්ල මිල දී ගත් ගැණුම්කරුවාවම තෝරාගත්තා.

අංක 122-124 කොලම්බියා හයිට්ස් ගොඩනැඟිලි සාක්ෂිකරුවන් අලුත්වැඩියා කරන්න කලින්.

අංක 124 කොලම්බියා හයිට්ස්හි තිබුණ පැරණි තට්ටු හතරේ බ්‍රවුන්ස්ටෝන් ගලින් තැනූ ගොඩනැඟිල්ල, 1856 සිට 1881 දක්වා ප්ලිමත් පල්ලියේ දේවගැතිවරයා වගේම කලු ජාතිකයන්ව නිදහස් කරන්න වෙහෙසුණ හෙන්රි වෝඩ් බීචර් කියන තැනැත්තාගේ නිවසයි. එම ඉඩමේ ඓතිහාසික වැදගත්කම ගැන ‘ද නිව් යෝර්ක් ටයිම්ස්’ සඟරාවේ මෙහෙම වාර්තා කරලා තිබුණා. “වහලුන් නිදහස් කිරීමේ ප්‍රකාශය (විමුක්ති ප්‍රකාශය) අත්සන් කරන්න කලින් ජනාධිපති ලින්කන් බීචර් මහතාව හමු වෙන්න ගියේ මේ නිවසට.” 1909දී සාක්ෂිකරුවන් ඒ ගොඩනැඟිල්ලත් පස්සේ ඒකට යාබද ගොඩනැඟිලි කිහිපයකුත් මිල දී අරගෙන ලොකු ප්‍රදේශයක් ආවරණය වන තරමට තට්ටු 10ක විශාල ගොඩනැඟිල්ලක් ඉදි කළා.

සාක්ෂිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශකයෙක් වන රිචඩ් ඩිවයින් කිව්වේ මෙහෙමයි. “අංක 124 කොලම්බියා හයිට්ස් කියන්නේ අපේ සංවිධානයේ පාරම්පරික ගොඩනැඟිලිවලින් එකක් කිව්වොත් හරි. 1909 ඉඳලා අපේ ලෝක මූලස්ථානයේ සේවය කරපු අය නතර වෙලා හිටියේ ඒකේ. 1929 ඉඳලා 1957 වෙනකල් අවුරුදු 4ක් හැරෙන්න අපේ පරණ ගුවන්විදුලි සේවය විකාශනය වුණෙත් එතන ඉඳලා. WBBR නමින් හැඳින්වුණ ඒ සේවයෙන් බයිබල් දේශන වගේම තවත් වැඩසටහන් විකාශනය වුණා.”

1950 ගණන්වල අංක 124 කොලම්බියා හයිට්ස්වල තිබුණු සාක්ෂිකරුවන්ගේ WBBR ගුවන්විදුලි සේවාව විකාශනය වුණ ස්ටූඩියෝ එක.

සාක්ෂිකරුවන් බෘක්ලින් හයිට්ස්වලට ඇවිත් දැනට අවුරුදු 100කට වඩා වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. ඒත් 1880 ගණන්වල වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයිටි යනුවෙන් ලියාපදිංචි කරපු ඔවුන්ගේ මුල්ම මූලස්ථානය පිහිටෙව්වේ පෙන්සිල්වේනියාවේ ඇලගනිවල (දැන් පිට්ස්බර්ග්වල කොටසක්). සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ මාධ්‍ය ප්‍රකාශකයෙක් වන ඩේවිඩ් ඒ. සෙමොනියන් මෙහෙම කිව්වා. “අපේ ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපන වැඩකටයුතු පුළුල් කරන්න වගේම වේගවත් කරන්න බෘක්ලින් වගේ වරාය නගරයකට 1909 වගේ කාලෙදී මාරු වෙන එක අත්‍යවශ්‍ය දෙයක් වුණා.”

ආයෙමත් සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය තියෙන තැන මාරු කරන්න යනවා. ඒ නිව් යෝර්ක්වල වෝර්වික් ප්‍රදේශයට. එතන අක්කර 50ක විතර ඉඩමක ඔවුන්ගේ ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීමේ වැඩකටයුතු ළඟදීම අවසන් වෙන්න නියමිතයි. සෙමොනියන් මහතා මෙහෙමත් කිව්වා. “අපේ අවශ්‍යතාවලට ගැළපෙන විදිහට ඉදි කරපු තැනකට යන එක තමයි දැන් අපිට තියෙන ලොකුම අවශ්‍යතාවය. අවුරුදු 100කට වැඩි කාලයක් අපි බෘක්ලින්වල හිටියා තමයි. ඒත් ඉදිරියේදී අපේ නිවහන වෙන්න යන්නේ වෝර්වික්. ඒක අපේ ඉතිහාසයේ අලුත් යුගයක ආරම්භයක්.”

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ඩේවිඩ් ඒ. සෙමොනියන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1-718-560-5000